එන්ජින් ධාරිතාවය 1000 ට නොවැඩි මෝටර් රථවල තීරු බදු අද (1) සිට ඉහළ දැමු බව මුදල් අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව එන්ජින් ධාරිතාවය 1000 වඩා අඩු වාහන ආනයන බද්ද රුපියල් මිලියන 1.5 ක් ද හයිබ්‍රිඩ් සහ විදුලි වාහන ආනයන බද්ද රුපියල් මිලියන 1.25 ක් ලෙස ද සංශෝධනය කර තිබේ.
2018 අගෝස්තු 1 දිනට පෙර විවෘත කරන ලද ණයලිපි සඳහා මෙම බදු සංශෝධන වෙනස් නොවන අතර 2019 ජනවාරි 31 දිනට පෙර ඉවත් කරන ලද වාහන සඳහා මෙම බදු අදාළ නොවේ.
(28535)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පංචවිධ ප්‍රතිපත්තියට අනුව!!!
යහපාලන ආණ්ඩුවෙන් අපි හැමෝටම නොතෙමි යන්න වාහනයක්...
අපේ පාලකයින්ගේ මොලේ හොඳ නැද්ද මන්දා? හයිබ්‍රිඩ් සහ විදුලි වාහන වලට ඇයි බදු ගහන්නේ? අඩු වශයෙන් විදුලි වාහනවත් බද්දෙන් නිදහස් කල යුතුයි නේද? වෙනත් බොහෝ රටවල එහෙම තමයි.
රාජිත කිව්ව විදිහට මුදල් අමාත්‍යංශයේ සිටින්නේ පෙර රජයේ සිටි බොහෝ අයයි. මේ වෙලාවේ මේ විදිහට බදු වැඩි කරන්නේ අනිවාර්යයෙන්ම අනිත් පැත්තට ජය අරන් දෙන්න වගෙයි. ඇමතිතුමාත්, අගමැතිතුමාත් මේ ගැන අවධානය යොමුකර ජනමතයට විරුද්ධ දේ නොකොට හිටියොත් තමයි මේ වෙලාවේ හොඳ...
දැන් ඉතින් නොතෙමී යන්න කුඩයක්වත් ගමු.
ඔහොම යන් ඉතින්...
ඉතාමත් අගය කල යුතු වැඩක්.. යහපාලන ආණ්ඩුව යටතේ සියළුම පුරවැසියන් සඳහා කාර් එක බැගින් ලබා දුන්නා .. මේ බදු වැඩි කලේ වැඩිපුර ගන්න කාර් වලට.. අනේ ඡන්දයක් තියන්න ඉක්මනට ඔබතුමාලට කලගුණ සලකන්න...
ඔබට සතුටුයිද දැන්...
රටේම මිනිස්සු දන්නවා මුදල් අමාත්‍යාංශයේ අයට විකාර කියලා...
හොඳා හොඳා ඉමුකෝ ඡන්දෙ තියනකම්, අපිත් හොඳට කලගුණ සලකන්නම්... වරෙල්ලකෝ
ඕස්ටේලියාවේ අලුත්ම ප්‍රාඩෝ රථයක් ලංකාවේ මුදලින් ලක්ෂ 75ක් පමණ වේ. මිට්සුබිසි ඩබල් කැබ් එකක් රුපියල් ලක්ෂ 35ක් පමණ වේ.
දැන් සැපයිද?
යන යකා කොරහත් බිඳගෙන යනවලු කියන්නේ නිකන් නෙමෙයි.. සියලුම අමාත්‍යාංශවල ලේකම්වරුන් වෙතයි... ඉදිරි මාස පහළව තුල ඔබට විශාල වගකීමක් පැවැරී ඇත. ඒ මහජනතාවගේ මුදල් හා දේපල ඉදිරි පරම්පරාවල් වෙනුවෙන් රැක ගැනීමයි.
සාමාන්‍ය අයට ටැක්ස් නැති වාහන. අපිට ටැක්ස් ඇති වාහන..... දැන් සැපද?
දන්නා කෙනෙක් කියනවද? මේ ටැක්ස් එක ඉස්සෙල්ලා තිබුණාද කියලා...
