(ඩයනා උදයංගනී)
ශ‍්‍රී ලංකා වෛද්‍ය සභා පනත සංශෝධනය කිරීමේ කාලීන අවශ්‍යතාව ඉටුකර ගැනීමට නොහැකි වීම හේතුවෙන් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූ බව එහි හිටපු සභාපති මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා පැවැසීය.
එයට හේතුව වෙනත් පෞද්ගලික, දේශපාලන හෝ ඇමතිවරයා සමඟ ඇති ගැටුමක් හෝ නොවන බව ද මහාචාර්යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා වෛද්‍ය සභා වත්මන් පනත අනුව එයට පත්වන සාමාජිකයින්ගෙන් බහුතරයක් වෛද්‍යවරුන් නිසා වෛද්‍ය සභාව මගින් රෝගීන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමක් සිදුනොවන බව ද හිටපු සභාපතිවරයා කීවේය.
මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා මේ බව පැවසුවේ මරදාන, සමාජය හා සමාජීය කේන්ද්‍රයේදී අද (3) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කොල්වින් ගුණරත්න මහතා මෙසේ ද සඳහන් කළේය.
‘‘මගේ ඉල්ලා අස්වීමේ ලිපිය සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ලේකම්වරිය වෙත ජූලි 30වැනිදා භාර දුන්නා. ලේකම්වරිය එම ලිපිය ඇමැතිතුමාගේ නිල නිවසට යැවීමට කටයුතු කරන බව මට දැනුම් දුන්නා. ඉල්ලා අස්වීම භාර ගත්තාද නැද්ද යන වගක් මට දන්වා නැහැ. මා ඉල්ලා අස්වන බව මසකට පෙර ඇමැතිතුමාට දැනුම් දුන්නා.
මෙම තනතුර ඉතා ගෞරවනීය තනතුරක්. මා පත්කර තිබුණේ වසර 5ක් සඳහායි. මාස 9ක් ගොස් ඉල්ලා අස්වුණේ ඇයි කියා ඇසුවොත් මම දෙන උත්තරය වන්නේ වෛද්‍ය පනත සංශෝධනයට නොහැකි වීම යන කරුණයි.
දැන් තිබෙන ශ‍්‍රී ලංකා වෛද්‍ය සභා පනත වසර අසූවකට වඩා පැරැණියි. මෙය කෞතුක වස්තුවක් මිස 2018 ට ගැළපෙන එකක් නෙවෙයි. දියුණු රටවල වසර 4කට පමණ වරක් වෛද්‍ය සභා පනත් සංශෝධනය වෙනවා.
මේ පනත තිබෙන තුරු වෛද්‍ය සභාවේ පරමාර්ථය ඉටුකරගන්න බැහැ. සභාපති ලෙස මෙන්ම වසර 4ක් සාමාජිකයෙකු ලෙසත් මම එයට උත්සාහ කළා. පසුව එය කළ නොහැකි බව ප‍්‍රත්‍යක්‍ෂ වූ නිසා ඉල්ලා අස්වුණා. වෛද්‍ය සභාවේ සාමාජිකයින් බොහෝ දෙනෙක් තිබෙන තත්ත්වය යටතේ සිටියා මිස කණ්ඩායමක් ලෙස මෙයට විරෝධයක් ඉදිරිපත් කළේ නැහැ.
ඒ අයට මෙය වෙනස් කළ යුතු බවට අවබෝධයක් තිබුණේ නැහැ. සමහරු ඒ ගැන කතා කරද්දී එයට විරුද්ධ මත ඉදිරිපත් කරමින් දියාරු කරනවා.
මේ පනත අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති නම් කරන්නේ ඇමතිවරයා. වෛද්‍ය පීඨවල ඡන්දයෙන් පීඨාධිපතිවරු අට දෙනා පත්වෙනවා. මෙහි සම්පූර්ණ සාමාජිකයින් සංඛ්‍යාව 25යි. ඉන් 8 දෙනෙක් එන්නේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන්. එයට හේතුව ඔවුන්ට සාමාජික ඡන්ද 20.000ක් තිබීමයි. එය පනතේ වරදක් මිස ඔවුන්ගේ වරදක් නෙවෙයි.
මෙයට පත්වන පීඨාධිපතිවරුන් 8 දෙනාත් වෛද්‍ය පීඨ ගුරුවරුන්ගේ සංගමයේ සාමාජිකයින්. ඒ අනුව මේ දෙපිරිසම වෘත්තීය සමිති සාමාජිකයින්. එවිට 25න් 16ක්ම එනම් තුනෙන් දෙකක් තිබෙන්නේ වෛද්‍ය වෘත්තීය සමිතිවල අයටයි. මේ අය වෛද්‍ය අයිතිවාසිකම් ආරක්‍ෂා කරද්දී රෝගීන්ගේ අයිතීන් ආරක්‍ෂා කරන්නේ කවුද?
