විනීතා එම් ගමගේ
පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු භික්ෂු කතිකාවත් පනත වහා ඉවත් කර ගන්නට කටයුතු නොකළ හොත් එහි පනවන නීති රීති ලත් තැනම ලොප් කරන්නට සංඝ සමාජය කටයුතු කරන බව සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.
සංඝ කතිකාවත් අවශ්‍ය පමණට බුදුරජානන් වහන්සේ පනවා ඇතැයි ද එකී සංඝ කතිකාවත් තිබිය දී පංචශීල ප්‍රතිපත්ති වත් නොරකින පිරිසක් පනවන කතිකාවත් මහා සංඝ රත්නයට කුමකට දැයි උන් වහන්සේ විමසූහ.
ආනන්ද හිමියන් මේ අදහස් පළ කළේ නාරාහේන්පිට අභයාරාමයේ අද (2) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහි දී තවදුරටත් අදහස් දැක්වූ උන් වහන්සේ මෙසේ ද කීහ.
‘‘බුදු හිමියන් කතිකාවත් පිළිබඳ බුද්ධ දේශනයේ සඳහන් කළා. වැරදි කරන අවස්ථාවල දෙන දඬුවම් ද නියම කළා. වරදක් කළොත් බ්‍රහ්ම දණ්ඩනය පැනවිය හැකියි. මේ නීති රීති තියෙද්දී තවත් කතිකාවත් මොකටද? මේ හදන්නේ අනවශ්‍ය විදියේ ගැටුම් ඇති කරන්නයි. එවැනි ප්‍රශ්න ඇති නොකර ඉන්න කියා අපි ආණ්ඩුවට කියනවා.
ඒ සමඟම තවත් කරුණක් කිව යුතුයි. සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය දඩයමක් ලෑස්ති කරලා. මාධ්‍ය හසුරුවන්න මේ වගේ මිනිස්සු වැඩිකල් පවතින්නේ නැහැ. කොතලාවල මහත්තයාගේ කාලෙත් මේ වගේ මිනිස්සු හිටියා. යහපාන ආණ්ඩුව මේවා කරන්න ලෑස්ති වුනාට වැඩක් නැහැ.
මම හොරකම, වංචාව දූෂණය වගේ දේවල් වලින් තොරයි කියල ජනාධිපතිතුමා කියල තියෙනවා. ඒක හොඳයි, නමුත් වටේ අය ඒ සකල විධ වැරදි කරනවා. කොන්ද පණ නැති කැබිනට් එකක් ගැන සමහර ඇමතිවරු කියනවා. ඒ වුණාට ඒ කියන ඇමතිවරුන්ටත් කොන්දක් නැහැ.
තමන් අවංක නම් ශික්ෂාකාමි නම් ඒ මට්ටමට තමන්ගේ ගෝල බාලයොත් හදන්න ඕන. නැත්නම් මේ යහපාලන ආණ්ඩුව ගෙදර යන්න ඕන. අපට පුළුවන් තායිලන්තයේ වගේ කරන්න යැයි ද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට හිටපු ලොක්කට මෙලෝ සිහියක් නැතුව කඩේ යන එකත් විනය නීතිවලට අනුකූල ඇති නේද?
බුදු හාමුදුරුවෝ වදාල විදියටද ලංකාවේ හාමුදුරුවරු හැසිරෙන්නේ.
සංගමයක සභාපති වෙලා, අසරණ රෝගීන්ගේ ජීවිත බිල්ලට දුන්නෙත් බුදු බණේ තිබෙන කතිකාවතේ හැටියට ද? අවසර හාමුදුරුවනේ !!!
පුදුම වෙන්න දෙයක් නැහැ... පනත අාවම නර්ස් නෝනලා බැහැනේ.
ඔය අභයාරාමය පන්සලක්ද? නැතිනම් දේශපාලන ශාලාවක්ද?
සංඝ සමාජයේ විනය හදන පියවරක් නම් දැන් අත්‍යාවශ්‍ය වෙලා තියෙන නිසා පනත් කෙටුම්පතේ තියෙන වැරදි මොනවද කියලා කිව්වා නම් වටිනව නේද හාමුදුරුවනේ...? අනික, බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සේ කොච්චරනම් කතිකාවත් පනවල තියෙනවද? ඒ නිසා ඒ තර්කය නම් හරි බොළඳයි.
දේශපාලකයන් බුදු දහමේ පාලනයට ඇත ගැසීම ගැන අපද විරුද්ධයි. සමහර දෙනා හෙදියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔවුන් ස්ට්‍රයික් කරවා අසරණ ලෙඩුන්ට ගිනිදුන් එක හොඳ ඇති මං හිතන්නේ.
එතකොට හාමුදුරුවනේ ඔබවහන්සේ ගෙන්න හදන පුදගලයාගේ වටේ හිටපු කට්ටිය නිසානේ එතුමාට යන්න වුනේ, ඒ දවස්වල ඔබ වහන්සේට මෙව්වා පෙනුනේ නැද්ද??
සංඝ කතිකාවත් අවශ්‍ය පමණට බුදුරජානන් වහන්සේ පනවා තිබුණට අද ඉන්න ඔබ වහන්සේලා ඒවා පිළිපදින්නේ නැති එක නේද ප්රශ්නය?
අවසරයි අපේ හාමුදුරුවනේ... මහණකමට කිසිසේත්ම අදාළ නැති ආණ්ඩු පෙරලීම පැත්තක තියලා හුදී ජනයාට බණක්, දහමක් කියා දුන්නොත් නේද ඔබ වහන්සේලාගෙන් ශාසනයට සේවයක් වෙන්නේ...