ඉතාලියේ අලුත්ම වෙසල් රථයක් ලංකා මුදලින් ලක්ෂ 36ක් පමණද? අලුත්ම සිවික් රථයකුත් ලක්ෂ 32ක් වේ. ලංකාවේ මේ ආණ්ඩුවලට කඩේ යන සියලුම දෙනාට පහළ වේවායි පතමි..!!!
මෙතැන තේරුමක් නැති පෝස්ට් දාන්නේ නැතුව කලින් බද්ද කීයද? දැන් කීයද? කියන්න දන්නා කෙනෙක් නැද්ද? එතකොට වැඩිවුණු ගාන දැනගන්න පුළුවන්...
ඕස්ට්‍රේලියාව ඉතාලිය වගේ රටවල් එක්ක අපේ රට සංසන්දනය කරන එක මෝඩකමක්... ඒ රටවල් ඉතා දියුණු තත්වයේ පවතින රටවල්.. වාහන මිල අඩු වුණාට හොඳ පාරවල් තියනවා. ඒ නිසා රටේ වාහන වැඩි වුණා කියලා ගැටළුවක් නෑ. අපේ රටේ වෙන්න ඕනේ කාර් වල මිල අඩුවෙන එක නෙවේ. හොඳ කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවයක් ලබා දෙන එකයි.
ඩුබායි වල 2018 ටොයෝටා ප්‍රාඩෝ එක රුපියල්වලින් ලක්ෂ 55ක් වෙයි, හොන්ඩා සිවික් එක ලක්ෂ 30කි , මිට්සුබිසි ඩබල් කැබ් එකක් ලක්ෂ 25ක් වත් නොවේ. අපි කොතරම් වාසනාවන්තද? මැති ඇමතින්ට නිකන් ලැබෙන 4500 සි සි සහරා වී 8 වලින් යන්න... අපි පයින් යමු. මගේ දරුවන්ට මම නිතරම කියන්නේ දියුණු රටකට යන්න අවශ්‍ය දේ ඉගෙන ගන්න කියලා. මම කල වැරැද්ද දරුවන්ට කරන්න දෙන්නේ නැහැ.
නොතෙමී යන්න පුංචි කාර් සිහිනය සැබෑකරමින් ප්‍රධානම පොරොන්දුවක් ඉටුකළ මොලයානන්ට සහ සරලයානන්ට ලබන පාර කළගුණ සලකමු.
පහුගිය දවස් ටිකේ මම සිංගප්පූරු, කොරියා ටුවර් එකක් ගියා. ඒ රටවල් වලට කිසිම ස්වභාවික සම්පතක් නැතුව අද ඉන්න තැන ගැන හරිම පුදුමයි. ඔවුන් කියන්නේ එඩියුකේෂන් සිස්ටම් එක නිසා දියුණු වුණා කියලයි. හැබැයි ඔවුන් පුදුම වුණා අපේ රටේ සාක්ෂරතාවය 90% ත් පැනලා තාම ලෝකෙ දුප්පත්ම රටක් වුණු එකට. කොරියන් කාරයෝ ඔලුවේ අත ගහගත්තා... ඔවුන් විකුණන මිල වගේ දෙගුණයක්, තුන් ගුණයක් ටැක්ස් ඔවුන්ගේ කාර්වලට ගහනවයි කියල ඇහුවම. සිංගප්පූරුව 50 ගණන් වල ධීවර ගම්මානයක්... අපේ රටට කෙළ වුනේ දේශපාලකයන්ට වඩා ඒ අයට කඩේ යන වහල්ලු නිසා...
කට්ටිය කුරුඳු පොලු ටිකක් එහෙම දැන්ම හොයා ගත්තොත් මොකද?
කොහොමත් වාහන මාර්කට් කියන්නේ මාෆියාවක්... බලන්නකෝ වාහනයක් විකුණන්න හරි, ගන්න හරි ගිහිල්ලා මේකට මොකක් හරි කළ යුතුයි.
