(සුජිත් හේවාජුලිගේ)
මැති ඇමැතිවරුන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා මුදල් ප්‍රතිපාදන සලසා දෙන්නැයි මුදල් අමාත්‍යංශය ලබන සතියේදී ඉල්ලීමක් කිරීමට පාර්ලිමේන්තුව තීරණය කර ඇත.
ඊට අවශ්‍ය මූලික කටයුතු මේ දිනවල කරගෙන යන බව පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මැති ඇමැතිවරුන්ගේ වැටුප් අධිකරණවල විනිසුරුවරුන්ගේ වැටුපට සමානුපාතිකව සියයට 215 කින් වැඩි කිරීමට තීරණය ගෙන ඇත්තේ ඉකුත් ජුලි මස 17 වැනිදා රැස්වුණු පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදීය.
මේ තීරණය අනුව මැති ඇමැතිවරුන්ට හිඟ වැටුප් ද සමඟ මේ මාසයේ වැටුප් ගෙවීමට රුපියල් කෝටි 12 කට වැඩි මුදලක් වැඩි වෙතැයි ගණන් බලා ඇත.
ජනවාරියේ සිට මේ දක්වා හිඟ වැටුප් ද සහිතව වැටුප් වැඩි කිරීමේදී මන්ත්‍රීවරයකුට අමතරව රුපියල් ලක්ෂ පහක්ද නියෝජ්‍ය ඇමැතිවරයකුට රුපියල් පන්ලක්ෂ පනස් දහසක්ද ඇමැතිවරයෙකුට රුපියල් ලක්ෂ හයක්ද හිමිවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
වැඩි කෙරුණු වැටුප් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 136 දෙනාට පාර්ලිමේන්තුවේ ගිණුම් අංශයෙන් ගෙවනු ලැබේ. ඇමැතිවරුන් 41 දෙනාත් රාජ්‍ය ඇමැතිවරු 23 දෙනාත් නියෝජ්‍ය ඇමැතිවරු 22 දෙනාත් සඳහා වැටුප් වැඩි කිරීමට කතානායකවරයා අදාල අමාත්‍යංශ ලේකම්වරුන්ට දැනුම් දෙනු ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු කියති.
මැති ඇමැතිවරුන්ගේ වැටුප් වැඩි කිරීමට සම්ප්‍රධායිකව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේද වැටුප් වැඩි කෙරෙන බවත් ඒ සඳහා ද මේ දිනවල කටයුතු කෙරෙන බවත් දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මධ්‍යම පන්තිය සූරාකමින්, බදු පිට බදු ගසමින්, දඩ පිට දඩ ගසමින්, හොරුන් රැක රැක ජාතික ධනය හොරකම් කරමින් පවත්වා ගෙන යන මේ වංචාකාරී කොල්ලකාරී අකාර්යක්ෂම පාලනයට එරෙහිවිය යුතුය. කිසිම වැදගත් ආයෝජනයක් මෑතකදී ශ්‍රී ලංකාවට ලබා ගත හැකිවී නොමැත. මෙසේ මධ්‍යම පන්තියෙන් සූරාකන මුදල් ආකාර්යක්ෂම දේශපාලන්‍යයන් ගේ සුඛවිහරණයට, වැටුප් හා වරප්‍රසාද ලබා ගැනීමට ඒකමතිකව අතදිගහැර යොදවමින් පවතී.
අරයා පත්තරයෙන්වත් දැනගෙන වැඩේ නවත්වයිද දන්නේ නෑහැ.
අම්බරුවන්ට පුන්නක්කු ගන්නනේ... බයවෙන්න එපා පැය කීපයකින් අනුමැතිය ලැබෙයි.
රටේ මිනිසුන්ට තුන්වේල කා ගන්නට බැරි උනත්, මැති ඇමැති වැටුප් වැඩි කරගන්නට නම් මුදල් ඕන තරම් හොයගනී.
