රොමේෂ් මධුෂංඛ
මන්නාරම් සතොස ගොඩනැගිල්ල ආසන්නයේ හමු වූ සමූහ මිණිවලේ ඉදිරි කැණීම් කටයුතු සඳහා අවශ්‍ය විශේෂඥ පරික්ෂණය හේතුවෙන් ඉදිරි විමර්ශනවලට දේශීය හා විදේශීය මාධ්‍යට මන්නාරම් අධිකරණයෙන් තහනම් නියෝගයක් පනවා ඇත.
මන්නාරම මහෙස්ත්‍රාත් ටී.ජී. ප්‍රභාකරන් මහතා විසින් අදාළ නියෝගය ලබා දී ඇති අතර යම් හෙයකින් කැණීම් මාධ්‍යට වාර්තා කිරීමට නම් නිසි අවසරයක් ගත යුතු බව එම නියෝගයේ සඳහන්ව ඇත.
අදාළ මහෙස්ත්‍රාත් නියෝගය මෙසේය.
‘සියලුම දේශීය ,විදේශීය මාධ්‍ය වේදීන් වෙත, (විද්‍යුත්,මුද්‍රිත හා සමාජ ජාලා)
මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයේ බී.232 /2018 දරණ නඩුවට අදාළ කැණීම් සිදු කරන භූමිය වෙත ඇතුල්වීම, ඡායාරූප ගැනීම් හා දර්ශන පටිගත කිරීම තහනම් කරමින් නිකුත් කරනු ලබන නියෝගයයි.
මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයේ බී.232/ 2018 දරණ නඩුවට අදාළව ඉදිකිරීමට යෝජිත සතොස භූමියේ කැණීම් සිදු කිරීමේදී අස්ථි කොටස් කිහිපයක් හමු වී ඇති අතර ඒ සම්බන්ධව විශේෂඥ මතයක් අනාවරණය කර ගැනීම සඳහා කැණීම් තවදුරටත් සිදු කෙරිමින් පවති.
මෙම කැණීම් වලට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බැවින් ද මෙම විමර්ශනයේ ඇති ප්‍රමුඛ අවශ්‍යතාවය හේතු කරගෙන බාධාවකින් තොරව ඉදිරි විමර්ශන සාර්ථකව සිදුකරගෙන යාම සඳහා කැණිම් සිදුකරන භූමිය වෙත දේශීය හා විදේශීය මාධ්‍යවේදීන් හට (විද්‍යුත්,මුද්‍රිත හා සමාජ ජාලා) කැණීම් භාර නිලධාරීන්ගේ නිසිඅවසරයකින් තොරව කිසිදු බාහිර පුද්ගලයකුට එකී භූමිය වෙත ඇතුල් වීම ඡායාරූප ගැනීම දර්ශන පටිගත කිරීම හා කැණීම් සම්බන්ධ සම්මුඛ සාකච්ඡා ගැනීම මෙයින් තහනම් කරමි. යනුවෙනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මන් සුවයට ප්‍රාර්ථනා කරමු.
එතකොට දැන් ටික දිනකට පෙර මේ පුවත් පතේම පළවූ වාර්තාවක් අනුව මේ සියලු කැනීම් කටයුතු දැක බලා ගැනීමට හා රුප ගතකර සිනමා නිර්මාණයක් කිරීම සදහා යැයි කියමින් පැමිණි බ්‍රිතාන්‍ය ජාතික කණ්ඩායමටත් මේ වාරණය බලපානවද?