අපි හැමදාම දේශපාලකයන්ට බැණ බැණ හිටියා. ඒත් අපේ රටේ මිනිස්සුත් හරිම කම්මැලි, වහල්භාවයට කැමති ඡාතියක්. මෝඩ උද්දච්ඡ කමක් තියෙනවා. දේශප්‍රේමය ගැන කතා කර කර රට අපිරිසිදු කරනව. පුදුමාකාර විදියට නාස්තිකාර කරන ඡනතාවක්. මගුල් ගෙදරක් අරන් බලන්න කෑම මොන තරම් විසි කරනවද කියලා. විදුලිය, ඡලය, කෑම මොනතරම් නාස්ති කරනවද.?
මෙහෙම නැත්නම් කොහොමද ඒ අයගේ වරප්‍රසාද ටික භුක්ති විඳින්නේ...?
වාහනයක් කියන්නේ අතයවශය භාණ්ඩයක් නොවේ. හැමදාම මිනිස්සු වාහන ගන්නෙත් නැහැ. ඒ නිසා වාහන බදු වැඩි කිරිම රටේ එදා වේල හොයාගෙන කන බහුතරකට ප්‍රශ්නයක් නොවේ. සුළු පිරිසකට රිදුනාට කමක් නැහැ. රටේ බහුතරයක් වන සාමාන්‍ය මිනිසුන්ගේ අවශ්‍යතා සපුරාලන්න හැකි ආර්ථිකයක් නිර්මාණය කිරිමයී අවශ්‍ය කරුණ.
පෙට්‍රල් අඩුවෙන් දුවන පුංචි ජපන් හයිබ්‍රිඩ් කාර් වලට බදු 825000 සිට 1250000 දක්වා වැඩිකරලා. පෙට්රෝල් බොන ඉන්ධියානු කාර් වල බදු 1750000 සිට 1500000 දක්වා අඩුකරලා. අපේ රට ගෙනියන්නේ ඉන්දියාවයි.
වංචාව දුෂණයට පෙළඹීම කියන දේ දේශපාලකයෝන්ට පමණක් පොදු වූ කරුණක් නෙවෙයි. ඒක සමස්ත රටටම පොදු වූ කරුණක්. තමන්ට අවස්ථාවක් ලැබුනම ඒකට නොපෙලබෙන්නේ අතලොස්සක් පමණි. මෙයට ප්‍රධානම හේතුව පැවති හා පවතින අවිදිමත් හා අසාර්ථක පුර්ව ළමාවිය සංවර්ධනය හා අධ්‍යාපන ක්‍රමයයි. හුදෙක් දැනුම අරඹයා සැකසුනු අධ්‍යාපන ක්‍රමයක් සහිත රටක ආකල්පමය බෙලහීන තාවයක් ඇතිවීම පුදුමයක් නොවේ. මිනිස් මනස තුල යහපත් ආකල්ප ආරෝපණය කිරීම සිදුකල යුත්තේ කුඩා කල සිටය. එය සිදුකල හැක්කේ විෂයානුබද්ධ්ත අධ්‍යාපන ක්‍රමයකට එහා ගිය වැඩපිළිවෙලකින් පමණි. හුදෙක් ආර්ථික ප්‍රතිපත්ති වෙනසකින් රටකට සංවර්ධනය ළඟාකර ගත නොහැකි බව එවැනි රටවල් පසක් කරදෙයි.
පොක්සාවැගන් එකේ නැග ෆ්‍රී වයිපයි වලින් යූටූබ්, පේස්බූක් බල බල යන්න හිටපු ලක්ෂ 62ක ක්‍රෝටන් කොල කන ජනයා වෙනුවෙන් විනාඩි 5ක නිශ්ශබ්දතාවය.
දැන් එතකොට කුලියාපිටිය වොල්ක්ස් වැගන් කම්හලේ නිපදවන 0 සි සි වාහන වලටත් මේ බද්ද අදාලද මන් අහන්නේ.?
ඇමතිවරු ලොකු යාන වාහනවල ඉගිල්ලේ පොඩි මිනිසාට බදු පිට බදු එක එල්ලේ යන්නට තිබෙන්නේ අපටත් වළ පල්ලේ...
