විනීතා එම් ගමගේ
ආර්ථිකයට අලූත් බරක් නොවන පරිදි පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ වැටුප් වැඩිකිරීම පිළිබඳ ප‍්‍රශ්නය විසඳීමට නම් කාර්යාලයීය දිමනාව ලෙස නාමකරණය කරමින් දැනටමත් ගෙවනු ලබන රුපියල් ලක්ෂයක මුදල මන්ත‍්‍රීවරුන්ගේ මූලික වැටුපට එකතු කරන ලෙස ඉල්ලා සිටින්නැයි සාධාරණ සමාජයක් සඳහා පුරවැසි හඬ සංවිධානය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරයි.
වැටුප් වැඩිකරන්නැයි ඉල්ලා සිටින නමුත් මේ වනවිටත් පාර්ලිමේන්තු සම්ප‍්‍රදායන්ට පටහැනිව හා ඒවා ඉක්මවා යමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ වැටුප් වැඩි කිරීම මේ වන විටත් සිදුකර ඇති බව ද පුරවැසි හඬ කියයි.
වැටුප වැඩිකිරීමේ පුවත හමුවේ ජනාධිපතිවරයා හා මුදල් ඇමැතිවරයා කළබල වු අයුරු මාධ්‍යවලින් දැකගත හැකි වූ බවත් එසේ කළබල වීමෙන් පෙනී යන්නේ මේ පිළිබඳව සවන්දීමට වත් ඔවුන් සූදානම් නැති බව යැයි ද සම්මතයට පටහැනිව වැටුප වැඩිකර ගනිද්දී ප‍්‍රශ්න නොවිමසාම එය අනුමත කළ ඔවුන් නීත්‍යනුකුළ පාරෙන් එම යෝජනාව එද්දී කළබල වූයේ ඇයි දැයි සිතාගත නොහැකි බව ද මේ සම්බන්ධව සාධාරණ සමාජයක් සඳහා පුරවැසි හඬ සංවිධානය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
2016 අධිකරණ කේෂ්ත‍්‍රයේ විනිසුරුවන්ගේ වැටුප් වැඩි කිරීමට සමගාමීව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ වැටුප් වැඩිකිරීමක් සිදුනොවූ බව පවසමින් මේ මොහොතේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ වැටුප් වැඩි කිරීමට ගෙන එනු ලබන යෝජනාව කොයිතරම් නිවැරදි ද යන්න පිළිබඳව තම හෘද සාක්ෂියෙන් විමසන්නැයි ද එම සංවිධානය මන්ත‍්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියි.
එම සංවිධානයේ කැඳවුම්කරු චන්ද්‍රසේන විජේසිංහ මහතාගේ අස්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මනින් මැතිවරණයක් තියන්න. ප‍්‍රශ්නය විසඳන හැටි අපි කියාදෙන්නම්.
මේ අයගේ ටිකිරි මොලේ තරම මේකෙන් පෙනෙනවා. කාර්යාල දීමනාව රුපියල් ලක්ෂය මුලික වැටුපට එකතු කලාම මැරෙනකම් පැන්ෂන් එකට ගෙවන්න වෙනවා. අනෙක කලින් හිටපු උදවියටත් ගෙවන්න වේවි. මන්ත්‍රීලගේ මුලික වැටුප ලක්ෂ එකහමාරක් විතර උනාම අනෙක් රජයේ සේවකයෝ නිකම් ඉදීවිද .
ජවිපෙ විරුද්ද වුනාද?