අධිකරණ ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ගේ වැටුප් වැඩි කිරීමට සාපේක්ෂව අමාත්‍යවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නොමැති බව කතානායක කරු ජයසූරිය මහතා පවසන බව වාර්තාවී තිබෙනවා. පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් බහුතරයකගේ අදහස් වී තිබෙන්නේ මේ මොහොතේ මැති-ඇමතිවරුන්ගේ වැටුප් වැඩි කිරීම සුදුසු නොවන බවයි. ඊයේ මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර සඳහන් කළේ මැති-ඇමතිවරුන්ට පමණක් නොව මේ මොහොතේ කිසිදු පුද්ගලයෙකුගේ වැටුප් වැඩි කිරීමට තමන්ගේ විරෝධය දක්වන බවයි. ඉහළ අධිකරණ විනිසුරුවරුන්ට වැටුප් වර්ධකයක් ලබාදෙන විට ඊට සාපේක්ෂව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේ වැටුප් ඉහළ දැමිය යුතු බවට යෝජනාවක් පාර්ලිමේන්තුවේදී සම්මත වුයේ 2006 වසරේදීය. කතානායක කාර්යාලය සඳහන් කරන්නේ මේ පිළිබඳව අවසන් තීරණය ගැනීම පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකවරුන්ගේ රැස්වීමට පැවරෙන බවයි. ඉතින් කවුද කාගේ උවමනාවටද මේ ඇවිලෙන ගින්නට පැට්‍රොල් විසිකරනවා වැනි කතා පතුරුවන්නේ?
හැම දෙයකටම විරුද්ධකම් පාන වීරවංස, දිනේෂ් ඇතුළු පොදු පොරවල් ටික මේකටවත් කැමති වෙයිද දන්නේ නැහැ?
දෙවියන්ටම පෙනිච්චාවේ !!
හිතාගන්න බැහැ අපේ දේශපාලකයන් ගැන. අනිත් හැම රටකම පාලකයන් රටේ මිනිස්සු ගැන හිතනවා. කෝ අපේ අය.. එයාල ගැන විතරයි හිතන්නේ. මෙයාලා ගැන තීරණයක් ගන්න කාලෙ හරි...
ඔය හැම එකාම තමන්ගේ දිස්ත්‍රික්කයට ගිහින් පොල්කට්ටක් අරන් පන්සලක්, කෝවිලක් හෝ පල්ලියක් ළඟ හිටිය නම් අපෙන් කෙලින්ම ඔය හිඟන මුදල ගන්න පුළුවන්. හිඟ සහ හිඟන දෙකේ මෙතැනදී නම් වෙනසක් නැහැ අවංක හිඟන්නන්ට වෙන අපහාසය ඇරෙන්න.
කරුණාකරලා ඔය කියන පහුගිය ජුලි 12 වෙනිදා පක්ෂ නායක රැස්වීමට සාභාගිවු අයගේ නම් සහ පක්ෂ හෙළිකරන්න.
මාර වැඩේ නේ...එගොලන්ම 'විනිසුරුවරුන්' ගේ පඩි වැඩි කරනවා..ඊළඟට එකට ගැලපෙන්න කියලා මන්තිරිලාගේ පඩි වැඩි කරනවා.....ආයෙත් සාම්ප්‍රදාය කියලා යාන්තම් අවුරුදු 5 ක් ආව මන්තිරිලා ගේ පෙන්ෂන් එකත් වැඩි කරනවා.......ඕක දිගටම දිගටම කරාවි..
මේ රටේ පාර්ලිමේන්තුවේ කාගේ කාගේත් උදව්වෙන් සිද්ද වෙලා තියෙන්නේ ජනතාවට හිතකර දේට වඩා අහිතකර දේවල්. මොකද ඕක 2006 දී මහින්ද පාලනය කාලේදී ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ඇමතිවරයා කරපු යෝජනාවකින්ලු ඔය අධිකරණ විනිසුරු වැටුප වැඩි කරනවා සමගම පාරිල්මෙන්තු මන්ත්‍රී පඩිත් වැඩි වැඩි කරගන්න පුළුවන් කියල අව නීතියකුත් සම්මත කරගෙන තියෙන්නේ. එතැනදී ඔය ජනතාව වෙනුවෙන් පෙනිසිටිනවා කියන එකෙක් වත් විරුද්ද වෙලා නැහැ. අඩුගානේ ජනතාව දැනුවත් කරලා වත් නැහැ. හැමෝම තමන්ගේ වාසියට හෝයියා කියල සද්ද නැතුව ඉඳල.
