(සුජිත් හේවාජුලිගේ)
හිටපු ඇමැතිවරයකුට අයත් කොළඹ 7 ප්‍රදේශයේ සුවිසල් නිවසක් කුලියට ගෙන පවත්වාගෙන ගිය ප්‍රසිද්ධ කැරොකේ සමාජ ශාලාවක බලපත්‍ර නොමැතිව අලෙවි කිරීමට සුදානම් කර තිබූ බියර් කෑන් 121 කොළඹ නගරය සුරාබදු ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (30) සොයාගන්නා ලදී.
කොළඹ නගරයේ ප්‍රසිද්ධ බාලිකා පාසලක් ආසන්නයේ පවත්වාගෙන යන මෙම කැරොකේ සමාජ ශාලාවේ සේවකයකු මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලදැයි කොළඹ නගරයේ සුරාබදු ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක චානක නානායක්කාර මහතා ‘‘ ලංකාදීපයට‘‘ පැවැසීය.
මෙම සමාජ ශාලාවට ගිය වසරේදී මත්පැන් බලපත්‍රයක් නිකුත් කර තිබුණත් මහජන විරෝධයක් නිසා මේ වසරේ මත්පැන් බලපත්‍රයක් නිකුත් කර නොතිබූ බව සුරාබදු නිලධාරීහු කියති.
මේ සමාජ ශාලාවේ හිමිකරු චීන ජාතිකයකු බව කියන සුරාබදු අංශ මේ වසරේ මත්පැන් බලපත්‍රයක් නොමැති නිසා බලපත්‍ර සහිත මත්පැන් අලෙවිසැල් වලින් මිලදී ගෙන ඒවා මෙහි රහසිගතව සඟවා ගෙන අලෙවි කර තිබූ බවට තොරතුරු හෙළිකර ගෙන ඇත.
මෙම සමාජ ශාලාව චීන ජාතිකයන්ට පමණක් විවෘත කෙරුණු එකක් බවත් ලංකාවේ විවිධ ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයන් මෙහි නිතර පැමිණෙන බවත් කියති.
අත්අඩංගුවට ගනු ලැබූ සේවකයා සුරාබදු ඇප මත දැනට මුදා හැර ඇත.සැකකරු සහ බියර් තොගය මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීන ජාතිකයෙක් නම් මේ නිවස ලබාගෙන තිබෙන්නේ.. නිවස කාගේද කියලා කියන්න ඕනේ නැහැ එහෙනම්.. හොයන්න ඕනේ දේශපාලකයා එම නිවස මිලදී අරගෙන තිබෙන ආකාරය පිළිබඳවයි. දේශපාලන බලයට එන්න පෙර පිච්චියක් අතේ නොතිබුණු පුද්ගලයෝ බලය ලැබුණු පසු අද කොළඹ ප්‍රධාන නගරවල තිබෙන මහමන්දිරවල අයිතිකාරයෝ... සම්පත් රටතුළ නිසිලෙස සංසරණය නොවීමට සලස්වා එම සම්පත් අතලොස්සක් පමණක් රඳවාගෙන අසාධාරණ පොහොසත්වීම රටේ ආර්ථිකයට එල්ලකරන්නේ බලවත් පහරක්..
මේකේ අයිති චීනාව අත් අඩංගුවට ගන්නේ නැතුව ලංකාවේ සේවකයව විතරක් අත් අඩංගුවට ගන්නවා. චීනටම ගිය ලංකාව! නැවෙන නීතියෙන් ඔබත් ප්‍රවේසම් වන්න.
හිටපු ඇමති කවුද කියලා කිව්වා නම් නේද හොඳ ?
අනේ අර වැඩට ඉන්න සේවකයා අල්ලාගෙන මොනවා කරන්නද? අල්ලන්නකෝ ඕකේ අයිතිකාරයා. කාවද මේ රවට්ටන්න හදන්නේ? අයිතිකාරයාට කිට්ටු වෙන්න බයයි.
මේ හොරා ඇමැතිවෙලා හිටපු කාලේ ...මොන තරම් ජරා වැඩ කරන්න ඇතිද ..