එෆ්.අස්ලම්
දැඩි අසාධ්‍ය තත්වයෙන් පසුවන තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ විපක්ෂ නායක එම්.කරුණානිධි මහතාගේ සුවදුක් විමසීම සඳහා ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතා ප්‍රමුඛ එම කොංග්‍රසයේ නියෝජිතයින් පිරිසක් (30) වැනි දා ඔහු ප්‍රතිකාර ලබන චෙන්නයි කාවේරි රෝහලට පැමිණ තිබේ.
මෙහිදී කරුණානිධි මහතාගේ පුත් මු.කා ස්ටාලිං මහතා හමුවී කරුණානිධි මහතාගේ සුවදුක් විමසා ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබේ.
කරුණානිධි මහතාට ඉක්මන් සුවය පතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබාදුන් සන්දේශයක්ද ආරුමුගම් තොන්ඩමන් මහතා විසින් ස්ටාලිං මහතා වෙත මෙහිදී බාරදී ඇති බවද වාර්තා වේ.
මේ සදහා ඌව පළාත් සභාවේ අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් සහ මධ්‍යම පළාත් අමාත්‍ය එම්.රමේෂ්වරන් යන කම්කරු කොංග්‍රසයේ නියෝජිතයින්ද සහභාගී වී තිබේ.
දැඩි අසාධ්‍ය තත්වයෙන් පසුවන කරුණානිධි මහතා පුරා දින හතරක කාලයක් එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ ජයලලිතා...!!!
කොහොමත් මෙයාලා ඉන්නේ ඉතින් තමිල් නාඩුවේ නොවැ..
මේ ගොයියෝ යන බව දන්නවා නම් මමත් මල්වඩමක් කලින්ම යවනවා.