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට රෝගීන්ගේ දුක්ගැනවිලි , පැමිණිලි එනවා. ඒවා ගැන කටයුතු කිරීමට කමිටු දෙකක් තිබෙනවා. වෛද්‍යවරයෙක් , හෙදියක් අතින් හෝ රෝහලෙන් එම රෝගියාට වරදක් වී ඇත්නම් ඒ පැමිණිල්ල විභාග කිරීමේ හැකියාව වෛද්‍ය සභාවට තිබෙනවා.
නමුත් මෙහිදී විනිශ්චය කර තීන්දු දෙන්නේත් වෛද්‍යවරුන්. අහිංසක පැමිණිලිකරුට එයින් සාධාරණයක් වෙයිද? මා සාමාජිකයෙක්ව සිටි වසර 51/2 ක කාලයේදී මේ පරීක්‍ෂණවලින් එක් වෛද්‍යවරයෙක් හෝ වරදකරු වී නැහැ. එබැවින් මේ අඩුපාඩු සකසා නව පනතක් ගෙන ආ යුතුයි.‘‘ යැයි ද මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛද්‍ය සභාව උසාවියක් නෙමේනෙ. රෝගියෙකුට අසාධාරණයක් වුණොත් අධිකරණයේ පිහිට පතන්න බැරිද? මෙතුමාව පත් කිරීමෙ අරමුණ වුණේ මොකද්ද කියලා හැමෝම දන්නවනෙ.. ඒක කර ගන්න බැරි වුණ තැන වෙන වෙන හේතු කියනව ඉල්ලා අස් වෙන්න
මෙතුමා දේශපාලන කල්ලියක සාමාජිකයෙක්නේ...
ලංකාවේ වෛද්‍යවරු හිතාගෙන ඉන්නේ එයාලා රාජකීය පරම්පරාවකින් පැවතෙන උතුමන්ලා කියලයි. නමුත් අපිනම් කියන්නේ දැන් කාලේ වෛද්‍යවරු තමන්ගේ වෘත්තිය ගිනිකන අයගේ මට්ටමටත් වඩා පහත් කළුකඩ මුදලාලිලාටත් නොදෙවැනි තත්වයකට පහත දමාගෙන ඇති බවයි. ජීඑම්ඕඒ එක කියන්නේ කිසිම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට ස්ථාපිත කරනලද සංවිධානයක් නොවේ.
හැම දේම උසාවි ගෙනියන්න පුලුවන් නම් පවතින හුගාක් ආයතන වහන්න පුලුවන්. ලංකාවෙ දොස්තර සංගමය මිනිස්සු ගැන හිතනවා අඩුයි. ඒ අනුව මහ ඇදුරුතුමා හරි වෙනස් වියයුතු බොහොම තැන් තියෙනවා.
හැමදේම උසාවි ගෙනියන්න පුලුවන් නම් පවතින හුඟක් ආයතන වහන්න පුලුවන්. ලංකාවේ දොස්තර සංගමය මිනිස්සු ගැන හිතනවා අඩුයි. ඒ අනුව මහ ඇදුරුතුමා හරි. වෙනස් වියයුතු බොහොම තැන් තියෙනවා.
මෙතුමා ඉල්ලන්නේ තමන්ගේ සාක්කුව තර කරගන්න දෙයක් නෙමේ. තමන්ට කිසිම වාසියක් ලැබෙන දෙයක් නෙවෙයි. අහිංසක රෝගීන් වෙනුවෙන් කරන ඉතා සාධාරණ ඉල්ලීමක්. මෙවැනි යෝජනා වලට විරුද්ධ වෙන අයත් අද ඉන්නවා. අධිකරණ ක්රියාවලියකට ගියොත් අවුරුදු ගණන් නඩු කියන්න වෙනවා
මෙන්න මහත්වරු...
ඉතා වටිනා අදහසක්. මේවා තේරුම් ගන්න බැරි මිනිස්සු තමයි අපේ රටේ ගොඩක් ඉන්නේ. දොස්තර මාෆියාව නැති කල යුතුයි.
රාජිත සාක්ෂියි. රාජිතගේ මජරි වැඩ ටික කරගන්න බැරිවුණු හින්දා දැන් ඉතින් දේශප්‍රේමියෙක් වගේ ප්‍රකාශ නිකුත් කරනවා.
මෙතුමාව පත්කළාට සයිටම් ගොඩදාන්න බැරි වුණානේ ඉතින් දොට්ට... අවුරුදු 10 වෛද්‍ය සභාවේ ඉඳලා දැන්ද පනත අවුල්...