හිටපු විභාග කොමසාරිස්වරයකු මෙන්ම කොළඹ නාලාන්දා විද්‍යාලයේ විදුහල්පතිවරයකු ද වූ ගුණපාල වික්‍රමරත්න මහතා අද සවස අභාවප්‍රාප්ත විය. රෝගාතුරවී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මිය යන විට 92 වැනි වියේ පසු විය.
1926 මැයි 19 වැනි දා උපන් ගුණපාල වික්‍රමරත්න මහතා මාතර රාහුල විද්‍යාලයේ ආදි සිසුවෙකි.ඔහු අධ්‍යාපන විද්‍යාපීඨ කොමාසාරිස් ලෙස ද කටයුතු කර තිබේ.ගුණපාල වික්‍රමරත්න මහතා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න මහතාගේ පියානන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ නාලන්දා විදුහලේ විනය සහ අධ්‍යාපනය නැවත ගොඩනැගූ ශ්‍රේෂ්ට නායකයෙක්... ඔහුට නිවන් සුව අත්වේවා !!!
ඔහු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්... ඔහුගේ සේවය උතුම් කර සලකමි.. එතුමාට නිවන් සැප ලැබේවා.
ගුණයහපත් මනුස්සයෙක් කොහොමත් "කලින් හිටපු " විභාග කොමසාරිසලා වුණත් හොඳ අය... බෝගොඩ ප්‍රේමරත්න, මේ වික්‍රමරත්න හොඳ උදාහරණ...
නැවත උපදිනවානම් ධනය බලය කුලයන්ගෙන් කුනුනොවුනු සැමට සමාන අවස්ථා හිමිව තිබෙන දේශයක උපදිනු මැනවි ..