චමිල් රුපසිංහ
යෝජිත භික්ෂූ කථිකාවත් ලියාපදිංචි කිරීමේ පනතින් භික්ෂූන් වහන්සේ යටත් කර භික්ෂූන් වහන්සේ දඬු කඳේ ගැසීම සඳහා කූඨ සැලසුමක් රජය සතු බව මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවසූහ.
මෙම පනත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට පවා මේ වනවිට ඇතුළත් කර අවසන් බවත් මෙය සම්මත වුවහොත් භික්ෂූන් අතර පැහැදිලි ලෙසම බෙදීම් නිර්මාණය වන බවත් භික්ෂූන් අතර පවත්නා සුළු සුළු වෙනස් කම් බෙදීම් බවට පත්වීම වැළැක්විය නොහැකි බවත් මැදගොඩ අභයතිස්ස හිමියෝ කීහ.
අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීම පිණිස රජය ගන්නා වෑයම හා එහි අන්තර්ගතය පිළිබඳව මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් දැනුම්වත් කිරීම පිණිස මහනුවරට වැඩම කළ අවස්ථාවේ උන්වහන්සේ මේ බව කීවේය.
මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ප්රමුඛ කාරක සංඝ සභාවන්හි අනුමැතිය නොමැතිව රජයට කිසිසේත් මෙය අනුමත කිරීමට නොහැකි බවත් අභයතිස්ස හිමියෝ කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනටමත් හාමුදුරුවරු දෙසීයක් විතර හිරගෙවල්වල කාලය ගතකරමින් සිටිනවා.
කලබල වෙන්න ඕනේ නැහැ. හනුමන්තලාට මේක අදාළ නැති නිසා...
මෙම පනත ගෙනෙන්නේ නැතිව සියලුම නිකායවල මහා නායකවරු එකතුවෙලා තම තමන්ගේ නිකායවල නීති රීති ගැන හොඳින් අවධාරණය කරගෙන ධම්ම සංගායනාවක් පැවැත්වුවොත් නරකද..? එයින් පසු දුශ්ශීල චීවරධාරීන් ශාසනයෙන් විසිවී සිල්වත් සුපේක්ෂාකාමි නිවන තම ඒකායන අරමුණ කරගත් හිමිවරු කිහිපනමක් පමණක් ඉතිරිවේවි. ඒ ඇති එතකොට අපිට ආඩම්බරයෙන් ලෝකයටම අවංකවම කියන්න පුළුවනි "..පිරිසිදුම බුදු දහම තියෙන්නේ ශ්‍රී ලංකාවේ " කියලා. එවැනි සිල්වත් හිමිනමකට කිසිම " හිරිකිතයකින් " තොරව වන්දනා කරන්නට තරම් අප වාසනාවන්ත වේවි... නමුත් මිනීමරු හොර තක්කඩි දේශපාලකයන්ට පිරිත් නූල් බඳින... ඒ වෙනුවෙන් පෙලපාලියන... චීවරධාරීන් ශාසනයෙන් යැවිය යුතුය.. ඒ සඳහා මහජන මතයක් ඇති කිරීම ලංකාව වැනි රටක ලෙහෙසි පහසු දෙයක් නොවෙයි... එයයි අපේ රටේ අවාසනාව.!!!
මේක රාජපක්ෂ නියායට හොඳ දෙයක් වගේ.
දඬු කඳේ ගැසිය යුතු අයත් සිවුර පොරවා ගත් පුද්ගලයින් අතර සිටින බව දන්නෝ දනිති. නොදන්නෝ ඔවුන්ටත් වඳිති! අපොයි, ශාසනේට ගිය කලක්!
ගිහි පාලකයන්ට බැහැ සංඝ ශාසනයට නීති පනවන්න. පුරාණ කාලයේ බමුණකුගේ උපදෙස් මත සංඝයා වහන්සේලාට නීති දැමූ හේතුවෙන් බැමිණිතියා සාය 12 වසරක් පුරා තිබුණු බව අප අසා තිබෙනවා. බමුණු උපදෙස් මත මේ කරගෙන යන වැඩ පිළිවෙළෙහි ප්‍රතිවිපාක අප සියලු දෙනාටම බලපානවා.
