චමිල් රුපසිංහ
විශ්ව විද්‍යාලයේ සියලු පීඨ වසා දමා සිසුන් විශ්ව විද්‍යාලයේ පිටමං කර පාලනාධිකාරිය අත්නෝමතික ලෙස විශ්ව විද්‍යාල පරිශ්‍රයේ වටිනා ගස් කපා දමන බවට සිසුහූ චෝදනා කරති.
කොස්, මිල්ල, මාර, කැන්ද, ජෑම් ඇතුළු ගස් 137 ක් මෙම ව්‍යාපෘතිය යටතේ ගලවා ඉවත් කිරීමට නියමිතය.
මේ සම්බන්ධව අදහස් දැක්වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය උපුල් බී දිසානායක මහතා පවසා සිටියේ පේරාදෙණිය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ චීන රජයේ ආධාර මත ඇමැරිකානු ඩොලර් බිලියන 200 ක වියදමින් ඉදි කිරීමට යෝජිත ජල පර්යේෂණ විද්‍යාගාරයක් සඳහා අවශ්‍යය භූමිය සැකසීම පිණිස ගස් 137 ක් කපා දැමීමට අනුමැතිය ලබාදී ඇති බවයි.
සිසුන් අනවබෝධයෙන් කටයුතු කර ප්‍රශ්න ඇති කිරීමට යන බවත් මෙම විද්‍යාගාරය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ ස්ථාපිත කිරීමට හැකි වීම පිළිබඳ ඔවුන් සතුටු විය යුතුව බවත් ඒ මහතා සඳහන් කළේය.
අදාළ විද්‍යාගාරය ඉදි කිරීම පිණිස ගස් 137 ක් ඉවත් කිරීම ආරම්භ කිරීමත් සමඟ සිසුන් පිරිසක් එහි ගොස් ඊට විරෝධය දක්වා ඇත.
කොන්ත්‍රාත්කරු පාලක සභාව මගින් රුපියල් 280000.00 ක මුදලකට අදාළ ගස් ඉවත් කිරීම පිණිස තමන්ට ලබාදුන් අවසර පත පෙන් වීමෙන් පසු සිසුන් එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිලියනද? මිලියනද?
ආධාර මුදල ඇමරිකානු ඩොලර් "බිලියන" 200 නොව "මිලියන" 200 ක් විය යුතුයයි සිතමි. මෙවැනි දේට විරෝධය දැක්වීම මෝඩකමකි. මේ ජල පර්යේෂණ ඒකකය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ නොසාදා, මහවැලි ගඟ මත සදන්නට කියාද මේ සිසුන් යෝජනා කරන්නේ?
කරුණාකර පොලිසියට පැමිණිල්ලක් කරන්න. මෙය මාගේද විශ්ව විද්‍යාලයයි.
ඩොලර් බිලියන 200ක (ට්‍රිලියන 32) විද්‍යාගාරයක්? නාසා ශාඛාවක්ද?
මෙම විශ්ව විද්‍යාලයේ ඉදිකිරීම් පිළිබඳව නියම සැලැස්මක් තිබේ. එම සැලැස්මට අනුව ඉදිකිරීම් කළවිට ගස්කැපීම් අවම වේ. මොකක් හෝ රහසක් මෙහි තිබිය හැක. සරසවිය වසා දැමුවේ ඒ නිසයි.
සිරස්තලය පළකර ඇත්තේම සිද්ධිය පිළිබඳ අප්‍රසාදයක් ඇතිවන අයුරින්ම බව පැහැදිලිව පෙනෙයි. ඉඩමේ ඇති ගස් අවශ්‍ය පරිදි ඉවත් නොකර කුඩා ගෙයක්වත් සෑදිය නොහැකි බව කවුරුත් දන්නා කරුණක්...
