(නිමන්ති රණසිංහ)
එල්. ටී. ටී. ඊ. සංවිධානය නැවත ගෙන ආ යුතු බවට කාන්තා සහ ළමා කටයුතු හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වූ සිද්ධියේ නෛතික කටයුතු වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තු නියෝජිතයකු ලෙසින් අතිරේක සොලිසටර් ජනරාල්වරයක් නිතිපතිවරයා විසින් පත්කරනු ලැබ තිබේ.
මෙම සිද්ධියට අදාළව නිතිපති උපදෙස් ලබා ගැනීම සඳහා රජයේ නීතීඥවරයෙකුගේ සහායක් ලබා දෙන්නැයි අපරාධ නිවාරණ කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පි‍්‍රයන්ත ලියනගේ මහතා ඉකුත් (09) වැනිදා නීතිපතිවරයාට ලිපියක් යොමුකොට කරන ලද ඉල්ලීමට අනුව නීතිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ මහජන මුදල් මේවාට වැය කරනවා. කවුරුත් දන්නවා අවසාන ප්‍රතිඵලය මොකක්ද කියලා ...
රටේ නීතිය කල් දදා ඉන්නවා තිස් තුන් කෝටියක් දෙවිවරු බලයිද අපේ රට දිහා. පොඩි මිනිහට විතරයි නීතිය
ගැහැණියකට මෙතරම් බිය අාණ්ඩුවක් දැක්කමයි
හරියට අර බැඳුම්කරේට වුනා වගේ.. ඊළඟට පක්ෂේ අභ්‍යන්තර පරීක්ෂණය, අගමැතිතුමාගේ කමිටුව, පාර්ලිමේන්තු කමිටුව, ජනාධිපති කමිටුව, මෙකී නොකී සියලුම පරීක්ෂණ අවසාන වෙනකොට ආණ්ඩුවත් නෑ. විජයකලාත් නෑ. අපිත් නෑ.
මේකත් අර තජුදීන් සිද්ධිය වගේ තමයි. නිකං කල් මැරීමක්. දැනටමත් කීදෙනක්ගෙන් කට උත්තර අරන් තියන්නේ?
අනේ අප්පේ මේක ඇදන් යන දුරක්. අන්තිමට අපි නරක මිනිස්සු වෙයිද මන්දා මේවට හොටදාලා.?
තව මොනවද විමසන්න තියෙන්නේ ? පැහැදිලිවම විද්‍යුත් මධ්‍යයේ තියෙනවනේ කතාව දෙන තියෙන්නේ නඩු දාල දඩුවම් දෙන එක කරන්නී.......