(රංජන් කස්තුරි)
මේ අවස්ථාවේ මැති ඇමැතිවරුන්ගේ තබා කාගේවත් වැටුප් වැඩි කිරීමට තමා විරෝධය දක්වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (2) පැවැසීය.
මැති ඇමැතිවරුන්ගේ වැටුප් හෝ දීමනා වැඩි කිරීමට මෙය අවස්ථාවක් නොවන බවද කොළඹ මුදල් අමාත්‍යාංශයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඇමැති මංගල සමරවීර මහතා කීවේය.
මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මංගල සමරවීර මහතා මෙසේද පැවැසීය.
‘‘මේක වැටුප් වැඩිකිරීමට අවස්ථාවක් නොවෙයි.කාගේවත් වැටුප් මේ අවස්ථාවේ වැඩි කරනවාට මම විරුද්ධයි. මැති ඇමැතිවරුන්ගේ වැටුප් වැඩි කිරීමක් ගැන මම දන්නේ නැහැ. මෙවැනි යෝජනාවක් කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කළෙත් නැහැ.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්ධයි, ගොළුයි,බිහිරියි !!! දකුණතින් කරන දේ වම් අත දන්නෑ. උදේ චක්‍රලේඛය හවසට වෙනස් වෙනවා. රට පසුගිය ටිකේ ආර්ථික වශයෙන් කොතරම් පසු බැස්සාද ? කිසිම වැදගත් ආයෝජනයක් රටේ වෙන්නෑ. දඩ පිට දඩ පැනවීමත් බදු පිට බදු පැන වීමත් හැරුණු කොට වෙන ආදායමක් නැහැ. නිදහසෙන් පසු අවාසනාවට පහලවූ අකාර්යක්ෂම ආණ්ඩුව. නැවත රට ගොඩ ගතහැකි කාලයක් පෙනෙන තෙක් මානෙක නෑ.
හැන්ද අැත්තෝ බෙදාගනිති
මැති ඇමතියන්ගේ වැටුප් වැඩිකරන්නේ විනිශ්චයකාරවරුන්ගේ වැටුපට සරිලන්නලු. සාමාන්‍ය පෙළවත් සමත් නැති මේ අයට විනිශ්චයකාර වරුන්ගේ වැටුපක්? අනේ දෙවියනේ අපිට බදු ගහන්නේ මේ අයට පඩි වැඩි කොරන්නද?
එහෙනම් නඩුකාරයින්ට පඩි වැඩි කලේ ඇයි?
නඩුකාරයන්ගේ වැටුප වැඩිකළේ එයාලව හොදින් තියාගෙන මෙයාලට ඕනේ නඩු ටික අහන්න. එතකොට, මුදල් ඇමති නොදැන මන්ත්‍රීලාගේ වැටුප වැඩි වෙනවනම් මෙයා ඇමතිකමෙන් අයින්වෙන්න ඕනේ. එහෙම නැත්නම් වැඩිවෙන මුදල නොගෙන ඉන්න ඕනේ.
මුදල් ඇමති දන්නේ නැහැ පඩි වැඩිවීම ගැන ? විලි ලැජ්ජයි .. එතකොට කව්ද ඔය පඩි වැඩිවීම කලේ?
දුෂණය වංචාව හොරකම මැරකම රැවටීම බොරුකීම ආදියට ප්‍රසිද්ධ දේශපාලුවන්ට ඔය සොච්චමකින් වැටුප් වැඩිකරලා මක්කටේයි.
මුදල් ඇමතිගේ අනුමැතිය හෝ ඔහු නොදැන මුදල් සම්බන්දව තීරණ ගන්නේ කවුද? ඒ තීරණ වලංගුද? ජවිපෙ කට්ටිය මේ සම්බන්ධව වචනයක් කියන්නේ නෑ....
අම්මෝ පච කිව්වට මෙහෙමත් පච.
වැඩිකරගන්න. වැඩිකරගන්න. පුද්ගලික අංශයේ අය ඉන්නවා. බදු ගෙවා ගෙවා කරුමේ ගෙවන්න.
නඩු කාරයින්ට ලැබෙන්නේ වැටුප සහ ගම වියදම් පමණි. මන්ත්‍රීලට වැටුපට වඩා තුන් හතර ගුණයක් දීමනා ලැබෙනවා