(රොමේෂ් මධුෂංඛ)
යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලි සහ ධනුරොක් කල්ලි අතර ගැටුම් පවතින ප්‍රදේශයන්හි පිහිටි පොලිස් ස්ථානයන්හි රාජකාරි කටයුතුවල නිරත වන සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අද (2) සිට අවලංගු කිරීමට පියවර ගෙන ඇත.
උතුරු පලාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින් අදාළ නියෝගය නිකුත් කර ඇති අතර කෝපායි , චුන්නාකම්, මණිපායි යන ප්‍රදේශයන්හි පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති අතරම අදාළ කල්ලි අතර දෛනිකව ඇතිවන ගැටුම් නැවත්වීම සඳහා මෙන්ම එම සාමාජිකයින් අත්අඩංගුවට ගෙන එම ප්‍රදේශයන්හි වාතාවරණ සාමාන්‍ය අතට පත්වන තුරු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු මෙසේ අවලංගු කර තිබේ.
පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට අමතරව ආවා ක්‍රියාකාරකම් පවතින ප්‍රදේශයන්හි විශේෂ පොලිස් බුද්ධි අංශ නිලධාරීන්ද යොදවා අදාළ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.
මීට පෙරද ආවා ක්‍රියාකාරකම් හේතුවෙන් උතුරු පළාතේ මෙන්ම යාපනය දිස්ත්‍රීක්කයේ ද පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට උතුරු පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින් පියවර ගෙන තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිදුවන ක්‍රියා කාරකම් කිසිවක් සිදුවන්නේ අහම්බෙන් හෝ දමිළ තරුණයන්ගේ උවමනාවට නොවේ ඊයේ සිදුකල මාධ්‍ය සාකඡ්චාවකදී පැහැදිලිව කීවා පොලිස් බලතල ලබා දුන්නොත් සතියකින් මේ සියලු ගැටුම් නවතනවා කියල එයින් කිය වෙන්නේ මොකක්ද කියල රට පාලනය කරන නායකයන්ට නොතේරෙන්නේ ඔවුන්ගේ මන්ද බුද්ධික නිසාවෙන් හෝ දෙමල සන්ධානයට හා රජය අතර ඇති රහස් සම්බන්දතාවක් නිසා කරබාගන සිටීමකි මේ සියලු ගැටුම් ඇති කරවන්නේ උතුරට හා නැගෙනහිරට ඉඩම් හා පොලිස් බලතල ලබා ගැනීමේ අරමුණින් මේ සදහා ඍජුවම ක්‍රියා කරන්නේ මේ අයයි.... තවද මේ ප්‍රදේශයේ සේවය කරන දමිල පොලිස් නිලධාරීන්ද ඔවුන් උදවු කරන බව හොදින් පැහැදිලී මේ ආකාරය ගැටළු දිගටම ඇති කිරීම මගින් ප්‍රදේශයේ පවතින අනාරක්ෂිත බව හා දමිල ජනතාගේ ආරක්ෂාව ලබා දීමට පවතින රජයට නොහැකි බව ජාත්‍යන්තරයට පෙන්වා ප්‍රදේශයේ ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් ස්ථාපනය කිරීම සදහා මේ පළාත් දෙකට පොලිස් බලතල ලබා දීමට ජාත්‍යන්තර බලපෑම් හා ජිනීවා මානව හිමිකම් ආයතනයේ බලපෑම් ඇතිකර රජයෙන් මෙය ලබා ගැනීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි මෙය රටේ නායකයන් අවබෝධ කර ගත යුතුය එසේ නොකර රට චිකාගොවක් නොකල යුතුයි.