ඩයනා උදයංගනී
විශ්ව විද්‍යාලවල නවක වදය මේ වන විට මිලේච්ඡ හිංසනයක් බවට පත්ව ඇති බවත් ඉදිරියේදී ඊට එරෙහිව නවක වද පනත අනුව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
නවක වද පනත අනුව මේ සම්බන්ධ වැරදි කරුවන්ට වසර 10ක සිර දඬුවමක් දක්වා නීතිය ක්‍රියාත්මක කළ හැකි බව කී අමාත්‍යවරයා ඉදිරියේදී එම නීතිය නිසි අයුරින් ක්‍රියාත්මක කරන ලෙස විශ්ව විද්‍යාලයන්ට මෙන්ම සියලූ පොලිස් ස්ථාන වෙත ද දැනුම් දී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
විශ්ව විද්‍යාලවල ඇතැම් ජ්‍යෙෂ්ඨ සිසුන් ජ්‍යෙෂ්ඨ උත්තමයින් ලෙස තමන් හඳුන්වා ගනිමින් ගෝත්‍රිකයින් ලෙස හැසිරෙමින් මිලේච්ඡ ලිංගික හිංසන සහිතව ක්‍රියාත්මක කරන නවක වදය හේතුවෙන් බොහෝ සිසුන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය හැර වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.එසේම පීඩාවට පත්වන ඇතැම් සිසුන්ට මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට ද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට සිදුව ඇතැයි ඇමති විජයදාස රාජපක්ෂ මහතා කියා සිටියේය.
ඇමතිවරයා මේ බව පැවසුවේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා ශ්‍රවණාගාරයේදී අද (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මේ වන විට නවක වද සිද්ධීන් පිළිබඳ පැමිණිලි ලබාදීම සඳහා 011 2123700 යනුවෙන් පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක් හඳුන්වා දී ඇති අතර හදිසි පැමිණිලි පිළිබඳ දැනුවත් කිරීම සඳහා ‘‘ඉමර්ජන්සි ඇප්‘‘ හඳන්වාදීමේ නියමු ව්‍යාපෘතියක් මේ වන විට ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක බව ද සඳහන් කළේය.
මේ වන විට ඇතැම් දේශපාලන පක්ෂවල මැදිහත්වීම් හේතුවෙන් විශ්ව විද්‍යාලවල විනය පවත්වාගෙන යාම සම්බන්ධව බරපතල ගැටලූවක් මතු වී ඇති බව ද ඔහු කියා සිටියේය.
විරෝධතා සඳහා බස් රථ වෙන් කරගෙන කොළඹට පැමිණෙන විශ්ව විද්‍යාල සිසුන් වෙනුවෙන් රුපියල් ලක්ෂ ගණනින් වියදම් කරන කණ්ඩායම් පිළිබඳව මේ වන විට යම් යම් තොරතුරු ලැබී ඇතැයි කී අමාත්‍යවරයා ඉදිරියේදී සාක්ෂි සහිතව එම අය කවුරුන්ද යන්න රටට හෙළි කරන බව ද කීවේය.
ශිෂ්‍ය නායකයින් කියමින් ශිෂ්‍ය විරෝධතා මෙහෙයවන ඇතැමුන් මේ වන විට විශ්ව විද්‍යාල සිසුන් නොවන බව කී අමාත්‍යවරයා ඔවුන් කටයුතු කරන්නේ ශිෂ්‍ය ගැටලූ විසඳීම වෙනුවෙන් නොව දේශපාලන අර්බුද නිර්මාණය කිරිමේ කුලීකරුවන් ලෙස බව ද ඇමතිවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිදාක පරාජය කල නොහැකි යැයි කියාගෙන සිටි සන්නද්ධ කොටි සංවිධානය නැත්තටම නැති වෙන්නට අතු ගා දැම්මා නම්, මේ නිකම්ම නිකම් කොලු රැලකගේ මිලේච්ඡකම් නැති කිරීම මහ කජ්ජක්ද? මීට අවශ්‍ය වන්නේ දැඩි තීරණ ගත හැකි අමාත්‍යවරයෙක් පමණයි. මේ මිලේච්ඡ ක්රියාවේ යෙදෙන වදකයින් හඳුනා ගැනීමට සෑම වසරකම ඔත්තුකරුවන් ජාලයක් විශ්ව විද්‍යාල තුළ ඇති කළ යුතුයි.
කිසිදිනක පරාජය කල නොහැකි යයි ප්‍රතිරූපයක් මවාගෙන සිටි සන්නද්ධ කොටි සංවිධනය නැත්තටම නැතිවෙන සේ අතුගා දැමිය හැකි වූවා නම්, මේ නිකම්ම නිකම් කොලු රැලකගේ ම්ලේච්ඡකම් නැවැත්විය නොහැකිද? මීට අවශ්‍ය වන්නේ දැඩි තීරණ ගත හැකි ඇමතිවරයෙකු පමණයි. නවක වදකයින් හඳුනා ගැනීම සඳහා සෑම වසරකම ඔත්තු කරුවන් ජාලාවක් ඇති කළ යුතුයි.