මෙහෙ ටැක්ස් අඩු කළාම අපේ අය නැති වෙන්න විට්ස් වැගනාර් ගෙන්නුවා. එතකොට ජපානේ ඕක්ශන් වලට දී ගන්න බැරි තරමට ඒවයේ ඉල්ලුම වැඩිවෙලා ජපන් ඕක්ශන් වාහන ගණන් වැඩි වුණා.. ඒකෙන් වුනේ ලක්ෂ 35ට ගෙන්නපු විටිස් එක 2018 අගෝස්තු වෙද්දී ලක්ෂ 42ක් වගේ ගානට වැඩි වෙච්ච එක... දැන් මේ ටැක්ස් එකත් එක්ක මෙහෙ ගණන් වැඩි වෙලා ගෙන්නන එක අඩු වුනොත්, ආයෙත් ජපන් ඕක්ෂන් ගණන් අඩු වෙයි.! ඒකෙන් මේකෙන් පොඩි ගානක් එහාමෙහා වෙලා මාස 3කින් විතර ගණන් බැලන්ස් වෙයි. ටැක්ස් ගහලා වාහන ගෙන්නන එක පාලනේ කරන්න බැරි බව අපිට විතරක් තේරිලා මෝඩ මූසල දේශපාලකයන්ට ඒ බව නොතේරී දිගටම මේ වගේ කරගෙන යයි!
මෙතන තිබෙන සැබෑ ඇත්ත තේරුම් ගන්න. වාහන ආනයනකරුවන්ගේ සංගමය පහුගිය බජට් එකෙන් 1000 සීසී වලට අඩු වාහනවලට ටැක්ස් අඩු කරපු එකට ලොකු විරොධයක් දැක්වුවා. මොකද ගොඩක් පුද්ගලික ආනයනකරුවන් 1000සීසී ට අඩු වාහන ගොඩක් අඩු මිලට ලංකාවේ විකුණූ නිසා ලොකු බිස්නස් කාරයින්ට ලොකු ලාභයක් තියාගෙන වාහන විකුණන්න බැරි වූ නිසා. දැන් ඒ අයගේ ස්ටොක්වල තිබෙන වාහන ටික ලොකු ලාභයක් තියාගෙන විකුණයි. මේක ජරා දේශපාලකයන්ගේත් වාහන ආනයනකරුවන්ගේ සංගමයේත් මගඩියක්.... ඊළඟ බජට් එකෙන් ඡන්ද ටික ගන්න ආයෙත් ටැක්ස් අඩුකරයි..
ඇත්තටම මේ අයගේ මොලේ නට් බුරුල් වෙලාද?
ඇමැතිලාට ගහන බදු පහුගිය දවස් වල අයින් කළානේ... දැන් ඉතින් ඒ මුදල් කොහෙන් හරි හොයාගන්නත් ඕනේ නේ... අර ආසියාවේ හොඳම මුදල් ඇමැතිතුමා එක සැරයක් නිසාන් ලීෆ් එක ලංකාවේ ගෙවල්වල දෙවැනි වාහනය කියලා එ්කට හිතාගන්න බැරි බද්දක් ගහපු රටනේ මේ.
අපේ රටේ ජීවත් වෙන මිනිස්සුන්ගේ හිත් වල සහ ඔලුවේ කුණු පුරෝගෙනයි ජීවත් වෙන්නේ. හැම දෙයක්ම රජයෙන් පිනට ලැබෙනකම් උඩ බලාගෙන සිටිනා මෝඩයින්. දිනපතා වර්ජන, ගර්ජන හා අලාභහානි කිරීම්, රජයට රිද්දන්න කියලා හිතාගෙන කරන ගොන් වැඩවලට අවසානයේ වන්දි ගෙවන්න සිදුවෙන්නේ මේ රටේ බදුගෙවන ජනතාවට තමයි. උදාහරණ අවශ්‍ය නැහැ. පසුගිය දිනවල දිගන ප්‍රදේශයේ සිදුකල ගිනි තැබීම් වෙනුවෙන් රජය කෝටි ගානක වන්දි මුදල් ගෙවනවා. අනුන්ට පත්තු කල ගින්දර නිවන්න වෙන්නේ තමන්ගේම මුදලින් බව මේ රටේ වෙසෙන අමනයින්ට තේරෙන තාක් කල් මේ රට, යන්නේ ප්‍රපාතයටම තමයි. කොහොමත් කාර් එකක් පදවන්න තරම් සුදුසු මිනිස්සුත් මේ රටේ ඉන්නේ අතළොස්සයි කියලා මහපාරට බැස්සාම පේනවා.
