ඩයනා උදයංගනී
මත්තල ගුවන් තොටුපොළේ මාසික ආදායම රුපියල් ලක්ෂ 12ක් වන අතර එහි නඩත්තු කටයුතු වෙනුවෙන් වියදම රුපියල් ලක්ෂ 2500 බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
මත්තල වෙනුවෙන් රටේ සෑම පුරවැසියෙක්ම රුපියල් 800 ක් ගෙවා තිබෙන බව කී අමාත්‍යවරයා දැනට කටුනායක ගුවන්තොටුපොළේ ආදායමත් මත්තල නඩත්තු කිරීමට වැයවන බව සඳහන් කළේය.
කටුනායක ඉදිකිරීමට තිබූ දෙවන ගුවන්තොටුපොළ නිසි අධ්‍යනයකින් තොරව මත්තලට ගෙනයාම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බව ද ඇමතිවරයා කීවේය.
මෙය රජය සතුව තිබියදී එහි පාලනය භාරදීමට ඇති හැකියාව පිළිබඳව ඉන්දියානු ගුවන්තොටුපොළ අධිකාරියත් සහ ශ්‍රී ලංකා ගුවන්තොටුපොළ අධිකාරිය අතර සාකච්ඡා පවත්වමින් සිටින බව ද අමාත්‍යවරයා කීවේය. තවම ඒ සම්බන්ධව අවසන් නිගමනයකට පැමිණ නැති බව කී අමාත්‍යවරයා අවසන් නිගමනයකට පැමිණි වහාම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර රටේ ජනතාව අතර විවෘතව සාකච්ඡා කරන බව ද සඳහන් කළේය.
දේශපාලනමය හෝ ආර්ථිකය ගැන දැනුමක් නොමැති අය කුමන දේ කීවත් ඉදිරි දෂක දෙක සඳහා එය ආර්ථික වශයෙන් ගොඩනගා ගැනීමට මෙරට ගුවන් සේවා අධිකාරියට හැකියාවක් නැති නිසා එවන් පියවරක් ගැනීමට සිදුවන බව ද අමාත්‍යවරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහි සාක්ෂි අධ්‍යයනය කලේ කවුරුන්ද? පරිසර වාර්තාව ට අනුමැතිය දුන්නේ කවුරුන්ද? මීට අනුමැතිය දුන් කැබිනට් මණ්ඩලයේ සිටියෝ කවරහු ද? මෙවැනි ව්‍යාපෘති ඉදිරියේදී ක්‍රියාත්මක වේ නම් නවත්වන්නේ කෙසේද ?
එදා මේ කිසිවකට විරුද්ධ නොවී " නගුට හොයාගන්නවත් බැරි තැනක හංගගෙන" ඉඳලා දැන් තුට්ටුදෙකේ වීරයෙක් වෙන්න හදනවා.. අනේද කියන්නේ.. අපේ මහජනතාව නියෝජනය කරනවා යයි කියන තවත් අම්බරුවෙකි.
නිසි අධ්‍යනයකින් තොරව මත්තල ගුවන් තොටුපොල ඉදි කළා නම් එවකට පරිසර අමාත්‍යාංශයේ ඇමැතිවරයා ලෙස එයට අනුමැතිය දුන් චම්පිකට වගකීමෙන් බැහැර විය නොහැකිය..
කුමන පක්ෂයක හිටියත් ඔබ රටට වැඩක් කරන ඇමැති වරයෙකි. නමුත් ඔබටත් මෙතැනදී වැරදුනි. මත්තල අවට රජයේ ඉඩම් කිහිපයක් ගබඩා ඉදිකිරීමට ලබාදී සියලුම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා මත්තලට යොමු කර බලන්න. ඉලක්ක කරගෙන හම්බන්තොට ඉදිකරන්න දකුණු ආසියාවේ ලොකුම නිදහස් වෙළඳ කලාපය. එවිට ඔබට තේරේවි මෙහි වටිනාකම සහ සිතේවි ඔබට වරායත් අපටම තිබුණා නම් කියා.
ඉතින් ඉන්දියාවට මොලේ උණද... එහෙම පාඩු බිස්නස් ඇඟේ ගහගන්න..?
