නාලක සංජීව දහනායක
නිල කාලය අවසන්ව තිබෙන පළාත් සභා තුනෙහි මැතිවරණ පැවැත් වීමට ක්‍රියානොකරන්නේ නම් මැතිවරණ කොමිසම් සභාවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුපවරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.
අර්ථ නිරූපණ ආඥාපනතේ හයවැනි වගන්තියට අනුව නව නීතියක් සම්පූර්ණයෙන්ම බලාත්මක වීමෙන් පසුව පැරණි නීතිය අහෝසිවන බවත් ඒ අනුව 2017 අංක 17 දරණ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත බලාත්මකව නොමැති බැවින් පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාව තිබෙන බවද ඔහු සඳහන් කළේය.
සීමා නීර්ණය කොමිෂන් සභාවේ වාර්තාව මෙම වසරේ පෙබරවාරි මාසයේදී විෂයභාර අමාත්‍ය ෆයසිර් මුස්තාපා මහතාට භාරදී ඇති බවත් අමාත්‍යවරයා විසින් එය මාර්තු මාසයේ මුල් සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළද එය මේ දක්වා සම්මතව නොමැති බවත් හෙතෙම කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය දන්නා නීති විශාරද හිටපු ඇමති කෙනෙක් අනුන්ගේ අතකොලු වෙලා රට වනසන රටේ සල්ලි කාබාසිනියා කරන ඡන්දයක් ඉල්ලා උසාවි යාම විහිළුවක්. ඇතැම් අය මහින්දට කඩේ යමින් ශිරාණි බණ්ඩාරනායක විනිසුරුවරියට කරපු අවනීති සහගත නෙරපාහැරීමට... හරි නම් දැනට ජී.ඇල් හිරේ සිටිය යුතුයි. ඔහුගේ මූණටම කියනවා දැකගැනීමට හැකිවුණා. ඡන්දයි හොරුන්ටයි කඩේ යනවට වඩා රටට යමක් කරන්න මේ මිනිස්සුන්ට හිතෙන්නෙම නැද්ද?
රටේ අවනීතිය රජ කෙරුව පාලනයක පාලකයින්ට අද නීතියේ පිළිසරණ සොයමින් උසාවි ගානේ රස්තියාදු වෙන්න සිද්ධ වීම දෛවයේ සරදමක් ද නැත්නම් කළ කර්මය ඵල දීමක්ද?
අග විනිසුරුවරු දුරකථන පණිවිඩයකින් පන්නා දමපු, උසාවි තීන්දු ගෙදර ඉඳගෙන අරගෙන දුන්නු කාලයක ඇමතිකම් දරපු අපේ උගත් පඬිතුමාට තේරෙනවා ඇති නේද ස්වාධීන අධිකරණ පද්ධතියක් රටක තියෙන එකේ වටිනාකම?
උසාවියට යන්නට අර 16 කල්ලියෙන් නීති උපදේශක කෙනෙක් තෝරාගන්න.
වතුර හිඳුනාම මාළුවාට ඉන්න බැහැ.. බලය ගිලිහිලා කොමිස් ගහන්න, දේපල කුණුකොල්ලයට පැහැරගන්න, රට සවාරි යන්න බැරිව පිස්සු හැදිලා වගෙයි..