ඉන්දිකා රාමනායක
වැල්ලවත්ත චාලිමන්ට් පාරේ දී පොලිස් අණ නොතකා පලා යමින් සිටි මෝටර් රථයකට පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කමල් අබේරත්න සහ ඔහුගේ ගෝලයකු තුවාල ලබා ඇතැයි වැල්ලවත්ත පොලිසිය කියයි.
පලා යමින් සිටි මොවුන්ගේ රථයේ ගැටුණු පොලිස් කොස්තාපල් කෙනෙක් ද තුවාල ලබා තිබේ.
චාලිමන්ට් පාරේ හෝටලයක් අසල ඊයේ (31) රාත්‍රී 11.30ට පමණ මෝටර් රථයකින් පැමිණි පිරිසක් මත්කුඩු ජාවාරමක නිරත වන බවට වැල්ලවත්ත පොලිසියට ලැබුණු තොරතුරක් අනුව ත්‍රී රෝද රථයකින් පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් සිටියදී එහි සිටි ජාවාරම්කරු සහ සෙසු පුද්ගලයා පොලිස් නිලධාරියකු හප්පා පලා යාමට උත්සහ කිරිමේ දී පොලිසිය මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය කියයි.
තුවාලකරුවන් දෙදෙනා පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියටම බලලා තියන්න තිබ්බේ.................
මේක තවත් කේවල සිද්ධියක් පමණයි. මේ පිටුපස සිටින බලවතුන් කවුද කියා පොලිස් බලවතුන් සහ දේශපාලන බලවතුන් දන්නවා ඇති. නමුත් කිසිම දවසක අධිකරණයටවත් අපි වගේ හුදී ජනයන්ටවත් ඒ නම් ගම් හෙළිදරව් නොවෙන්න ඔය කියන බලවතුන් වගබලා ගන්නවා.
අදාළ පොලිස් නිලධාරීන්ට හිටි හැටියේ ස්ථාන මාරුවීම් ආවොත් පුදුම වෙන්න එපා...!
2020 වනවිට මත්ද්‍රව්‍ය වලින් තොර රටක් යන සංකල්පය රටතුළ ඇති කළ යුතුය.
මාලබේ අතුතුරුගිරිය පාරේ, 10 ලේන් පාරේ (මාලබේ නගරයේ සිට 1km පමණ අතුරුගිරිය දෙසට යන විට දකුණු පසට ඇති පාර) ඇතුලට යනවිට ත්‍රිරෝද රථයකින් පැමිණ මහා දවල් එළිපිට මත් ද්‍රව්‍ය අලෙවි කරන්නේ. පොලිසියට කීපවිටක් කීවත් තාම මත්ද්‍රව්‍ය ජාවාරම ජයට යනවා. තරුණ ළමයින්ට තමයි මේ අයගේ ප්‍රධාන ඉලක්කය මේ ප්‍රදේශයටත් මෙවැනි පොලිසියක් ලැබේවා..!!!
පොලීසියට ලකුණු වැටෙන හොඳ මෙහෙයුමක්. ඒත් මොනවා කරන්නද? අදාළ පොලිස් නිලධාරීන්ට වහාම ස්ථාන මාරු නාවොත් මේ ලංකාව නෙවෙයි.
මෙවැනි අවස්ථාවලදී අදාළ පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු සිදුවන්නේ ඔවුන් රාජකාරිය හරියට සිදු නොකිරීම නිසා නොව, පොලීසියෙන් යම් සිද්ධියක් පිළිබඳව සිදුකරන පරීක්ෂණයකට බාධා නොවීම පිණිසයි.