සුජිත් හේවාජුලිගේ
ත්‍රිවිධ හමුදාව පදිංචිව සිටි උතුරු නැගෙනහිර ඉඩම් අක්කර 5160 ක් ගිය වසරේදී සාමාන්‍ය ජනතාවට බෙදා දී ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
ත්‍රිවිධ හමුදාව පදිංචිව සිටි උතුරු පළාතේ ඉඩම් අක්කර 4811 ක් ද නැගෙනහිර පළාතේ ඉඩම් අක්කර 349 ක් ද සාමාන්‍ය ජනතාවට ගිය වසරේ මෙසේ බෙදාදී තිබෙන බව ආරක්ෂක අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එහි අලුත්ම කාර්යසාධන වාර්තාවේ සඳහන් වෙයි.
සාමාන්‍ය ජනතාවට නිදහස් කෙරුණු ඉඩම් වලින් වැඩිම ප්‍රමාණයක් යුද හමුදාව පදිංචිව සිටි ඒවාය.එම ඉඩම් ප්‍රමාණය අක්කර 4981 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා උතුරේ මහා ඇමති එකක් කියනවා . සහෝදර සමාගම එකක්කියනවා. ආරක්ෂක අමාංශය තව එකක් කියනවා.