මත්තල නම් මහා අපරාධයක්... කිසිම ඉවක් බවක් නැති සංවර්ධනයේ තව අනිටු ප්‍රථිඵලයක්. කටුනායක, ගුවන් යානේ ඉඳල එක්කන් යන බස් වල ඒ/සී නෑ. අලුත් ටර්මිනල් එකෙන් පරණ කොටසට ආවම බලන්න කැතයි. ආගමන විගමන එකේ අය අපි දිහා බලන්නේ එයාලගේ සල්ලි වලින් රට ගිහින් ආව වගේ මූනේ හිනාවක් නෑ. පිටකොටුවේ ගියා වගේ ඩියුටි ෆ්‍රී එකෙන් එද්දී වෙළෙන්දෝ පස්සෙන් එනවා. ගමන් බලපත්‍රයේ එලවුන්ස් එක ඉල්ලනවා. බෑග් එන බෙල්ට් එක ගල් යුගේ එකක්. රට ඉඳන් එද්දී පණ යනවා සෙනග මැද්දෙන් ට්‍රොලි එක තල්ලු කරද්දී. කාර් පාර්ක් එකක්වත් නෑ. වාහනේට බෑග් එක දාගන්නකන්වත් ඉන්නේ නෑ පොලිසියෙන් විසිල් ගහනවා. එකම යුද්ධයක්. අඩු පාඩු අනන්තයි. මෙහෙන් යද්දී බෑග් උස්ස උස්ස ස්කෑන් එකට දාන්න ඕන තැන් දෙක තුනකදී... මනුස්සයෙක්ට නිවී සැනසිල්ලේ ගමනක් යන්න එන්න අමාරුයි කටුනායකින්. මේ නාස්ති වුණු සල්ලි වලින් කටුනායක නවීන තාක්ෂණය තියන සුපිරි තත්වයේ ගුවන් තොටුපලක් කරන්න තිබ්බා.
මට ලියන්නට දෙයක් නැත. සාලිය සහ රවින්ද්‍ර යන මහත්වරු ලියන්න අවශ්‍ය සියලුම දේවල් ලියා ඇත.
එදා මේ ගුවන්තොටුපල විවෘත කරද්දී මේ මනුස්සයත් එතන හිටියා නේද? ඒ කැබිනට් මණ්ඩලයේ ඇමැති කෙනෙක් වෙලා හිටියා නේද? එදා හොඳ වුණාට අද නරකයි නේද? මෙච්චර පාඩු ලබන එකක් ඇයි වෙන රටක් මිලදී ගන්නේ? කරුණාකර මේවාට පිළිතුරු දෙන්න
මත්තල අාදායම නැත්තේ මත්තල ගුවන් තොටුපළෙන් ගුවන් යානාවලට අවශ්‍ය සැපයුම දෙන්න බැරි නිසා, ගුවන් තොටුපළක තියන පහසුකම් අනුව තමා යන සමාගම් කැමති වෙන්නේ ගුවන් තොටුපළ පාවිච්චි කරන්න. ඉතින් එහෙම ඒවා නැති වුණාම එන්නේ නැහැ කවුරුවත්. මේක හදන කොට ඒවා ගැන සැලකිල්ලක් දක්වලා නැහැ. වරායටත් එහෙම තමයි වෙලා තියෙන්නේ. මොනවා වුණත් රට ලෝකයට ණය වුණු එක... අැර වෙන ඉතුරුවක් නැහැ අපිට.
