(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
ඇමෙරිකාව ඉරාන රාජ්‍යයට එරෙහිව යොදවන සම්බාධක හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළදී තෙල් මිල වැඩිවිය හැකි යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවැසීය.
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය
‘‘ගිය වසරට වඩා මෙම වසර අවසානයේ අපේ රටට විදේශ විනිමය ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
ඇමෙරිකාව ඉරානයට එරෙහිව යොදවන සම්බාධක නිසා ඊළඟ මාස කිහිපයේදී තෙල් මිල වෙනස් වීමට ඉඩ තිබෙනවා. එසේ තෙල් මිල වැඩි වුණොත් අපට ඊට මුහුණ දීමට සිදුවෙනවා.
ඇමෙරිකාව සහ චීනය අතර ඇති බදු අර්බුදයන් අපට බලපානවා.හෙට අනිද්දා ඇතිවන තත්ත්වය ගැන කියන්න බැහැ.අපි තෙල් මිලදී ගන්නේ ඉරානයෙන්.මේ තෙල් මිල වැඩිවීම කෙටිකාලීනව තිබුනොත් හොඳයි. අපටත් යම් සීමාවක් තිබෙනවා.‘‘ යැයි අගමැතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශිෂ්ඨ ප්‍රකාශයක් අගමැතිතුමනි....
ඔව් ඔව් මහත්තයෝ අපිටත් සීමාවක් තියෙනවා කියලා අමතක වෙලා මයේ හිතේ.. ලක්ෂ 62 කරපු විනාශයෙන් මුළු රටම විඳවනවා.. යුද්ධය කාලේ තෙල් බැරල් එක ඩොලර් 150ට උඩින් ගිය කාලෙකුත් තිබ්බා කියලා අමතක වුණාට අපිට මතකයි.. එ්ත් මෙහෙම නම් විඳෙව්වේ නැහැ.
දියවන්නා ඔය මඩ වගුරට අම්බරුවන් එකතු කරගන්න බැරි අය.... නං දොඩවති..
කොහොමත් මේ යන විදියට බර කරත්ත වලින් තමයි යන්න වෙන්නේ ලංකාවේ අයට..
බලේට එන්න කලින් නම් ඔය වගේ කතා කිව්වේ නැහැ. අපිට ඔය බටහිර රටවල් වලින් ඕනි දෙයක් කර ගන්න පුළුවන් කියල කිව්වේ. දැන් තමයි ඔක්කොම කණපිට යනවා කියල පෙන්නන්නේ. තව මොනවා හරි විකුනන්න වෙයිද?
අගමැතිතුමනි,දැන් කීවරක් තෙල්මිල වැඩි උනාද ? රටක තෙල්මිල මේ විදිහට වැඩිවීම සිදුවීම ඒ රටේ ජනතාවට මොන තරම් පීඩාකාරී ජීවන රටාවක් උරුම කරන්නේද ?මේ ගැන මුදල් ඇමති වරයා ඇතුළු රජය නොසිතන්නේ ඇයි ? ඔබතුමාලා බලයට ඒමට පෙර මොන තරම් පොරොන්දු දුන්නාද ? කරුණාකර තවත් චන්දයක් එන බව සිතා තෙල් මිල වැඩි නොකොට වෙනත් විකල්ප ක්‍රියා මාර්ගයකට යන්න.මුදල් ඇමති එම කාර්යයට අදක්ෂ නම් දක්ෂ වෙන අයෙකු ඒ වෙනුවට පත් කරන්න.ජනතාවට බදු බර වැඩි කිරීම,නිතර නිතර තෙල් මිල ඉහල දැමීම ආදී දේ සාධාරණ රජයකින් සිදු නොවන දේ බව සිහියට ගන්න.
බය නැති මාර අගමැති ,විශිෂ්ඨ මොලේ
මන්නාරම් ද්‍රෝණියේ අපේ ඛනිජ සම්පත් ගැන උනන්දුවෙන්න. සෝම ඩුබායි අගමැතිතුමාගේ ප්‍රකාශය වඩාත් විශිෂ්ඨ වන්නේ මන්නාරම ගැන මතක් කළා නම් පමණි.
ඔන්න පැන්නා බළලා මල්ලෙන් එළියට.
තව අවුරුදු එකහමාරයි නේ. කමක් නෑ.
ලක්ෂ 62 සතුටු වන්න. ඔබලාගේ අගමැති ඔබලා වෙනුවෙන් තෙල් මිල වැඩි කරන බව නොකියා කියයි. ඔබලා සතුටින් බදු ගෙවන්න සුදානම් වෙන්න. ඔබට සතුටුයිද දැන්...?
ඔන්න කසකාරයො...........එනවෝ
තෙල්මිල නැවත වැඩි කරයි වගේ
හැරෙනකොටම අපි දැන ගත්ත පොල් පැලේ කන්න තමයි කියලා