නාලක සංජීව දහනායක
පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ වැටුප වැඩි කිරීමට පෙර සමෘද්ධි දීමනාව දෙගුණයකින් වැඩිකරන්නැයි ඒකාබද්ධ විපක්ෂය රජයෙන් ඉල්ලීමක් කරයි.
ජනතාවට සහන නොදී පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩිකිරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් වුවහොත් එයට ඒකාබද්ධ විපක්ෂය විරෝධය පළකරන බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා අද පැවසීය.
මන්ත්‍රීවරයා මෙසේද කීය.
‘‘පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩිකිරීම පිළිබඳව හිතන්න කලින් ආණ්ඩුවට අවධානය යොමුකළ යුතු කරුණු ගණනාවක් තිබෙනවා. විශේෂයෙන්ම රජයේ නව බදු ප්‍රතිපත්තිය නිසා රාජ්‍ය අංශයේ හා පුද්ගලික අංශයේ සේවකයන් ජීවත්වීම පිළිබඳ අර්බුදයකට මුහුණ දෙනවා. තවමත් අපේ රටේ විශාල පිරිසක් සමෘද්ධි සහනාධාරය ලබනවා. ඔවුන්ට සමෘද්ධී දීමනාව වශයෙන් රුපියල් 2500ක් ලැබෙනවා. මේ මුදල ජීවත්වීමට ප්‍රමාණවත් නැහැ. ඒ නිසා මෙය දෙගුණයකින් ඉහළ දැමිය යුතුයි. ජනතාවට ජීවත්වීමට සුදුසු පරිසරයක් නිර්මාණය නොකර මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩිකිරීමට යෝජනාවක් ගෙනඒම විහිළුවට කරුණක්.‘ බවද ඔහු කීය.
බත්තරමුල්ල, නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම කවුද හැබැවටම මේ වෙලාවේ මේ ආත්මාර්ථකාමී යෝජනාව මුලින්ම ඉදිරිපත් කරපු කෙනා?
බොරුවට එළියට ඇවිල්ලා කෑ ගැහුවට ඇතුලෙදී අගේට සාහය දීලා යෝජනාව සම්මත කරනවා .
ඒකාබද්ධ විපක්ෂය ඔය වැටුප් වැඩි කිරීමට ඔය තරම් විරුද්ධ නම්, එම වැටුප් වැඩි කිරීම ප්‍රයෝගිකව ප්‍රතික්ෂේප කර සිටිනවාද? ඔය විරෝධතා ඔක්කොම මහජනයාට පෙනෙන්නට විතරයි. පාර්ලිමේන්තුව ඇතුලේ මේ අය ඔක්කොම ගජ මිතුරෝ.
ජනතාවට සහන දුන්නට පස්සේ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩිකලොත් එකට විරුද්ධ වෙන්නේ නැද්ද එහෙනම්?
මේ ඔක්කොම බොරු පඩි වැඩිකරන්න අනුමැතිය දීලා මුදල් පවා වෙන්කර අවසානයි .. පක්ෂ විපක්ෂ මොවුන් සියලු දෙනාම කරන්නේ ඊට විරුද්ධයි කියා බොරු ප්‍රකාශයන් කරමින් ජනතා විරෝධයක් එන එක කෙමෙන් කෙමෙන් නැතිකර දමන එකයි ..