මෙවන් රටක ඉපදීමට අප කල පව කුමක්ද? බුදු සමිඳුන් හිටියා නම් මා අසන එකම පැනය එයයි. 1948 න් පසු අපට නැති වූ දේ බොහෝයි. එහෙත් අපට අඩු නැතුව ලැබුනේ කරුමයයි.
ටැක්ස් වැඩිකළාට කමක් නැහැ සීමිත වාහන ගණනකට... නමුත් සාමාන්‍ය ජනතාවට ගන්න ලක්ෂ 10ට අඩු වාහනයක් හඳුන්වලා දෙන්න ඕනේ. දැන් අපි ජීවත්වෙන්නේ 21වන සියවසේ. මුලින්ම කාර් එකක් හදලා දැනට අවුරුදු 100ටත් වැඩියි. මෙච්චර ලෝකේ දියුණු වෙලා එ්ත් අපිට තවම කාර් එකක් ගන්න බැරි තැනකට ඇවිත්. ඔය ඇල්ටෝ එකක් ඉන්දියාවේදී මිල ලක්ෂ 4ක් වගේ වෙන්නේ. දැන් බලන්න අලුත්ම තාක්ෂණයෙන් යුක්ත ෆොන් ලංකාවට එනවා. ලෝකේ ඒවා දියුණු වෙනවා. ඒවා අපිට ගන්නත් පුළුවන්. ස්මාර්ට් ෆෝන්.. දැන් හරියට ස්මාර්ට් ෆෝන් තියෙන කාලේ අර ඉස්සර තිබුණු ගඩොල් ගේ ඩිජිටල් ෆෝන් පාවිච්චි කරනවා වගේ තම ලංකාවේ අපිට පරණ කරගන්න වෙලා තියෙන්නේ...
අපි ඡන්දෙදී හම්බ වෙමු.
මේ වාහන බදු වැඩි කලේ මෙහෙ ෆැක්ටරියේ හදපු වොක්ස්වැගන් ටික විකුණාගන්නයි. නිෂ්පාදනය ඉහළ ගිහින්ලු!
වාහන වෙළෙන්දෝ ඇති වෙන්න වාහන ගබඩා කරන් ඉන්නේ. දැන් ලොකු ලාභයක් ගන්න පුළුවන් වැඩි මිලට විකුණලා. ලාභයෙන් කොටසක් කාටද යන්නේ කියලා කියන්නේ ඕනේ නැහැනේ. තියෙන වාහන ටික විකුණලා ඉවර වුණාම අය බද්ද අඩු කරයි.
මෙහිදී වඩා වැදගත් වන්නේ වාහනවල බදු ඉහළ දැමීමට වඩා හැමෝම වාහනයක් ගන්න මේ තරම් කට්ටක් කන්නේ ඇයි කියන එකයි.. ඒ කට්ට උදේට කෝච්චියේ වැඩට යන අයයි..තෙරපි තෙරපී බස්වල යන අයයි දන්නවා.. ඒ නිසා වෙන්න ඕනේ පොදු ප්‍රවාහන සේවය ගුණාත්මක කරන එකයි.. එතකොට වාහනයක් ගන්න ජීවිතේම සින්න කරන එක ටිකක් හරි අඩුවේවි...!!!
