සිතුම් චතුරංග සහ රොමේෂ් මධුෂංඛ
කිලිනොච්චිය මුලංකාවිල් අන්බුපුරම් ප්‍රදේශයේදී අද (1) 13 හැවිරිදි පාසල් දරුවෙකු ඔන්චිල්ලාවේ ලණුවට ගෙල සිරවීමෙන් මිය ගොස් ඇති බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.
සහෝදරියන් තිදෙනෙකු සිටින මෙම පාසල් දරුවා අද දිනයේදී පාසල් නොගොස් ඇත්තේ වාර විභාගය අවසන් වී ඇති නිසාවෙනි.
නිවසේ නැවතුණු පසු සිය මව කිසියම් අවශ්‍යතාවයකට කිලිනොච්චිය මහරෝහලට ගිය අතරතුර දී පාසල් දරුවා ගෙමිදුලෙහි තිබූ ඔන්චිල්ලාවේ සෙල්ලම් කර ඇති අතර එහිදී ඔන්චිල්ලාවේ ලණුවට ගෙල සිරවී සිහි මුර්ජා වී ඇත.
නිවස අසලින් ගිය පුද්ගලයකු ඔන්චිල්ලාවේ සිරවී සිටි පාසල් දරුවා දැක එම අවස්ථාවේදීම දිව විත් ලණුව කපා දරුවාට සිහි නැතිව ඇතැයි සිතා වහාම මුලංකාවිල් රෝහලට රැගෙන ගියද රෝහලට රැගෙන එන විටද දරුවා මිය ගොස් සිටි බවට මුලංකාවිල් රෝහලේ වෛද්‍යවරු කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අහිංසකයා. මීට පෙරත් මෙහෙම ළමයෙක් මැරුණා..
හරිම කණගාටුදායක මරණයක්. ළමයි දියේ ගිලි මැරෙනවා කෙළවරක් නෑ. ඒකට විසඳුම නගර සභාවෙන් පිහිනුම් තටාක පාසැල් 10 ප්‍රමාණවත්...
සහෝදරියන් 3 දෙනෙක් ඉන්න පවුලක එකම පිරිමි දරුවා.... පව් දෙයියනේ. මේ දෙමාපියන් කොහොම මේ දුක උසුලාගන්නද? නිමේශයක් ඇතිනේ විපතක් වෙන්නට...
පව් අහිංසක ළමයා, අනේ කාටවත් බැරිද මේ ඔන්චිල්ලාව අරගෙන ගිහින් දියවන්නාවේ තියන මාලිගේ ගැටගහන්න.