‘විද්‍යුත් උපකරණ බාරදීමට සූදානම්‘ පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා හා ප්‍රධාන ගැණුම්කරු වන කසුන් පළිසේන මහතා භාවිතා කළ ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක, ටැබ්ලට් ඇතුළු සියළුම විද්‍යුත් සන්නිවේදන උපකරණ කොමිසමේ විමර්ශන නිලධාරීන්ට බාර දීමට සුදානම් බව ඔහුගේ නීතීඥවරයා අද (04) කොමිසමට දැනුම් දුන්නේය. 04 August 2017
වසර 9 ක් වසා තිබූ කෝටි 50 ක ආර්ථික මධ්‍යස්ථානය යළි විවෘත කෙරෙයි වසර නවයක් තිස්සේ වසා දමා තිබු මැදවච්චිය බර්ටි පේ‍්‍රමලාල් දිසානායක ආර්ථික මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් අද (04) විවෘත විය. 04 August 2017
කැලණි පාලමේ දැන්වීම් පුවරුව කැඩුවැයි රියදුරු රිමාන්ඩ් අපරික්ෂාකාරීව රිය ධාවනය කරමින් කැළණි නව පාලම ඉහළින් සවිකර තිබූ විශාල දැන්වීම් පුවරුවක් කඩා දමා මාර්ග තදබදයක් ඇති කළැයි කියන සිද්ධියට අදාළ කන්ටේනර් රථ රියදුරු ලබන 08 වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සූරිය මහතා අද (04) නියෝග කළේය. 04 August 2017
වැන් රථයක ගැටී සිසුවියක් මරුට ඇහැලියගොඩ - දෙහිඕවිට මාර්ගයේ අල්ගොඩ ප්‍රදේශයේදී අද (04) වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි ශිෂ්‍යාවක යට කර තාප්පයක වැදී නතර වී ඇති අතර එම අනතුරින් ශිෂ්‍යයාව එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය පවසයි. 04 August 2017
මොරොන්තුඩුව - බණ්ඩාරගම රන් මාල කොල්ල කෑ 5 ක් දැලේ කුලියට ගත් මෝටර් රථයකින් රන් මාල කොල්ල කෑමේ යෙදුණු කාන්තාවන් හා පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව මොරොන්තුඩුව පොලිසිය පවසයි. 04 August 2017
අනුරාධපුරයට පානීය ජලය මහවැලියෙන් වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත් වූවන් සිටින අනුරාධපුර නගරයට බීමට ජලය තිබෙන්නේ තව සති තුනකට පමණක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. 04 August 2017
රිමාන්ඩ් බාරයේ සිටි සරසවි සිසුන් 3 ක් ඇප මත මුදා හරි සයිටම් විරෝධි පාගමනක් අතරතුර සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදී රුපියල් ලක්ෂ 8 පමණ පොදු දේපල වලට අලාභ හානි කරන ලදැයි සැකපිට රිමාන්ඩ් බාරයේ පත් කර සිටි විශ්ව විද්‍යාල තිදෙනෙකු ඇප මත මුදා හැරිමට කොළඹ මහාධිකරණය නියම කළේය. 04 August 2017
මාළු වෙළෙඳපොලේ කැන්ටිමේ මාළු කෑම නෑ පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ආපනශාලාව පවත්වාගෙන යෑම වෙනත් පාර්ශවයකට ලබාදීම සඳහා ටෙන්ඩර් කැඳවන්නැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත. 04 August 2017
යාපනයේදී ඝාතනය කළ පොලිස් පරික්ෂකගේ බිරිඳ නැවත පොලිස් සේවයට යාපනය නල්ලුර් ප්‍රදේශයේ දී පසුගිය දා වෙඩි ප්‍රහාරයට ලක්ව මිය ගිය උප පොලිස් පරික්ෂක සරත් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ නැවත පොලිස් සේවයේ පිහිටවීමට ජාතික පොලිස් කොමිසම අද (4) අනුමැතිය ලබාදී ඇත. 04 August 2017
අන්තරේ පෙළපාළියට විරුද්ධව පොලිසිය උසාවි යයි සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද (4) පවත්වන පාගමන මහජන පිඩාවක් ඇති නොවන පරිදි සාමකාමිව පවත්වන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. 04 August 2017