එංගලන්තේ වාහන වලට ගහන්නේ 20% VAT එක පමණය , එංගලන්තේ ඉන්න පරිල්මෙන්තු මන්ත්රිලට තීරුබදු රහිත වාහන පර්මිට් දෙන්නේ නැත , මේවා දැක්කම මට හිතෙනවා අපිට 1948 දී නිදහස් නොදී අපිව සුද්ද මේවෙනකම් පාලනය කලානම් හොඳය කියල , අඩුම තරමේ රටේ නීතියවත් ක්‍රියාත්මක වේවි , සුද්ද 1896 ඉඳන් 1996 වෙනකම් පාලනය කල හොන්ග් කොන්ග් දේශයේ ජනතාව අද ජිවත් වන විදිහත් අපි අද ජිවත් වන විදිහත් බැලුවම මම කියපු කතාවේ හරය වැටහෙනවා , 1948 පස්සේ මේරට මේ හොරු රංචුවට බාරදුන්න දවසේ ඉඳල උන්කරේ වරප්‍රසඋාද වැඩි වැඩියෙන් විදිමින් අපිව සුරකමින් අපිට තව තවත් බදු ගහපු එක .
අර මීට මාස කීපයකට කලින් හුරේ දාලා මෝඩ චුන් එක වැඩිවෙලා වැඩිපුර පත් කර ගත්ත ප්‍රාදේශීය සභා මන්තී වරුන්ට වැටුප් ගෙවන්නේ පොලිසියෙන්ද? අලුතින් ආරම්භ කරන්න යන වෛද්‍ය විද්‍යාල දෙකට වැයවෙන වියදම් දරන්නේ, උසස් අද්යාපන අමතිද? රාජ්‍ය සේවකයින් වැඩිකර ගත්තාම වැටුප් ගෙවන්නේ ජනාධිපතිගේ සාක්කුවෙන්ද? අපිත් නොදන්නා රටට අමුතු සේවයක් කරන සමුර්ධි නිලධාරීන්ගේ පඩි ගෙවන්නේ, ලෝක බැංකුවෙන්ද? එක එකාට පේන්න කාර් එලොවන්න කලින් මොලේ දියුණු කර ගනිල්ලා. කතාවෙන් මහා ලොකු සමාජවාදියෝ, හාල් කිලෝවක් ගන්න එලියට බහින්න කාර් ඕනා?
පොඩි මිනිහගේ වාහනේට බදු ගහන්නේ දැන් වැඩියෙන් විකිනෙන නිසානේ. එහෙම වෙන්නේ පොඩි මිනිහට එම මුදල ගෙවාගත හැකි නිසය්. රටේ වැඩි කොටසක් එම ගණයට වැටෙන නිසා ලොකු එක බේරලා පොඩි එකාගෙන් ගසාකෑම ලෙහෙසි යෙන්ම කල හැකි නිසාත් මෙවැනි දේවල් සිදුවීම සාමාන්‍යයක් අපි වගේ නොදියුණු දේශපාලකයන් ඉන්න රටකට. හැබය් චන්දය එනකන බලන් ඉන්න අය පරිස්සමට හිතල චන්දය දුන්නොත් ඔබලාටත් අඩුවෙන් වාහනයක් ගන්න පුළුවන් වෙය්.
අනවශ්‍ය පුද්ගලයෝ කාර් ගන්නවලු ඒකයි මේ ඔක්කොටම මුල.
වාහනවලට බදු වැඩිකරන සෑමවිටම මට මතක්වන්නේ හිටපු ජනාධිපති ජේ .ආර්.ජයවර්දන මහතාවයි.වාහන ගෙන්වන්න මුදල් නොතිබුන රටේ ජනතාවට ඉතා සහන මිලට වාහන ගෙන්වා දුන්නේ එතුමායි.යතුරු පැදිවලට කිසුදු තීරු බද්දක් අයකළේ නැහැ.එතුමාගේ කාලයේ රු .ලක්ෂ පහට ගත්ත වෑන් එක අදත් රු. ලක්ෂ විස්සකට වැඩි මුදලකට විකුනන්න පුළුවන් .අලුත් වාහනවලට බදුගැසිම නිසාම පරණ වාහන මිලත් වැඩිවෙනවා ,වෙන රටවලනම් පරණ වහනයක් විකුනන්න පුළුවන් ගත්ත මුදලට අඩුවෙන්මයි.
