(සුජිත් හේවාජුලිගේ)
ජනමාධ්‍යවේදීන්ට කෙරෙන බව කියන තර්ජන පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් ලබන 9 වැනිදා පැවැත්වේ.විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරන්නේ ඒකාබද්ධ විපක්ෂයයි.
සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් ලෙස පැවැත්වෙන මෙය පස්වරු 5.30 සිට රාත්‍රී 7.30 දක්වා පැවැත්වීමට නියමිතව ඇත.ජනමාධ්‍යවේදීන්ට තර්ජන කිරීමේ සිද්ධි පහළොවක් පමණ පසුපස කාලයේ වාර්තාවේ ඇති හෙයින් එය බරපතළ තත්ත්වයක් ලෙස සලකා මෙම යෝජනාව ඉදිරිපත් කළ බව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තර්ජනය ගැන විවාදයක් ඉල්ලනවා. ගිය සමයේ මාධ්‍යවෙදීන් මරාදමපු මිනීමරුවන් තවම නිදැල්ලේ. කෝ ඒ ගැන විවාදයක් ?
ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ, කීත් නොයාර්, උපාලි තෙන්නකෝන් වගේ කට්ටිය ගැන කතා කරන්න වෙන්න ඇති මගේ හිතේ.. ඔය විවාදයක් ඉල්ලන්නේ. බොහොම අගෙයි. මේ පතෝල ආණ්ඩුව එන්න කලින් මාධ්‍ය නිදහස දොරේ ගැලුවා මතක නැද්ද? හැම වැඩසටහනක්ම අවසානයේදීම දැන් ඔය මන්ත්‍රීලා වෙලා ඉන්න කට්ටිය " තිස් අවුරුදු ශාපකාරී යුද්ධය නිමාකළ අභීත නායකයාට කළගුණ සලකන්න" කියලා උදේ හවස කිව්ව හැටි. ඒ කාලේ වගේ කිසි බයක් හැකක් නැතුව පෑන මෙහෙයවන්න, ලියන්න කියන්න, අදහස් ප්‍රකාශ කරන්න, ගින්දර වගේ ගවේෂණාත්මක වැඩසටහන් නිර්මාණය කරන්න. තමන්ට අවශ්‍ය අදහස් පමණක් "බ්‍රේකින් නිවුස්" කියල පැයෙන් පැයට ප්‍රචාරය කරන්න. දේශපාලන සාකච්ඡා කියලා තමන්ට අවශ්‍ය දේවල් පමණක් අනුමත කරන අයට හුරේ දාන්න අනිත් අය රංචු ගැහිලා පන පිටින් හම ගහන්න. එහෙම කරලා කිසි චකිතයක් නැතුව තනි පංගලමේ මහ පාරේ පයින් යන්න ඇහැකි කාලයක් නැවත ලබාගන්නනේ... ඒ ගැන කතාකල යුතුමයි.