අයවැය යටතේ අමාත්‍යාංශවලට සංවර්ධන වැඩ කරන්න කීයක් හරි ඉල්ල ගන්න ගියාම නිලධෘරින්ට බැනල එලව ගන්න භාණ්ඩාගාරයේ උසස් මහත්තුරුන්ට මේවට කට ඇරන්නෙ නැතුව ඇති. ඉල්ලපු ගමන් මේ හොරු ටිකගෙ වැටුප් ගෙවන්න සල්ලි දෙයි. ඇයි ඉතිිං ඊට පහුවදා ඉදන් මේ දක්ෂයො ටික බදු ටික ඉහල දාල ඒ ආදායම හොයාගන්නවනේ.
හත්මුතු පරම්පරාවම ගොඩ යන පින්කම් තමා මේවා . පක්ෂ නායක රැස්වීමේදී කව්රුත් විරුද්ද වෙන්නේ නැත්තේ එකනේ . අනේ සාදු
රටේ ජනතාවට ගහන්න පුළුවන් ඔක්කොම බදු ගහමින් පඩි වැඩිකර ගන්න හිතනවා නම් උන්නැහේලාට වැහි නැති හෙන ගැසිය යුතු අපරාධයක්. දැන් මහජන වැසිකිලිවල අයකිරීමත් ඩබල් කරලා! රුපියල් විස්සයි !
62 ලක්ෂ ජාවාරමට පයින් ගැසීමක්. ඉක්මණින් ගෙදර යන්න සූදානම් වෙන්න.
යහපාලන රනිල් ආණ්ඩුව තරම මැති ඇමති වැටුප් කීප වැඩි කල වෙනත් ආණ්ඩුවක් අප අසා නැත.
මොවුන්ගේ සුදුසුකම් මොනවාද පඩි වැඩි කරන්න...? එක්කෝ වැඩක්වත් කරනවා නම් කමක් නෑ. ඒ මදිවට විශ්‍රාම ගිය අයගේත් වැඩි කරන්න. පබා, අනර්කලී එහෙම හරි ෂෝක් කියයි.
පැය 24ක් පුරාවට නිදි නොලබා ජනතා සුවසෙත සඳහා කැපවෙන මෙම උගත් පරාර්ථකාමී මහත්වරුන්ට ආසියාවේ නොව ලෝකයෙන්ම වැඩිම වැටුප ගෙවිය යුතුය. අපි එක වේලක් බඩගින්නේ සිට හෝ එම වැටුප ගෙවමු.
පඩි වැඩිකරගන්න එකට නම් ඒකමතිකව පක්ෂ වල සේරම එකාගේ වෙනවා. ජනතාවගේ සහනයකට නම් මේ වගේ වෙයිද?
කෝ මේ JVP හාදයෝ බලමු මේගොල්ලෝ අත උස්සාවිද කියල. හැබැයි අතඋස්සලා එන්නෙපා ගමට කඩනවා තොපෙ හතර හන්දි
මේ අය දැන් හොඳින්ම දන්නවා ඊළඟ මැතිවරණයේදී දැන් ඉන්න හුඟ දෙනෙක්ට ගෙදර යන්නට සිදුවෙන බව. දැන් කරන්නේ යන්න කලින් හැකිතාක් තමන්ගේ පඩි වැඩි කර ගැනීමට උත්සාහ කිරීමයි. එයින් පසු බොහෝවිට ඔවුන්ගේ විශ්‍රාම වැටුපත් වැඩි කර ගත හැකියි.