සිරංගිකා ලොකුකරවිට
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය වසරේ දින 365න් දින 350ක් පමණම වසා දමා ඇති බවත්, මෙය ගැටලුවක් බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ගාල්ලේ දී කීවේය.
දින 350ක් ක්‍රීඩාංගනය වසා දමා තිබෙනවා ද නැති නම් නගරයේ දරුවන් 80,000ක් වෙනුවෙන් ක්‍රීඩාංගනයේ ගේට්ටු විවෘත කරනවා ද යන්න තීරණය කළ යුතු බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව කියා සිටියේ අද (30) ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සමෘද්ධි නිලධාරීන් දැනුම්වත් කිරීමේ රැස්වීමකට එක්වෙමිනි.
අමාත්‍යවරයා එහි දී මෙසේ ද කීවේය.
‘‘මේ නගරයේ ළමයින් 80,000ක් පමණ අධ්‍යාපනය ලබනවා. ඒ අතර ඔබේ දරුවනුත් ඇති. අපි මේ දරුවන් ගැන හිතන්න ඕනෑ. මේ ක්‍රීඩාංගනය අවුරුද්දේ 365 දවසෙන් දවස් 350ක් විතර වහලා දාලා තියෙන්නේ. අපිට මේ ගැන ගැටලුවක් තියෙනවා.
ගාල්ල කොටුවේ මධ්‍යම පන්තියේ පවුල් 30ට පමණ ආණ්ඩුවෙන් නඩු දාලා තියෙනවා අනවසර ඉදිකිරීම් කළා කියලා. නමුත් රජය ක්‍රීඩාංගණයේ අනවසර ඉදිකිරීම් කරලා දැන් ඒක භාවිතා කරනවා. මේ නීතිය වැරදියි. නීතිය කාටත් එක සමාන වෙන්න ඕනෑ.
මම ශ්‍රී ලංකාවේ හිටියේ නැති වෙලාවේ ප්‍රචාරයක් ගෙනිච්චා ක්‍රීඩාංගනය ඉවත් කරනවා කියලා. ක්‍රීඩාංගණය විකුණනන්න හදනවා කිව්වා. මේකේ හෝටල් ගහනවා කිව්වා. නමුත් අපි කතා කළේ ක්‍රීඩාංගනයේ අනවසර ඉදිකිරීම් ගැන විතරයි. කාටවත් ක්‍රීඩාංගනය ඉවත් කරන්න බැහැ. ඒක විකුණන්නත් බැහැ. හෝටල් ගහන්නත් බැහැ. අපේ රටේ ලෝක උරුම තියෙන්නේ අටයි. අපි ගාල්ල ලෝක උරුම නගරයක් විදියට ආරක්ෂා කරන්න ඕනෑ. අපි තීරණය කරන්න ඕනෑ මේ ක්‍රීඩාංගණය වසරේ දවස් 350ක් වසා දමා තියනවාද නැතිනම් මෙහි ගේට්ටු නගරයේ දරුවන් 80,000ක් වෙනුවෙන් විවෘත කරනවා ද කියන එකයි.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නගරයේ දරුවන් වෙනුවෙන් විවෘත කරන්න මේක සතුටු උයනක් නෙමේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක්... ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමට දැවැන්ත ජයග්‍රහණ රැසක් අත්කර දුන්නු මෙම ක්‍රීඩාංගණය ජාතියේ සම්පතක් එය රැකගැනීම කොටුව රැකගන්නවා වගේම වැදගත්. වහලා තිබෙන එක ප්‍රශ්නයක් නම් වෙන්න ඕනේ.. දේශීය සහ ජාත්‍යන්තර තරග වැඩිවැඩියෙන් පවත්වන්න කටයුතු යොදන එක. දරුවන්ට ඕනෑ නම් වෙන කොහෙන්හරි පිට්ටනියක් සූදානම් කරලා දෙනඑක රජයේ වගකීමක්. ලෝකේ මොන ජාත්‍යන්තර ක්‍රිකට් පිට්ටනියත් අවුරුද්දේ වැඩි හරියක් වහල තමයි තියෙන්නේ.
ගාලු නගරයේ දරුවන් හා අවට පාසල් දින 365ම පාවිච්චි කළ මේ ක්‍රීඩා පිටිය ක්‍රිකට්වලට යටකර වසරකට දින 15ක් පමණක් පාවිච්චි කිරීම මහා අමන ක්‍රියාවක්... ගාලු මාධ්‍ය මහ විදුහල ඒ කාලේ ලංකාවේ පාපන්දු ශූරයින් ලෙස වසර ගාණක් රජකාලේ මේ ක්‍රීඩා පිටියේ පුහුණුවෙලා තමයි.