දිනෙන් දින ඉදිරියට යන ලෝකේ තියන දියුණු රටවල් සමග මේ රට සංසන්දනය කරන්න යාමම විහිළුවක්. තවමත් ගල් යුගයේ ආකල්ප සමග ජීවත් වන ගෝත්‍රිකයින්ට, අල්ලපු ගෙදරට පේන්න ඔවුන්ට වඩා ලොකු කාරෙකක් තමන්ගේ ගේ ඉස්සරග ගහ ගන්න තියනවා නම් ආයේ වෙන මුකුත් ඕනා නැහැ. අතේ සතේ නැතිව ෆුල් ලීසිං දමලා ගන්න වාහනේ ලීස් එක ගෙවා ගන්න බැරුව මහපාරේ යන්නේ මරු විකලෙන් වගේ. අනික, තමන් ආවඩන, අදහන දේශපාලක මහත්තුරු, ලොකු ලොකු කාර් වල යද්දී, ඒ දෙස බලලා සතුටු වෙන්නත් බැහැ හිතේ තියන කුහක කමට. කතාවෙන් නම් මහා ලොකු සමාජවාදියෝ?
ලක්ෂ 62 ඔබට සතුටුයිද දැන්? පව් අනේ ඒ ගොල්ලො. දර දිය ඇදල ආණ්ඩුවක් පත් කර ගත්ත නොතෙමි යන්න කාර් එකක් ගන්න. අන්තිමට බයිසිකලයටත් බදු ගැහුව දෙගුණ කරලා. පැතු වෙනස සැපද ඔබට?
පංචවිධ ප්‍රතිපත්තියට අනුව.....කෝ අනේ අර වැස්සේ තෙමීගෙන ආපු නඟා... දැන් අම්ම, තාත්ති... ඔයා යහපාලන ආණ්ඩුවෙන් ගත්තු කාර් එකේ නොතෙමී යනවා ඇති නේද?
කුලියාපිටියට නොආ වොක්ස්වැගන් රුවන්ඩා යයි…. යුරෝපයේ විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන වොක්ස්වැගන්, සිය නවතම මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාව පසුගිය ජූනි 27 වැනි දා රුවන්ඩා වේ කිගාලි අගනුවර ආරම්භ කරන ලදී. ඇමරිකානු ඩොලර් මිලියන 20 ක ආයෝජන ව්‍යාපෘතියක් වන මෙමගින් නව රැකියා 1,000 ක් බිහි වන බව සඳහන් වේ. ආරම්භයේ දී මෙම කර්මාන්තශාලාවෙන් Volkswagen Polo මෝටර් රථ 5,000 ක් වාර්ෂිකව එකලස් කිරීමට සැලසුම් කර ඇති අතර අනතුරුව Passat, Tiguan, Amarok සහTeramont යනාදී මෝටර් රථ ද නිපදවීමට මේ වන විට සැලසුම් කර තිබේ. යුරෝපයේ විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන වොක්ස්වැගන්, සිය අලුත්ම කම්හල පිහිටුවීම සඳහා කිසිදු පැකිළීමකින් තොරව තෝරාගත්තේ රුවන්ඩාවේ කිගාලි අගනුවරයි.
ලංකාවේ වාහනවලට ටැක්ස් ගැහුවට කමක් නැහැ. නැත්නම් පාලනයක් නැහැ නේ. පාරවල් තියෙන විදිහට තමයි වාහන ගෙන්න ඕන. පොඩි මිනිහට වදින එක වෙනම දෙයක් ඒ වුනාට පොඩි වාහන වැහි වෙහෙලා පාරවල් හිරකරන් අස්සෙන් එහෙන් මෙහෙන් දදා විකාරයක් නේ. පාරවල් හදල, හොඳ පොදු ප්‍රවාහන මාධ්‍යක් හදල ඔය ටැක්ස් අඩුකරන්න. දැන්නම් ඕන නැහැ, ගෙන්නන එක තහනම් කරත් කමක් නැහැ රට හැදෙනකල්. ආණ්ඩුව සල්ලි හොයනවා බොරු.
අවුරුද්දේ දවස් 365ම තීරුබදු, අර බදු මේ බදු කියකිය වැඩිකරනවා මිසක් අඩු කිරීමක් ගැනනම් කොහෙවත් සදහන් වෙන්නේ නැහැනේ.
