මුහුදු මාර්ගයෙන් මෙරට සිට ඉන්දියාවට රැගෙන ගිය රත්තරං කිලෝ 11.15ක් සහ ඒවා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට ඉන්දීය බලධාරීන් කටයුතු ඇත.
ඉන්දියාවේ ආදායම් බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩල ඒකකය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරනු ලැබ තිබේ.
තූත්තුකුඩියෙන් මදුරෙයි වෙත රැගෙන විත් තිබූ එම රත්තරං තොගය විරාගනූර් වෙත බස් රථයකින් ප්‍රවාහනය කර තිබී ඇත. එම රත්තරං තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 3.32ක් බව ද පැවසේ.
මෙම වංචාව සම්බන්ධයෙන් දැනටමත් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද ඉන්දීය බලධාරීන් උපුටා දක්වමින් ‘ද හින්දු’ වෙබ් අඩවිය වාර්තා කර තිබුණි.
ද හින්දු
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd