(නිමන්ති රණසිංහ)
වැලිකඩ බන්ධනාගාරය තුළ ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී රැඳවියන් 27 දෙනකු ඝාතනය වීමේ සිද්ධියට අදාළව රක්ෂිත බාරයේ රඳවා සිටි බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ලබන 07 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළව මෙතෙක් විමර්ශන අවසන්ව නොමැති අතර රස පරීක්ෂක වාර්තාද මෙතෙක් ලැබී නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd