විනීතා එම්. ගමගේ
ස්වාධීන අධිකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර වෙනුවෙන් ඇෆ්ගනිස්ථානය උපරිම සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථාන තානාපති මුනිර් ගෝෂී මහතා, අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය හමුවේ පවසා ඇත.
ශ‍්‍රී ලංකා රජය අධිකරණ පද්ධතිය ස්වාධින කර නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම සඳහා ගෙන ඇති පියවර තම රටට ද ආදර්ශයක් බව ද තානාපතිවරයා පැවසීය.
අතුකෝරළ මහත්මිය සහ මුනිර් ගෝෂි මහතා අධිකරණ අමාත්‍යංශයේ දී හමුවූ අවස්ථාවේ මේ බව පවසා ඇත.
එම හමුවේ දී දෙරට අතර අධිකරණ පද්ධතියේ සංවර්ධනය හා නීතිමය දැනුම හුවමාරු කර ගැනීම පිළිබඳව අදහස් හුවමාරු විය.
වත්මන් රජය අධිකරණ යටිතල පහසුකම් සංවර්ධනය ස්වාධීන අධිකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව අමාත්‍යවරිය විසින් තානාපතිවරයා දැනුවත් කරනු ලැබීය.
ශ‍්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර රාජ්‍ය තාන්ත‍්‍රික සම්බන්ධතා දිර්ඝ කාලයක සිට පැවත එන බවත් එය තවදුරටත් වැඩි දියුණු කර ගැනීම සඳහා කටයුතු කළ යුතු බවත් මෙහිදී අවධාරණය විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට තමා කියන්නේ වැද්දන්ගෙන් බණ අහනවා කියල.
ඇෆ්ගනිස්ථානය කියන්නේ ලෝකයේ වැඩිම අබිං නිෂ්පාදනය කරන රටක්. එම නිසා මේ ඇෆ්ගන් තානාපති තමන්ගේ රටේ අබිං සහ හෙරොයින් නිෂ්පාදනය අඩු කිරීමට පියවර ගත්තා නම් මීට වඩා හොඳයි.
ඇෆ්ගන්ස්ථානයේ ඉතා කුඩා ප්‍රදේශයක "හෙරෝයින් " නිෂ්පාදනය කරන බව සත්‍යක්. ඒත් තවම කිසිම රටක ඇෆ්ඝනිස්ථාන් වැසියෙක් කුඩුත් සමග රේගුවකට හසුවෙලා නැහැ... අපේ රටට "හෙරෝයින් " සයන්නෝ කව්ද ..?