එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේලූපිල්ලේ ප්‍රභාකරන් මියගිය ද ඔහුගේ ත‍්‍රස්ත ජාලය තවමත් ක‍්‍රියාත්මකව පවතින බවට තමන් සැක පළ කරන බව මැලේයාසියානු හිටපු පොලිස්පති මුසා හසන් ප‍්‍රකාශකර ඇතැයි එරට ජාතික ප‍්‍රවෘත්ති ඒජනසිය වන බර්නමා පුවත් සේවය අද වාර්තා කළේය.
එම පුවත්සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මැලේසියානු හිටපු පොලිස්පතිවරයා කියා සිටියේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ ප‍්‍රතිපත්තීන්ට සහ අදහස් වලට අනුකම්පාව දක්වන පිරිස් තවමත් සිටින බවය.
එලෙස අනුකම්පාව දක්වන පිරිස් හේතුවෙන් මලයාසියාව ඇතුලූ සියලූ රටවල්වලට තර්ජනයක් එල්ල විය හැකි බව ද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.එම තත්ත්වය සුළුකොට තැකිය නොහැකි බවයි හිටපු පොලිස්පතිවරයා පෙන්වා දේ.
ඇමෙරිකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා එල්.ටී.ටී.ඊ සංවිධානය ත‍්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නම් කර ඇති අතර, මලයාසියාව ඇතුළු රටවල් 32 ක් එම සංවිධානයේ ප‍්‍රතිපත්ති ප‍්‍රතික්ෂේප කර ඇති බව ද ඔහු කියා සිටී.
2004 සහ 2005 වර්ෂවලදී මලයාසියාවේ සිට එල්.ටී.ටී.ඊ සංවිධානයට අරමුදල් රැස් කිරීමට කටයුතු කළ නීතිඥ සහ ගණකාධිකරණ වැනි වෘත්තීය මට්ටමේ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව ද හිටපු පොලිස්පතිවරයා සිය සම්මුඛ සාකච්ජාවේදී තවදුරටත් ප‍්‍රකාශ කරන ලදී.
දශක තුනකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ ලේ වැගිරීම් සිදුකරමින් එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කරනු ලැබුවත්, ඔවුන්ගේ ප‍්‍රතිපත්තීන් වලට අනුකම්පා කරන පිරිස් ලෝකයටම තර්ජනයක් බවත් ඔහු අවධාරණය කර සිටියේය.
125

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක අපේ අයට තේරෙන්නේ නැති එකනේ ගැටළුව...
කෝ මේ රාජිත?
දැන් ඉතින් මේ මනුස්සයට බනී මහින්දගේ කොන්ත්‍රාත් එකක් කරනවා කියලා... ජාතික ආරක්ෂාව ගැන හිතන රටවල මිනිස්සු එහෙමයි වැඩ කරන්නේ..
කාරුණිකව අපගේ මෙම අදහස් ජාතිවාදී, වර්ගවාදී අදහස් ලෙස නොසිතන්න. අප කිසිවිට ජාතිවාදීන් මෙන්ම වර්ගවාදීන් නොවන්නෙමු. " පිටරැටියකුට "වැටහෙන, තේරුම් ගැනීමට පහසු රටේ ආරක්ෂාව පිළිබඳ වැදගත් කරුණු අපගේ දියවන්නා ඔයේ ලැග සිටින කාලකන්නි අම්බරුවන්ට නොතේරීම අභාග්‍යයකි.
20 වන සංශෝධනය විතරයි.. එල්ටීටීඊය ආපහු ගේන්න මදි. ජවිපය ඒකත් කරනවා.
කන්න හිතුනම කබරගොයත් තලගොයා කරගන්න එපා. හමුදාපතිට නොදැනී බොහෝ දේ ත්රස්තවාදීන් ගෙන් සිදුවෙනවා. ඩයස්පෝරාව කියන දෙයක් තමයි අපි පරාජය බාරගත්තේ නැහැ නැවත යුද්ධ කරනවා කියන එක. උතුරේ මොන ද්‍රවිඩයාද අකමැති තමන්ට වෙනම රටක් ලැබෙනවාට?
ඇයි කවුරුවත් කේ.පී ගැන කතාකරන්නෙ නැත්තෙ? ඉන්නෙ කොහෙද, කරන්නෙ මොනවද කිසිදෙයක් අපි දන්නෙ නෑ. ඇයි කේ.පී ට නඩුදාන්නෙ නැත්තෙ?