අංජුල මහීක වීරරත්න
සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත ඡන්ද විමසිමට ගැනීමට තිබු ඊයේ (7) සවස පාර්ලිමේන්තුවේ නොසිටි සියළු මැති ඇමැතිවරන්ගේ නාම ලේඛනයක් සභානායක කාර්යාලය විසින් අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත බාරදී තිබේ.
සභානායක කාර්යාලය විසින් ඉහත නාම ලේඛනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දැන ගැනීම පිණිස බාර දී ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලය කළ දැනුම් දීමකට අනුවය.
සාපරාධි කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත් කෙටුම්පත ඡන්ද විමසිමට ගන්නා අවස්ථාවේ දී ආණ්ඩු පක්ෂයේ ප්‍රමාණවත් මන්ත්‍රීවරුන් පිරිසක් නොසිටිම නිසා රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය,සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සභාව කල්දැමීමේ ඉල්ලීම කිරිමට පියවර ගැණිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මඩුවට ආවා කියලා රටට වෙන සෙතේ මොකක්ද ? බඩජහරිකමට ඉතාමත්ම සුළු මුදලකට ලබාදෙන අධි පොස්යදායි කෑමත් කාල කල්දේරම් වගේ තිබෙන අවලස්සන බඩවල් අතගා නිදියන එකනේ කරන්නේ මුළු රටටම පෙන්න. මොකෝ වේවැල් කෂාය දෙන්න කියලද ?
පාර්ලිමේන්තුවට නොපැමිණෙන දින වැටුප් රහිත සේ සලකා කටයුතු කලොත් හොඳයි නේද?