කැළණියේ සරසවියෙත් ඔය වගේ සරසවිය තහනම් කලාපයක් කර විද්‍යාගාරයක් හදනවා කියා ගස් කැපුවා විශාල වශයෙන්. හැබැයි අද වෙනකන් හදපු එකක් නෑ. මේ වෙනකොට විශාල ගස් සංඛ්‍යාවක් කපලා හැබැයි පුදුමේ කියන්නේ හරිත සරසවිය කියලා නම්බුනාමයකුත් දීලා. ටොමියලා මේවා ගැන දන්නෑ . මතක තියාගන්න මේවගේ පරිපාලනය කරන මහත්තුරුත් ඉන්නේ ලංකාවේ අය කියලා. ඔවුන්ගේ වැඩ දන්නේ එතෙන්ට ගියපු අය. එ්කයි. හොඳ දෙයක් කරන්න ගියත් සිසුන් විමසිලිමත් වෙන්නේ.
ගස් කපා දැමීම නුවර පැත්තේ විනෝදයට කරන දෙයක් වගෙයි. ලඟදි නුවර වෙළඳපොල අසල ගස් ටිකත් කැපුවා. මේ කපන ගස් වලට වෙනත් ගස් හිටුවන්න කිසිම අදහසක් කාටවත් නැහැ.
ගස් 137 ක් වටින්නේ මේ ගානද? කොහෙත්ම වෙන්න නම් බැහැ. මෙතන වංචාවක්.
මෙතරම් ගස් කපල පරික්ෂා කරන්න ජලය ඉතිරි වෙයි ද?
ගස් කපා රටේ උල්පත් සිඳවා හදන ජල පර්යේෂණාගාරයට අනාගතයේදී ජලය ගෙන්න වෙන්නේ ගස් වවමින් සිටින ඩුබායි කාන්තාරෙන්.
සිසුන් දැනුවත් කර මේ යෝජනාව ක්‍රියාත්මක කල යුතුව තිබුණා.
ගස් කපලා දාලා මොන ජල පරික්ෂණ ද.. ගස් තිබෙන්න ඕනෙ නේද වතුර වුනත් රැදී තියෙන්න.. අනෙක් විද්‍යාගාරයක් නෙමේ මීට ලොකු දෙයක් හැදුවත් වැඩක් තියෙනවාද ගස් කපලා දාලා..
මෙවා දකින කොටත් කණගාටු හිතෙනවා. මැද පෙරදිග වගේ ගිහින් බලන්න ඔය උගත්තු , එ් අය කොච්චර ගස් කොලන් වලට අදරේ කරනවාද කියල. අපේ අයට අගයක් නෑ. හිතුමතේ කපල දනව. දවසක් එවි සල්ලි වල්ට අපිව ජිවත් කරන්න බැරි බව තේරෙන්න. එදාට ප්‍රමාද යි.
පාලක සභාවේ අනුමැතිය තිබෙනවා නම් ගස් කැපීමට නිසි අවසරය දී තිබෙනවා. සිසුන්ගෙන් අහලා ගස් කපන්න යන්න මොකද සිසුන් පාලනාධිකාරය නොවේ. ඒ වගේම සරසවිය වහන්නේ ගස් කපන්න නම්, මේ ගස් කැපීමට මිල කැඳවීම් කරන දින වනවිට සරසවිය වහන්න ලෑස්ති වෙලා තිබෙන්න ඕන. එහෙම එකක් නෑ. ඔය සිසුන්ම ඔය විද්‍යාගාරය නොහැදුවොත් ඊළඟට පිකට් කරන්නේ අහවල් විද්‍යාගාරය දියව් කියලා තමයි.
ගස් 137 ක් රුපියල් 280,000.00 කට. එක ගසක් රුපියල් 2043.80 යි. මේ ගානට අද ලෑලි අඩි 10 ක් වත් ගන්න බැහැ. මේකෙන් කවුරු හරි හොද කොමිසන් එකක් ගහල තියනවා. අපේ රටේ දල ජාතික නිෂ්පාදනය ඩොලර් බිලියන 8.5 යි. එතකොට මේ ආයෝජනය ඩොලර් බිලියන 200 යි. එකියන්නේ ලංකාවේ දල ජාතික නිෂ්පාදනය වගේ 23.52 ක්. එකියන්නේ අපේ රටේ අවුරුදු 23 ක අදායම. මේක අවුරුද්ධක් ඇතුලත අවසන් කලොත් ඩොලර් රුපියල් අනුපාතය ඩොලරයට රුපියල් 2.50 ක් වගේ වෙයි. මොන විහිළු කතාද මේ.