මත්තලට ගුවන් යානා නොඑන්න ප්‍රධානතම හේතුව තමයි ගමනාන්තය ලෙස මත්තල ගුවන්තොටුපොල තෝරා ගන්නා මගින් ප්‍රමාණවත්ව නොමැති නිසාය. හිස් ගුවන් යානා මත්තලට එවා ආර්ථික වශයෙන් පාඩු ලබන්නට කිසිදු ගුවන් සමාගමක් කැමති නැත. ප්‍රවාහන පහසුකම් හා සංචාරක හෝටල් සාප්පු, සංකිර්ණ වැනි නාගරික පහසුකම් නොමැති රටේ අති දුෂ්කර ප්‍රදේශයක ඉදිකර ඇති මෙම ගුවන් තොටුපොල තම ගමනාන්තය ලෙස තෝරා ගැනීමට කිසිදු ගුවන් මගියෙකු කැමතිවේ යයි සිතිය නොහැකිය. ශක්‍යතා අධ්‍යයන වාර්තා කුමක් කිව්වත් මත්තල අසාර්ථක වෙන බව දැනදැනම එය හැදුවේ රටට හෙන ගැහුවත් තමන්ගේ සිහින සැබෑ කර ගැනීමට හා එයින් ලැබෙන කොමිස් මුදලට ඇති කෑදර කම නිසායි. එදා කැබිනට් මණ්ඩලයේ සිටියවුන් මේ බව නොදැන සිටියාද කියා ඇසීම තරම් ඔලමොට්ටල කමක් තවත් නැත. කැබිනට් මණ්ඩලයේ මතය විමසා රට සංවර්ධනය කරන්න තරම් රාජපක්ෂලාට ඉවසීමක් හෝ ශීලාචාරකමක් තිබුණේම නැත. පාඨලි චම්පිකලාගේ ජාතිවාදි දේශපාලනය සමග එකඟවීමට නොහැකි වුවද ඔවුන් එදා ආණ්ඩුවෙන් එළියට ඇවිත් රාජපක්ෂ පවුල බලයෙන් පහළට ඇද දැමීමට හවුල් වූයේ රජපක්ෂලාගේ අධිපතිවාදී පාලනයයි. අද පාඨලී චම්පිකලා කතා කරන්නේ එදා කළ නොහැකි වූ කතාය.
බඩ පිරෙන්න කන්න නැති කෙන්යාවේ අයත් කියන්නේ කෙන්යාව ලංකාව වගේ කරන්න එපා කියලා. අපි හරි අගේ ඇති වැඩක් කළේ අපේ කතිරේ පාවිච්චි කරලා. අපිට ෆ්‍රී වයිෆයි දෙනවා කිව්ව ගමන්, නොමිලේ සිල් රෙදි දෙනවා කිව්ව ගමන් අපි වහල්ලු. මේ රට තව අවුරුදු 2500ක් ගියත් වහල් රටක්. ඉංග්‍රීසි පාලනයෙන් අපි නිදහස් කරගත්තු උත්තම වීරචරිත ඉතිහාස ගත වැරැද්දක් කළා. එ් තමයි ලංකාව තව තවත් වහළුන් කිරීම උදෙසා මෙවැනි දේශපාලන අම්බරුවන්ට රට බාරදීම. තද වැඩි නම් සමාවෙන්න.
මත්තල විකුණන්න ඕනෙ නැහැ. කටුනායක ගුවන් හමුදා කඳවුර මත්තලට රැගෙන යන්න තිබුණා. එහෙනම් කටුනායක තවත් දියුණු කරන්න තිබුණා. බලන්න අද කටුනායකට ඇරලවන්න හෝ රැගෙන එන්න යන අයකුට ඉන්නවත් ඉඩක් නැහැ. පාරේ සිකුරුටියන්ගෙන් බැණුම් අහගෙන ඉන්න වෙලා තියෙන්නේ. ලෝකේ කොහෙවත් මෙහෙම නැහැ.
මට නම් මෙයාගේ මුහුණ පෙනෙන්නේ ටාසන්ගේ වගේ. (වැඩ බැරි)
වී ගබඩා කලානම් මීට වඩා වැඩි ආදායමක් ලබා ගන්න තිබුනනේ.
ඉන්දියාවට අපේ අයට ඇති ප්‍රශ්න කිසිවක් නැත. කියන මිලක් ගෙවා, කියන කොමිස් මුදලක්දී, මත්තල පමණක් නොව පලාලි මිලදී ගැනීමටත් සැරසෙයි
මහත් වරුණේ එක තමයි වෙනස. එදා කැබිනට් ඇමතිවරු හිටියේ නමට හැමදේම සහෝදර සමාගමට ඕන විදියට. අද නිදහස වැඩියි කියලයි මට හිතෙන්නේ ඒ දවස් වල විරුද්ද පක්ෂේ කෙනෙකුට මොකුත් කියන්න පුළුවන් වුනාද මාධ්‍යයට?
