(රංජන් කස්තුරි)
රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල අනුමත කාර්ය මණ්ඩලයට පරිභාහිරව සේවකයන් 7500ක් පමණ බඳවාගෙන නීති විරෝධී ලෙස වැටුප් ගෙවමින් තිබෙන බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.
දේශපාලන හිතවත්කම් මත ඉකුත් වසර කිහිපය තුළදී එම සේවකයින් බඳවා ගෙන ඇතැත් ඒ සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමැතියක් ලබාගෙන නොමැති බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
විශේෂයෙන් පළාත් සභා හා ප්‍රදේශීය සභා ආදී ආයතන එලෙස එම සේවකයින් බඳවා ගෙන ඇති බවට කරුණු හෙළිවී ඇතැයිද ඒ පිළිබඳව එම ආයතන වලින් වාර්තාවක් කැඳවා තිබෙන බවද මුදල් අමාත්‍යාංශය පවසයි. එම වාර්තාව සලකා බලා ඒ ඒ ආයතනවලට අත්‍යාවශ්‍ය සේවකයින්ගේ සේවය පමණක් ස්ථිර කරන බවද අනෙක් සේවකයින් පිළිබඳව වගකීම අයතන ප්‍රධානීන් භාරගත යුතු බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ අතර මින් ඉදිරියට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතන වලට කිසිදු සේවකයකු බඳවා ගැනීම තහනම් කරමින් චක්‍රලේඛනයක් භාණ්ඩාගාරය නිකුත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලකයින් කරන එක් විනාශකාරී ක්‍රියාවක් තමයි දේශපාලන හෙංචයියන් සදහා රජයේ රැකියා ලබාදීම. ඒකේ බර පතල කාරණා දෙකක් තියනවා . එකක් තමයි අනුමත් සේවක සංඛ්‍යාව ඉක්මවා කරන පත්වීම් නිසා ඇස්තමේන්තු කරන ලද මුදල ඉක්මවා වැටුප් සදහා වියදම් කිරීමට සිදවීම. දෙක තමයි මෙලෝ වැඩක් නැතිව ඉන්න රස්තියාදුකාර මැර පිරිසක් කාර්යාල තුලට පැමිණීම. මෙන්ම දේශපාලනය ආයතන තුලට පැමිණීම නිසා ආයතනවල සාමාන්‍ය පරිපාලනය අඩපණ වීම. රාජ්‍ය සේවය බල්ලට යාම හා බල්ලන් රාජ්‍ය සේවයට පැමිණීම මේ නිසා සිදු වේ.