මගේ කාර් සිහිනේ තව කල් යනවා....
කාර් ගන්න නෙමේ මේ සෙට් එක ගෙදර යන්නේ මිනිස්සුන්ට තුන් වේලත් කන්න බැරි කරලා.
තමන්ගේ දුක් මහන්සියෙන් හරි හම්බ කරන මුදලින් හොඳට කාලා, බීලා, ඇඳලා තමන්ටම කියලා ගෙයක් දොරක් හදාගෙන තමන්ගේම කියලා වාහනයක ගමන් කරන්න සිහින මවන අය කල යුත්තේ, නිදහසින් පසුව මේ රට පාලනය කල ප්‍රධාන පක්ෂ දෙකේම කපටි හොරුන්ට ආවඩමින් ඔවුන්ව බලයට පත් කරන එක නොවෙයි. එහෙම කියලා කාටත් හොරා, ඔය පක්ෂ දෙකටම හොරෙන් පන්දම් අල්ලමින් අනාගත සැලසුම් නැතිව අනුන්ගේ අඩුපාඩු පමණක් තලු මරමින් සිටින ජනතා විමුක්ති පෙරමුණ බලයට ගෙන්නවත් ක්‍රියා කිරීමත් නෙමේ කල යුත්තේ. මේ තිබෙන සිස්ටම් එක වෙනස් කල හැකි උගත්, බුද්ධිමත්, තරුණ ඒ වගේම ධනවත් නව නායකත්වයක් සහිත නව පක්ෂයක් ආරම්භ කිරීමයි. කවුරුන් හෝ දහිරියවන්ත පිරිසක් එකතුවී ඒ ආරම්භය ගත්තොත්, මේ රටේ වෙසෙන නිහඬ උගත්, බුද්ධිමත් ජනතාව ඔවුන් වටා පෙළගැසෙන්න ප්‍රමාද වන්නේ නැහැ. පාලකයින්ට ලොකු කාර් ගන්න ඡන්ද ව්‍යාපාර කරනවා වෙනුවට, තමන්ට වාහනයක් ගැනීමේ ඡන්ද ව්‍යාපාරයකුයි ජනතාව කල යුත්තේ. සරලවම දැනට තිබෙන ප්‍රාදේශීය හා පළාත් සභා අහෝසි කලොත්, දැනුත් මේ රටේ ජනතාවයට පීඩාවක් නැතිව ජීවත් විය හැකියි. එත්, ඉතින් ගමේ අයව මන්ත්‍රී තුමන්ලා කරන උණනේ අපේ අයට තියෙන්නේ.
යහපාලන ආණ්ඩුව අතමිට සරු කර ඉල්ලුමට සැපයුම දුන්නා. දැන් ඇති තරම් වාහන තියෙනවා..! වැඩිවුණු වාහන මිල ගැන ඇමති කබීර් කියන කතාව බලන්න. අන්තර් ජාලයෙන්වත් බලලා අැඟේ ලේ කෝපකර ගන්න පුළුවන්. 2015 වසරේදී යහපාලන ආණ්ඩුව පැමිණි පසු ජනතාවට වාහන ගැනීමේ සිහිනය සැබෑ වූ බවත් දැන් මාර්ගවල වාහන වැඩිබවත් ඇමැතිවරයා කියනවා.. පාරේ වාහන තිබෙනවා කියන්නේ රටේ සේරටම වාහන තියනවා කියන එකද?
යහපාලන රජයට අනුව මිනිස්සුන්නට වාහන ඕන වුනේ නොතෙමි ගමනක් යාමට පමණයි. කුඩයක් තිබේ නම් නොතෙමි ගමන් කළහැකි බව අවබෝද වී තිබෙන්නේ බලයට පත්වී අවුරුදු 3 ක් ගිහින්. එකත් අවබෝද වෙලා තියෙන්නේ වර්ල්ඩ් කප් එකේ තෑගි බෙදාදෙන වෙලාවේ වහිද්දි නොතෙමෙන්න කුඩ ඉහලාගෙන හිටපු එක දැකලයි.. ඉතින් කොහොමද මේ රට දියුණු කරන්නේ ?