ගරු, ඇමතිතුමා ඉතාම කාලෝචිත තීරණයක් තමයි අරගෙන තිබෙන්නේ. ඔබතුමා වැනි කෙලින් වැඩ කරන උගත් වගේම බුද්ධිමත් දේශපාලන නායකයෙකුට අපේ රට පවා ගොඩ ගැනීම අපහසු කාර්යයක් නොවේ. ඇත්තෙන්ම අපේ රටේ විශ්ව විද්‍යාල තුල තිබෙන්නේ දේශපාලන මාෆියාවක්. පාසලේදී, නිසි විනයක් සහිතව අධ්‍යාපනය ලබා උසස්පෙළ ඉහළින් සමත් දක්ෂ සිසුන්ව මේ මාෆියා කල්ලිය ග්‍රහණයකට හසු කර ගැනීම තමයි සිදු කරන්නේ. ඒ වගේම කලා විෂයයන් හදාරන සිසුන් අවමකර ඔවුන්ට වෘත්තීය අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරනවා නම්, ඔවුන්ගෙන් රටට විශාල සේවාවක් ලබාගත හැකියි. මොළේ කොලොප්පන් වූ උපාධිධාරීන් වෙනුවට, යහපත් පුරවැසියන් විශ්ව විද්‍යාල තුළින් බිහිකිරීමේ ක්‍රමවේදයක් ඇති කරන්න. ඒ වගේම ලංකාවේ දොස්තර මාෆියා කල්ලියත් මර්ධනය කර ශ්‍රී ලංකාව තුළ නිසි ප්‍රමිතියෙන් යුත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමට කටයුතු කර, මෙරටින් පිටරටට ඇදෙන මුදල් හා පිටරට විශ්ව විද්‍යාලවලට සිසුන් පටවන දොස්තර මාෆියාවෙන් සිසුන්ව මුදවා ගැනීමට කටයුතු කරන්න.
මේවා කරවන අතළොස්ස හොඳින් හෝ නරකින් මර්ධනය නොකළොත් අන්තිමට උසස් අධ්‍යාපනය සඳහා වාර්ෂිකව වැයකරන කෝටි ගණනක් බදු සල්ලි අපතේ යනවා. විශ්ව විද්‍යාල සිසුන්ට උද්ඝෝෂණ, වර්ජන නිසා ඉගෙනීමේ කාලය නාස්තිවන නිසා අන්තිමට රජයේ විශ්ව විද්‍යාලවලින් පිටවෙන්නේ ප්‍රමිතියෙන් අඩු උපාධිධාරීන් පිරිසක්... මොවුන් රටේ කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල මාර්ග අවහිර කිරීමෙන් රටේ ආර්ථිකයට වන්නේ විශාල පරිහානියක්...
නවකවදය වැනි දාමරික ක්‍රියාවන්.. අත්හිටුවිය යුතුයි.
මෙය ඉතාමත්ම හොද තීරණයක්. කවුරු මොනවා කිව්වත් රටට සෙතක් වෙනවා නම් අන්තරේ නොව අන්තරේගේ ආදරණිය මෑණියන්ද විරුද්ධ වුණත් කලයුතුය. මොකද අනිවාර්යයෙන්ම කිසිදින බලය ලබාගැනීමට නොහැකි පක්ෂයක ඇම්බැට්ටයන් සුළු පිරිසක් විසින් නටවන අන්තරේ සැමදා පාරේම ඉන්න කටයුතු කරයි. නමුත් මේ රටේ දියුණුවට කලයුතුය. ඇත්තටම මේ සෑම දෙයකටම වියදම් කරන්නේ ඔබේ අපේ බදු මුදල් බැවින් පැහැදිලි ලියවිල්ලකට විශ්ව විද්‍යාලවලට ඇතුළුවන සිසුන්ගෙන් අත්සන් කරගන්න හැකියාවක් නැද්ද? එසේ අත්සන් කිරීමට බැරි සිසුන් යන්න එළියට.. ඕනෑතරම් සුදුසුකම් තියෙන සිසුන් ඉන්නවා ඇතුළට එන්න. බොහොම සරලයි එතකොට අන්තරේටත් වැඩ අඩුයි මහජන මුදලුත් ඉතුරුවෙනවා.
ඔය කියනදේ අඩ සියවසකට වැඩි කාලයක් ඔය වර්ගයේ අය කිව්වා. අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල යුගයේත් කිව්වා. ඔය කියන අයත් ඒකම කලා. ජනතාව රවටන්න එපා. ඔය නීති හදන හැම කෙනාම ඕක කළා. එකෙකුට කියන්න පුළුවන්ද මම නම් කලේ නැහැ කියලා.
අපේ කාලේ නවකවදය මෙතරම් මෙලෙච්ඡ ආකාරයට නොතිබුණත් ඒ වධක මාසය ගෙවීගියේ අපායේ යමපල්ලන්ගේ වාචික අණට ශරීරය මාරාන්තික කායික ක්‍රියාකාරකම් වලට යෙදවීමෙනි. මගේ පුතාගේ සරසවි ගමන පළමුවැනි මාසයෙන්ම කෙලෙවර වුනේ මේ යමපල්ලන් වාචික අණට අමතරව පොලුමුගුරු භාවිතාකර වදයදීමට පුරුදුවී ඇති නිසයි.
2010/2011 බුද්ධශ්රාවක භික්ෂු විශ්ව විද්‍යාලයේ නවක වදය සම්පූර්ණයෙන්ම නැතිකළා. කොහොමාද කලේ කියලා හොයලා බැලුවා නම් ඇමැතිතුමාට ක්‍රමයක් හොයාගත හැකියි. එස්.බී දිසානායක ගෙනුත් උපදෙසක් ගන්න.