"මේ නීතිය වැරදියි. නීතිය කාටත් එක සමාන වෙන්න ඕනෑ." මෙය පැවසුවේ ඔබේ අපේ බදුමුදල් වලින් සුර සැප විඳින තවත් එක් අම්බරුවෙකි. මේ කියමනට අදාළ අර්ථය අදද මතක්වුනේ? තව එක් ප්‍රශ්නයක් අපගේ සිත්වලට නැගෙනවා. හදිසියේම හීනෙන් අවදි වුණාසේ මේ ක්‍රීඩාංගණය ගැන මහා හඬින් තප්පුලන්නේ කිනම් හෝ සට කපට යටි අරමුණක් හිතේ තබාගෙන නොවේද? අනවසර ඉදිකිරීම් නම් ඒවා ඉවත්කළ යුතුයි එහි කිසිඳු තර්කයක් නැහැ. නමුත් ඔතන විතරක් "හදිසියේ මලපහ කරන්න වැසිකිලි හොයනවා" වගේ නටන්නේ මන්ද?
ගාලු නගරයේ ජීවත් වන මිනිසුන්ගෙන් ඇහුවා නම් කියයි මේ පුද්ගලයාගේ අරමුණ මොකක්ද කියලා.. සියළු පාසල් ක්‍රිකට් තරග පවත්වන්නේ මේ ක්‍රීඩාංගණයේ.. වසරකට ටෙස්ට් තරග කීයක් නම් තියෙනවද..? මොකටද මේ ලෑස්ති වෙන්නේ?
විකුණන්න අදහසක්වත් ඇවිදින්ද?
නැතුව ඉතින් දින 365ම ඉන්ටෙර්නැෂනල් මැච් ගහන්නද මු කියන්නේ. ගාල්ල මාතර ඉස්කෝල වලට බිග් මැච් ගහන්න පිට්ටනිය දුන්නහම හරිනේ. අනිත් ක්‍රීඩා වලට තව පිට්ටනියක් හදල තියනවා එකේ වැඩ 80% අවසන් කියල කියනවා එක ඉක්මනට හදල දුන්නනම් හරිනේ මේ ඇමතියෝ වාහන ගෙන සල්ලි මුන්ව නඩත්තුකරන සල්ලි හොරකන් කරන සල්ලි වලින්. අන්තර්ජාතික ක්‍රීඩාංගනයක් විනාස කරන්න ලේසි ආයේ හදන්න අමාරුයි. ලංකාවට මෙච්චර වාසි තියන පිට්ටනිය විනාස කරන එක ජාතික අපරාදයක්. මේක සාමාන්‍ය පිට්ටනියක් කරලා වෙනතැනක අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයක් හදනවලු එකට සල්ලි දෙන්නේ මුගෙ ......... ද දන්නේ නෑ. යකෝ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයක් හදන සල්ලි වලින් ගාල්ලට හදන්න බැරිය සියලු පහසුකම් සහිත සාමාන්‍ය පිට්ටනි 10ක්. මේක මෙහෙමම තිබුනාවේ. කාලකන්නි දේශපාලුවෝ.
ඔය පැන්නෙ බළලා මල්ලෙන් එලියට....
එහෙම කියල එකත් විකුණන්නද හදන්නේ. පාර්ලිමේන්තුවත් අවුරුද්දේ වැඩිකාලයක් වහල. අනෙක ඒ මල ඉලුව්ව තුබුණ කියල කෙරෙන වැඩකුත් නැහැනේ. අන්න එකත් විකුණන්න. අමතිලගේ රජයෙන් දීපු නිවාසත් වැඩි හරියක් වහල ඇත්තේ. බැලුවොත් ඇත්නම් රටනේ. ඒවත් විකුණලා දමන්න.
ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් වුණාම එහෙම තමයි. හැමදාම හැමෝටම ඕන විදිහට යන්න එන්න බෑ. මෙතුමා කියන දේට විසඳුම ඕකේ පවත්වන තරග ප්‍රමාණය වැඩි කරන එක මිසක් ඔක්කෝටම ඕක විවෘත කරන එක නෙමෙයි. ලංකාවේ පැරණිම, සුන්දරම, විදෙස් සංචාරයකයින් වැඩි වශයෙන් පැමිණෙන, ශ්‍රී ලංකා කණ්ඩායමට වාසිදායකම තණතීරුවක් හිමි ක්‍රීඩාංගණයක් තමයි ගාල්ල කියන්නේ... මේක අපේ රටට ලොකු සම්පතක් වගේම උරුමයක්. මේකට කෙළවන්න හදන එක පිටිපස්සේ කුමක් හෝ කුමන්ත්‍රණයක් තිබෙනවාදෝ කියලා සැකයක් තියෙනවා.
කවුද මේ අයට ඡන්දය දුන්නේ...ආ.. මේ පින් ඇමතියෙක්...