ලාංකිකයන් 15 ක් ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරයි ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරන ලද ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙක් අද (4) උදෑසන කටුනායක ගුවන් තොටුපළට පැමිණියහ. 04 August 2017
කෝටියක රන් බිස්කට් සමඟ කොස්තාපල්වරු දෙන්නෙක් අත්අඩංගුවට රුපියල් එක්කෝටි හාර ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 16 ක් පොලීසියට නොදන්වා ළඟ තබා ගැනීමේ චෝදනාව මත පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලීසිය පවසයි. 04 August 2017
අන්තරේ පාගමන අද කඩවතින් ඇරඹෙයි අන්තරේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නුවර සිට කොළඹට එන පාගමන අද (4) කඩවතින් ආරම්භ විමට නියමිතය. පාගමනින් කොළඹට පැමිණ කොළඹ දී රැළියක් පැවැත්වීමට සුදානමින් සිටින බව අන්තරේ ආරංචි මාර්ග කියයි. 04 August 2017
දැන්වීම් පුවරුවක් වැටීමෙන් කැලණියේ දැඩි වාහන තදබදයක් කැලණි පාලම හරහට ඇති නාම පුවරුවක කන්ටේනරයක් ගැටීමෙන් පසු එය මාර්ගය හරහා වැටී පතිතවිම නිසා දැඩි වාහන තදබදයක් ඇතැයි පොලිසිය කියයි 04 August 2017
රාජකීය ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ශ්‍රී ලංකා ශාඛාවක් ‘බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ රාජකීය ආයතනය - ශ්‍රී ලංකා සාමාජිකයෝ‘ සංගමය ආරම්භ කිරීම අද (3) ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාගේ නිල නිවසේදී පැවැත්විණි. 03 August 2017
ශිෂ්‍යත්ව ගුරුවරුන්ට තෑගි දෙන්න ගිහින් වැඩ වරදී මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ගේ පන්ති භාර ගුරුවරුන්ට ත්‍යාග ලබාදීම සඳහා මුදල් එකතු කළ බවට චෝදනා එල්ල වී තිබෙන කුරුණෑගල නගරයට ආසන්න විදුහලක විදුහල්පතිවරයාට සහ පහ වසර ගුරුවරුන් පිරිසකට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ. 03 August 2017
‘සයිටම් ආයතනයට අවශ්‍ය සුදුසුකම් නැහැ‘ සයිටම් ආයතනය උපාධි ප්‍රදාන ආයතනයක් ලෙස පිළිගැනීමට තරම් අවශ්‍ය සුදුසුකම් සපුරා නොමැති බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතා අද (03) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය. 03 August 2017
වරෙන්තු ලැබ සිටි ‘සම්පත්‘ අතුරුදන් පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධියකට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කරනු ලැබ සිටින නාවික ලූතිනන් ප්‍රසාද් චන්දන කුමාර හෙවත් ‘සම්පත්’ නැමැත්තා අතුරුදන් වී ඇතැයි ඔහුගේ බිරිද කළ පැමිණීල්ලක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව වැල්ලම්පිටිය පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කරුණු වාර්තා කර ඇත. 03 August 2017
සෙල්ලම් තුවක්කුවක් පෙන්නා ලක්ෂ හතරක් කොල්ලකති පිළියන්දල නගරයේ පෞද්ගලික බැංකුවකට සෙල්ලම් පිස්තෝලයක් හා කළු ගලක් රැගෙන පැමිණි දෙදෙනකු මුදල් අයකැමිවරයා බිය කර රුපියල් ලක්ෂ හතරක් පමණ කොල්ල කා පලාගොස් ඇතැයි පිළියන්ද පොලිසිය කියයි. 03 August 2017
‘අධිකරණ ඇමති වගකීම් හරියට කළ යුතුයි‘ රටේ අධිකරණ ඇමතිවරයා සිය වගකීම් හරි හැටි ඉටු කළ යුතු බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි. 03 August 2017
ගොවියකුගෙන් අල්ලස් ගත්තැයි හිටපු ප්‍රා.සභාපති සිරගෙට කොරියාවේ රැකියා ලබා දෙන බව කියමින් ගොවියකුගෙන් රුපියල් 75,000 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකරු වු රඹෑව ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරයාට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා බරපතල වැඩ සහිත වසර 13 ක සිර දඬුවමක් අද (03) නියම කළේය. 03 August 2017
ශ්‍රීලනීප ලේකම්ගේ මූලික විරෝධතාව කල් යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස සලකමින් අධිකරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ පැමිණිල්ල පවත්වාගෙන යා නොහැකි බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා ඉදිරිපත් කළ මූලික විරෝධතාව පිළිබඳ විමසීම ලබන 29 වැනිදා සිදුකිරීමට කොළඹ දිසා අධිකරණය අද (03) තීන්දු කළේය. 03 August 2017
නුසුදුසු සුදුලූණු විකිණීමට තැබූ ව්‍යාපාරිකයාට සිර දඬුවම් පරිභෝජනයට නුසුදුසු සුදුලූණු කිලෝ 50000ක් විකිණීම සඳහා වෙළඳපොළට නිකුත් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ ජාඇල ඒකල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය අද(4) මසක සිරදඬුවමක් නියම කළේය. 03 August 2017
රවීට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් විශ්වාසභංගයක් විදේශ කටයුතු ඇමැති රවී කරුණානායකට එරෙහිව අද(3) ඒකාබද්ධ විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයාට බාර දෙනු ලැබීය. 03 August 2017
සීඑස්එන් නාලිකාවට ගොනු කළ පෙත්සම ඔක්තෝබර් 9 වැනි දා තම විකාශන බලපත්‍රය අත්හිටුවීමට එරෙහිව සී.එස්.එන් නාලිකාවට ගොනු කර තිබූ රිට් පෙත්සම සම්බන්ධයෙන් සමතයකට පත්වීම සම්බන්ධයෙන් ඔක්තෝබර් 9 වැනිදා සළකා බැලීමට අභියාචනාධිකරණය අද (3) තීන්දු කළේය. 03 August 2017
මුතුරාජවෙලට කුණු දැමීම-අතුරු තහනම දිගු කෙරේ මුතුරාජවෙල අභය භූමියට කුණු බැහැර කිරීම හෝ කුමන ආකාරයේ කසල එකතු කිරීමෙන් කොළඹ මහනගර සභාව ඇතුළු බලධාරීන් වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) තීන්දු කළේය. 03 August 2017
යාපනයේ තරුණයින් දෙදෙනකු කපාකොටා දාලා යාපනය චුන්නාකම් පොලිස් වසමේ කන්කසන්තුරෙයි මාර්ගයේ දී නාඳුනන යතුරුපැදි කණ්ඩායමක් පැමිණ තරුණයින් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදී ඇති බවත් කැපුම් තුවාල ලැබූ තරුණයින් රෝහල්ගත කරනු ලැබ ඇති බවත් චුන්නාකම් පොලිසිය පවසයි. 03 August 2017
ලක්ෂ පහක රන් බඩු කොල්ල කෑ තුනක් අත්අඩංගුවට පයාගල ,මතුගම,දොඩම්ගොඩ හා වැලිපැන්න පොලිස් වසම් වල මහ මඟ ගමන් ගන්නා කාන්තාවන්ගේ රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමකින් යුත් රන්මාල 12 ක් කොල්ල කෑ තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 03 August 2017
වාසනා ඇතාගේ ඇස් අන්ධ කරන්න එපා කතරගම මහා දේවාලයේ දේව පිළිමය වැඩම කරවන වාසනා හස්තියාගේ ඇස් වලට හානි සිදුවෙන බැවින් කරඬුව වෙත සුවඳ විලවුන් විදීමෙන් සහ සුවද වර්ග විසි කිරීමෙන් වළකින ලෙස කතරගම මහා පෙරහරේ අලි ඇතුන් බාරව ටයුතු කරන වනජීවී දෙපාර්තමේන්තුවේ දකුණු හා නැගෙනහිර පළාත් බාර පශු වෛද්‍ය ඩබ්ලිව්.ඒ.ධර්මකීර්ති මහතා සියලු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී. 03 August 2017
ඇලෝසියස්ගේ ඇපල් ගිණුමට ඇතුළුවීම තහනම් කෙරේ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් මහතාගේ ඇපල් ගිණුමේ දත්ත මකා දැමීම සඳහා එයට ඇතුළුවීම තහනම් කරමින් බැඳුම්කර කොමිසම අද(3) නියෝගයක් නිකුත් කළේය. 03 August 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026