මහත්වරුනේ, එ්ක තමයි වෙනස... එදා කැබිනට් ඇමතිවරු හිටියේ නමට. හැමදේම සහෝදර සමාගමට ඕනෑ විදියට.... ඒ මදිවට කුමාරයත් ඇමැතිවරුන්ට කතා කලේ කැත විදියට නේද? ඇයි ඒවා අමතකද? අද නිදහස වැඩියි කියලයි මට හිතෙන්නේ... ඒ දවස් වල විරුද්ධ පක්ෂයේ කෙනෙකුට මොකුත් කියන්න පුළුවන් වුණාද?
හැරෙන්නේ පොල් පැලෙත් විකුනන්න!
දේශපාලනයට යටත්ව පටන් ගත් ඕනෑම ව්‍යාපෘතියක් මේ වැනි තත්වයකට පත් වෙනවා. බොහෝ ඉස්සර නිලධාරින් ඇමතිට උපදෙස් දුන්නා. අද ඇමති නිලධාරීන්ට උපදෙස් දෙනවා. පරිසරයට හානි වෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ දේශපාලකයා. නිලධාරීන් ඒකට ගැලපෙන විදියට වාර්තාව හදනවා. ඉතින් මෙවැනි දේවල් පුදුම වෙන්න දෙයක් නැහැ.
ජනතාව රුපියල් 800ක් ගෙවලා තියෙනවනම්, ඔයාලටද මේක අයිති ජනතාවටද? විකුනන්න කියන අයිතිය තියෙන්නේ ජනතාවට නේද? කරගන්න බැරිනම් අයින් වෙලා යන්න. මේක අපේ රට. එක අඟලක් විකුනන්න දෙන්නේ නෑ
මෙයා තමා එදා මත්තල ගැන ලොකු කතා කිව්වෙත්. අද කියනවා ආදයම ලක්ෂ 12 ක් කියල මෙය අමුලික බොරුවක් දැනට මාස කිහිපයකට කලින් කටුනායකට ගොඩබාන්න බැරි තරම් විශාල ගුවන් යානයක් මත්තලට ගොඩ බෑවා. එකෙන් ලැබුණු ආදායම විතරක් රුපියල් ලක්ෂ 12 කට වැඩි. මේ ලදී ඉදල මත්තලට ආපු ගුවන්යානයක් එකත් මෙයාල නවතල. එකෙන් කතරගම, අම්පාර වැනි ප්‍රදේශ වලට මගින් යන්න එන්න පහසුක සලසා ගත්ත. අද එකත් නැහැ. මේ හදන්නේ, බොරු කතා කියල මත්තලත් විකුණගන්න අවශ්‍ය වටපිටාව සකසන එක. ඒවාට මෙයා හරිම දක්ෂයා. කෝ මෙයාගේ මහකොළඹ සංවර්ධන සැලැස්මේ වැඩ දැනට අවුරුදු 3ක් ඉවරයි . ඒ උනාට කතාව දොලාවටත් ඉහලින් , ගමන ඉබි ගමනින් වත් නැහැ.
ආදායම රුපියල් ලක්ෂ 12ක් . වියදම රුපියල් ලක්ෂ 2500 .මේවා ගන්න හරක් ඉන්නවද... නැත්නම් අපි හරක් කියලා හිතනවද ....
