ක.ග කරුණාරත්න
පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා තිබෙන වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 02 ක පවුල් 885 කට අයත් පුද්ගලයන් 2525 ක් පානීය ජල හිඟයකට මුහුණ පා සිටින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි.
වැලිකන්ද සහ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මේ තත්ත්වය බලපා ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර මහතා පැවසීය.
මේ අතර වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි රජයේ පාසල් 06 ක ඉගෙනුම ලබන සිසු දරු දැරියන් 1475කු සහ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් 02 ක සිසු දරු දැරියන් 1150 දෙනෙකුද පානීය ජල හිඟයට මුහුණ පා සිටින බව ද ඒ මහතා කීය.
පානීය ජල හිගය පවතින ගම්මානවල ජනතාවට සහ රජයේ පාසල් සියල්ලට බීමට අවශ්‍ය ජලය බවුසර් මගින් බෙදා හරින බවද වැලිකන්ද සහ දිඹුලාගල කොට්ඨාසවල ප්‍රාදේශීය ලේකම්වරු ප්‍රකාශ කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කිව්වේ, මම මොරගහවැව වියාපෘතිය කලා, රජ රට ප්‍රසන ඔක්කොම ඉවරයි. මීට පස්සේ රජරටට ජලය හිගයක් වෙන්නේ නැහැ කියල. රජ රට කිරියෙන් පැණියෙන් ඉතිරෙනවා කියලත් කිව්වනේ.
දැන් කිව්වේ, මම මොරගහවැව ව්‍යාපෘතිය කළා.... රජරට ප්‍රශ්න ඔක්කොම ඉවරයි. මීට පස්සේ රජරටට ජලය හිඟයක් වෙන්නේ නැහැ කියලා. රජරට කිරියෙන්, පැණියෙන් ඉතිරෙනවා කියලත් කිව්වනේ..
පොළොන්නරුවේ ඉඳන් රට පාලනය කරන කෙනා මේක ගැන තවම දන්නේ නැතුව ඇති. අද පත්තරෙන් මේක දැක්කම ප්‍රශ්නේ විසඳයි. පොළව වේලිලා නිසා මතුවෙන්න බැරුව ඉන්නවද දන්නෑ...?
නගරයෙන් පිට ජිවත්වන මිනිස්සු පුදුම අරගලයක් කරන්නේ තම ජීවිකාව ගොඩනංවන්න. එහෙව් එකේ ඒ පැතිවලට නේද යටිතල පහසුකම් වැඩියෙන් සැපයිය යුත්තේ.