(ටී.කේ.ජී.කපිල)
කටුනායක ගුවන් තොටුපොළ අවට කලාප ඉහළ අහසේ සරුංගල් යැවීම, ගුවන් යානාවල ගමන් වලට බාධා ඇති කරන නිසා මෙම ප්‍රදේශයේ සරුංගල් යැවීමෙන් වැළකී සිටින්නැයි ගුවන් තොටුපොළ රාජකාරී කළමනාකාරවරයා ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ශ්‍රී ලංකාවේ සරුංගල් වාරය , දෙවැනි පාසල් නිවාඩු සමයත් සමඟ ආරම්භ වීමට නියමිත හෙයින් , පසුගිය වසරවල අත්දැකීම් මත මෙම ඉල්ලීම ප්‍රදේශයේ ජනතාව වෙත ඉදිරිපත් කිරීමට කළමනාකාරවරයා පියවර ගෙන තිබේ .
මඩවල , මාදුව , කළහපිටිය , පීල්ලවත්ත ආදී කුඹුරු යාය සහිත ප්‍රදේශවල මෙම සරුංගල් යැවීම ඉදිරි අගෝස්තු මාසය තුළ බහුලව සිදුවන හෙයින් , එම ප්‍රදේශ ඔස්සේ ගුවන් යානා ද ඉතා පහතින් ගමන් ගන්නා නිසා මෙම සරුංගල් එම යානාවල පැටලී අනතුරු සිදුවිය හැකි බැවින් ගුවන් තොටුපොළ අවට ප්‍රදේශවාසීන් මේ පිළිබඳව වඩාත් සැළකිලිමත් විය යුතු බව කටුනායක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත ඒකනායක මහතා මේ පිළිබඳව කළ විමසීමකදී පැවැසීය .
විශාල සරුංගල් ඉදිරි කාළ වලදී විශාල වශයෙන් උදෑසන සිට සවස් වනතුරු ගුවන් තොටුපොළ අවට ඉහළ අහසේ යැවීම නිසා කටුනායක ගුවන් තොටුපොළ මෙන්ම ගුවන් යානාවල රේඩාර් පද්ධති වලට මෙම සරුංගල් අපහැදිලි අවුල් සහගත දර්ශන ඇති කිරීම තවත් අනතුරුදායක කටයුත්තක් බවද පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරුංගල් යවන්න ආස කට්ටිය මත්තලට ගිහින් සරුංගල් යවන්න.
රාලහාමි, ඔය වැඩේ අවදානම් නම් කෙලින්ම නීතියක් දාන්න මේ ප්‍රදේශ වල සරුංගල් යැවීම තහනම් කියලා. යවන එක අවදානම් කියලා නිකන් ඉන්නේ නැතුව. මමත් ලඟදි ලංකාවට එන්න ඉන්නේ. ප්ලේන් එක සරුංගලෙක පැටලුනානම් බහින්න බැරුව උඩම තමා ඉන්න වෙන්නේ.
දියුණු රටවල්වල් වල " සරුංගල් " වැනි දේවල් අහස්ගත කිරීම මීටර 80-100 සීමාකරලා තියනවා .. මෙවැනි නීතීන්ට එවැනි රටවල්වල මිනිස්සු / ළමයින් හුඟක් ගරුත්වයෙන් පිළිපදිනවා .