ශාසනයට මුවා වෙලා, කරන අකටයුතු වැඩ පාලනය කර ගන්නවා නම්, පන්සල් හා චීවරය, ශාසනයට අදාළ නොවන වෙනත් පුද්ගලික හා බල ව්‍යාපෘති සඳහා යොදා ගන්න එක නවත්වනවා නම් , ඕවා ඕනේ නැති බව සැබෑවකි.
ඔබවහන්සේ මහජන මුදල් වංචාවලට අධිකරණයෙන් වැරදිකරුවන් කරලා දඬුවම් පමුණුවපු අයගේ දඩමුදල් ගෙවන්න පිණ්ඩපාතේ වැඩියේ මහනායක හිමිවරු දැනුවත් කරලද? ඒවගේ වැඩවලින් සංඝ භේදය ඇතිවුනේ නැද්ද?
මේක භික්ෂු සමාජය විතරක් නෙමේ.. මුළු ලාංකීය සමාජයම පිරිහිලා. එ්ත් කිහිප දෙනෙක්ගේ වැරදි අල්ලාගෙන මුළු මහත් සංඝ පරන්පරාවටම නීති ගෙනත් සංඝයා වහන්සේලාගේ අකමැත්තෙන් ගිහියන්ට ඕනේ විදියට හාමුදුරුවරු ජීවත්වෙන්න ඕනේ කියලා කියන එක විහිළුවක් වගේම භයානක තත්වයක්. මොකද මේ රටේ අපේ සංස්කෘතියේ අදත් ජීවනාලිය බුදුදහමයි. කවුරු කොහොම අර්ථකථනය කරන්න ගියත්, පොළව හෑරුවත් එන්නේ ඒ බෞද්ධ උරුමය, කන්දක් නැග්ගත් එන්නේ ඒ උරුමය, පැරණි පොතක් බැලුවත්, පැරණි බෙහෙතක් ගත්තත් ඒ අපේ උරුමය සහ භික්ෂූන් කරපු සේවය මේ රටින් අයින්කරලා කතාකරන්න බැහැ. හැමෝම සමගියෙන් වැඩකරන්න ඕනේ දෙයක්. අපි මුස්ලිම්වරුන්ට නීති දාන්න යන්නේ නැහැනේ.. මෙහෙම අදින්න ඕනේ, මෙහෙම කොන්ඩේ කපන්න ඕනේ, පූජකයා මේවා කන්න ඕනේ මේවා එපා කියල නීති දාන්න යනවද? නැහැනේ... එතකොට අැයි මේ හාමුදුරුවන්ට පාඩුවේ ඉන්න නොදෙන්නේ?
මහින්දට කඩේ යන මේ හාමුදුරුවන්ට දේශපාලනය කරන්නයි හොරුන්ව බේරගන්න සල්ලි එකතු කරන්නයි හැර වෙන වැඩක් නැද්ද? කථිකාවත් පනත භික්ෂූන් දඬු කඳේ ගහන්න නම් සමස්ත භික්ෂු සමාජය දැනුවත් නොකර බේගල් වපුරන්නේ රටේ මිනිස්සු භේදබින්න කරන්නේ දේශපාලන අරමුණු සඳහායි..
ඔබවහසේලා විනය නීති පිළිපදින්නේනම් කවරදාකවත් ඔබවන්සේලට හිරිහැරයක් වෙන්නේ නැතිවග කියන්න ඕනේ නැහැනේ. ගුණවත් ස්වාමීන් වහන්සේලාට කවුරුත් ගරුකරනවා.
බුද්ධ පුත්‍රයන් පාරේ ගහගෙන, තාප්ප උඩ නැගගෙන කරන්නේ සාෂනයට අගව්රවයක්. එතන සීලයක් තියෙනවද ? ඒ කරන්නේ සැපසම්පත් වලට යටවෙලා දේශපාලනයක් . එහෙම කරලද ධර්මය ප්‍රචාරය කරන්නේ ? බුදුන් වහන්සේ දේශනා කල ධර්මයද ඒ ? අවසාන ප්‍රතිපලය තමා බුද්ධ ධර්මය විනාස වීම , 100% දුෂණය බීෂණය පිරිච්ච ලෝකයේ එකම රට වීම .
පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් මෙම භික්ෂු පනත ලබාගන්න පුළුවන්. කියවල තේරුම්ගන්න මොනවද එකේ තියෙන්නේ කියල. මේකට අකමැති