මෙන්න මේ ගොල්ලෝ වගේ අයගෙන් තමයි රටට හානි වැඩි. එදා මහා ලොකු පරිසර අමාත්‍යවරයා. මේ පළාතේ ඉන්න කුරුල්ලෝ වන සත්තු නිසා මෙච්චර විශාල වියදමක් කරලා හදන ගුවන් තොටුපොල භාවිතා කල නොහැකි එකක් වෙන්න පුළුවන් කියල නිකමටවත් කිව්වද? එහෙමනම් ඕක කරන්නේ නැහැ නේද? ඔය ඉංජිනේරු මොලේ මොන කෙහෙම්මලකට ගන්නද දැන් ඉතින්. අර එළදෙන වික්ක වගේ දැන් ඉතින් ආයෝජනය කියන ලේබලේ ගහල වාසි උන්ට පාඩු අපිට කියල දෙන්නද හදන්නේ. අනික මෙයා වාහන දුම් බද්ද පටන් ගත්ත. ආණ්ඩු අපේ සල්ලි වියදමට ගත්ත විතරයි. පරිසරයට කිසිම සෙතක් එකෙන් වෙන්නේ නැහැ. මෙයා මුකුත් ඒ ගැන කියන්නෙත් නැහැ.
මම දන්න විදියට නම් වරාය සහ ගුවන් තොටුපල එකාබද්ධව කර්මාන්ත නගරයක් මෙම සැලසුමේ තිබුනා එය ක්‍රියාත්මක කරලයි මෙවායේ ලාබ ගන්න පුලුවන් වන්නෙ නැතිව තනි තනිව ලාබ පාඩු ගනන් හදන්න බෑ මේ තරම් නරක තැනක ආදායම් ලබන්න බැරිනම් ඉන්දියාව හරි චීනය හරි අරගන ආදායම් ගන්නෙ කොහොමද? නැතිනම් අපේ බැරිකම ද? වැඩක් නැති එකක් ගන්න රටවල් පොරකන්නෙ මොකද?
අනේ ඉතින් ඕක කියන්නේ පාටලීනේ. අපි නොදන්න පාටලී. කතාව නම් උපරිමයි හොරා කෑමත් කෝටියයි. ඒත් වැඩ නම් බින්දුවයි. තව්සන්ඩ් ටෝක්ස් නෝ වර්ක්ස්.
දැන් අවුරුදු කීයක් වෙනවද බලයට ඇවිල්ලා, ඇයි එ්ක දියුණු කරන්න ඔයගොල්ලන්ට බැරි, නම නිසාද?
මේකේ ලියන අය දැන් චම්පිකට බනිනවා. වෙන කවුරුවත් නෙමෙයි මේවා තනිකරම මහින්දගේ වැඩ. ඒක කියාගන්න කොන්ද පණ නැත්නම් කටවහගෙන ඉන්න. රටේ අවශ්‍යතාවයට නම් ගුවන් තොටුපලක් හදන්න තිබුනේ අනුරාධපුරේ. එක එක්කෙනාගේ මානසික ලෙඩ නිසා රටේ ආර්ථිකය නැතිවෙනවා.
ලැජ්ජා නහර සිඳ බිඳ ගත් දේශපාලකයෙකුගේ සුපිරි අඳෝනාව !!!
ශ්‍රී ලංකාවේ අපනයනයට වඩා දෙගුණයක් ආනයනය වැඩී. ....... නරකද ලංකාවම එකපාර විකුණා දැම්මා නම්.....
හරි මෙයා කව්වා වගේ මත්තල පාඩුයි, රටේ සෑම පුරවැසියෙක්ම මත්තලට රුපියල් 800 ක් ගෙවා තිබෙනවා. මහින්දට තමයි ආර්ථික දෙනුමත් නැහැ, ජාතියන්ත්‍තර සහයෝජයක් නැහැ. නමුත් මෙයාගේ ආර්ථික ඔස්තාර් රනිල්ට බැරිද මේක ආදායම් ලබන ආයතනයක් හැටියට දියුණු කරන්න? මොකද්ද මේගොල්ල කිව්වා නේද රනිල්ට රටේ ආර්ථික දියුණු කරන්නත් පුළුවන්, රටේ ණය බර අඩුකරන්නත් පුළුවන්, ජාතියන්තර සහයෝගයත් තියන බව.
හඩ මිස මේ වගේ වැඩ බැරි මහත්වරු සිටින රටක ලක්ෂ 12 ක් එන එකනම් හිතාගන්නවත් බැහැ......
රට කරවන්ට නම් මසුරන් ඇතුව කැටේ.. වටිනා කියන දේ විකිණිය යුතුය රටේ.. අමන දනන් කෑගැසුවත් හතර වටේ.. ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ..