(සුජිත් හේවාජුලිගේ)
මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණය කර ඇති තරමක විශාල බැර කුඩා නිධියෙහි මෙගොවොට් 2000 ක විදුලි බලාගාරයකට අවුරුදු 30ක කාලයක් ක්‍රියාත්මක කළ හැකි ස්වාභාවික වායු ඝණ අඩි කෝට් ලක්ෂය ඉක්මවන ප්‍රමාණයක් පවතින බව අලුත්ම ගවේෂණයකදී තොරතුරු අනාවරණය වී ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
මෙයට අමතර මන්නාරම් ද්‍රෝණියේ තරමක කුඩා ප්‍රමාණයෙන් යුතු ‘‘ඩෝරාඩෝ‘‘ නිධියෙහි මෙගොවොට් 630ක ධාරිතාවයෙන් යුතු විදුලි බලාගාරයක් අවුරුදු 10ක පමණ කාලයක් ක්‍රියාත්මක කළ හැකි ස්වාභාවික වායු ඝණ අඩි කෝටි 30,000ක් පමණ පවතින බවටද තොරතුරු හෙළිවී තිබෙන බව අමාත්‍යාංශයේ නිලධාරීයෙක් ‘‘ලංකාදීපයට‘‘ පැවැසීය.
ගවේෂණය කර ඇති තෙල් හා ගෑස් නිධි ජාත්‍යන්තර තරගකාරී ලංසු කැදවීමේ ක්‍රමවේදය හරහා වාණිජ්‍ය කරණය සඳහා කටයුතු කරගෙන යන බවද එම නිලධාරියා කීවේය.
අනෙක් ප්‍රදේශවල තෙල් හා ගවේෂණ කටයුතු බහුසේවා පදනම මත විදේශ අයෝජකයින් සමඟ සම්බන්ධවී කරගෙන යන බව අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අලුත්ම කාර්ය සාධන වාර්තාවේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ වාසනාව.
විකුනමු.
අවුරුදු 15 තිස්සේ කියනවා, ගන්න බැරිද?
හැමදාම ඡන්දයක් කිට්ටුවෙනකොට ඔතන තෙල් නිධි , ගෑස් නිධි මතුවෙනවා, ඡන්දෙ ඉවරවුන ගමන්ම මේවා නිකන්ම වාෂ්ප වෙනවා.
මේවා ටිකත් විකුණලා දායි. එ්ත් කමක් නෑ ඉන්දියාවට චීනෙට දෙන්න එපා. දෙනවා නම් කැනඩාවට දෙන්න. ලෝකේ පරිසර හානියක් අඩුවෙන්ම තෙල්, ගෑස් කණින රටක් තමයි කැනඩාව. ඇමෙරිකාවට දුන්නොත් දේශපාලන මැදිහත්වීම් සහ බලවත් රටක් නිසා අපිට ඔවුන් කියන විදියට හැමදේම කරන්න වෙනවා. නමුත් මම හිතන්නේ සුදුසුම රට කැනඩාව කියලයි.
මොන තරම් තිබ්බත් අන්තිමට ඔක්කොම හොරා කාලා ඉවර කරලා දමාවි.. මැදපෙරදිග වගේ දියුණුවක් නම් දකින්නට නොලැබෙයි.
ඡන්දයක් ඇත
මන්නාරමෙන් තෙල් මතුවෙනවා කියන්නේ ලඟදීම ඡන්දයක් එනවා කියන එක තමයි..
මේ පේසාලේ තෙල්, මන්නාරමේ ස්වභාවික වායු ඔක්කොම දේශපාලකයින්ගේ මනස්ගාත අපි සමගි පෙරමුණ ආණ්ඩු කාලේ කට අැරගෙන හිටිය පේසාලෙන් තෙල් ගන්නකන් (සමහරු සිංදුත් කිව්වා මේක ගැන!!) ඇත්ත මේවායේ තෙල්, වායු තියනවා නමුත් "ඒකකයක් " එළියට ගන්න යන වියදම විකුණුම් මිලට වඩා හුඟක් වැඩියි. ඒ නිසා කවදාවත් මේවා එළියට එන එකක් නම් නැහැ.
ඕවා තියෙනවා නම්....... ඔය ටිකත් මොකක් හරි රටකට විකුණලා.... අපහු ඒ රටටම සල්ලි දීලා...ගමු. 2222 දි වත්.
මේක විකුණලා කොමිස් අරගෙන කීපදෙනෙක් විතරක් පොහොසත් වෙනවා වෙනුවට, දැන් ඔය අගමැතිතුමා කියන ගාල්ලේ හදන්න යන නව ක්‍රීඩාංගණයයි, ත්‍රිකුණාමලයේ හදන්න යන ගුවන්තොටුපොලයි දාන්න යන මුදල්වලින් මේ තෙල් හා ගෑස් නිධි අපිම හාරලා වෙළඳපළට විකුණුවා නම් මුළු ලංකාවම පොහොසත් වෙනවා නේද?
මේ ආණ්ඩුවෙන් කරන්නේ ඔක්කොම විකුණන්න හදන එක... ටික දවසකින් අපේ රටට ගැහැණු වැඩක් නැහැ.. ඒ අයවත් යවමු කියයිද දන්නේ නැහැ...
මේක විකුණලා හම්බවෙන කොමිස් මුදල ගැන නොහිතා, අත්‍යාවශ්‍ය නොවන වියදම් මේ නිධිය කැනීම් කටයුතු වලට යොදා ගත්තා නම් මොකද වෙන්නේ...?
ඉරානය කියන්නේ අපිට නිතරම උදව් කරන රටක්... ඕක වෙන්දේසි කරලා කොමිස් අරගෙන ඔයාලා විතරක් පොහොසත් වෙන්නේ නැතුව. ඉරානයෙන් උදව් අරගෙන මේ නිධිය අපිම ගොඩ අරගෙන අපි ඔක්කොම ගොඩ යමුකෝ... මගේ මෝඩකමට වැරදි දෙයක් කියා වුණාද මන්දා...
කට්ටියට කෙළ හැලෙනවා ඇති. මෙන්න ඊ ළඟ කුට්ටිය...
ඡන්දයක් අත ළඟ වගේ... ඊට පස්සේ ලසන්තටත්, තාජුදීන්ටත් පණිවිඩය අරින්න.
පසුගිය ජනාධිපතිවරණය සමයේ මන්නාරම් ද්‍රෝණියේ ස්වභාවික ගෑස් හා බනිජ තෙල් නිධි ඇති බවත් ලබන වසර වනවිට ඒවා ප්‍රයෝජනය ගැනීමට හැකි බවත් කිව්වේ ගවේෂණය නොකරද?
මෙය ඊළඟ ඡන්දයට දමන ගුණ්ඩුවක්... ඊළඟ ඡන්දෙදී මේ අයට බූ වල්ලෙන් තලලා එලවනවා ෂුවර්...
හැත්තෑව දශකයේ සිටම ඔය තෙල් ගෑස් තිබෙන බව කියනවා. නමුත් කවදාකවත් ඕවා ප්‍රයෝජනයට ගන්න බවක් නම් පෙනෙන්නේ නැහැ නේද? වෙන රටවල නම් සොයාගෙන වසර හතර පහකින් ප්‍රයෝජනයට ගන්නවා නිෂ්පාදනය කර...
මේවා වෙනස් වෙන්න පුළුවන් අර වාරයේ තිබුණු ගල වගේ මේ කරන්නේ පොදු මහජනයාගේ අවදානය වෙනතකට හරවන්න උප්පරවැට්ටියක්......