ක.ග කරුණාරත්න
පොලොන්නරුව මහ රෝහල පිටුපස පිහිටි පෞද්ගලික ඉඩමක නිධන් සෙවීමේ අරමුණින් කැණීමක් කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අද (30) දහවල් අත්අඩංගුවට ගත්බව පොලොන්නරුව පොලිසිය කියයි.
සැකරුවන් අතර ඉඩමේ හිමිකර ද සිටී.
රන්, රිදී, මුතු, මැණික් ඇතුළු මිල කළ නොහැකි වස්තු සම්භාරයක් නිදන් කර ඇති බවට ලැබුණු තොරතුරක් මත එය ගොඩ ගැනීම සඳහා මේ කැණීම කළ බව සැකකරුවන් ප්‍රකාශ කළ බව පොලිසිය කියයි.
නිදන් හෑරීම සඳහා උපයෝගී කර ගත් බව කියන උදලු, අලවංගු, යකඩ කටු, මිටි, වතුර පොම්පයක්, ජල නල සහ වයර් ආදිය පොලිස් භාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd