(පද්මා කුමාරී කංකානම්ගේ)
කල්පිටිය - තලවිල සහ ඒත්තාල කජුවත්ත ප්‍රදේශයේ දෙපිරිසක් අතර අද (01) රාත්‍රීයේ ඇතිවූ ගැටුමක් හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කොට ඇති බව කල්පිටිය පොලිසිය කියයි.
දෙපිරිසෙන් එක් පාර්ශ්වයකට අයත් ත්‍රී රෝද රථයක් මුලුමණින්ම ගිණි තබා විනාශ කොට ඇතයිද කල්පිටිය පොලිසිය පවසයි.පෙම්වතියක් සම්බන්ධයෙන් ඇතිවූ මතභේදයක් මෙම ගැටුමට මුල් වී ඇති අතර තරුණියගේ පියා සහ සොහොයුරන් දෙදෙනකු තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුලත් කොට තිබේ.
මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැති අතර කල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd