තම වැඩිමහල් සහෝදරියගේ ගෙල කපා මරා දමා සියදිවි හානි කර ගත් බවට සැක කෙරෙන ඇයගේ සහෝදරයාගේ ද සිරුර සොයා ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ ගෝවින්න රැටියල ප්රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ වැඩිමහල් සහෝදරිය වූ හිබුරගේ දොන් ලීලාවති (80) සහ හිබුරගේ දොන් සෝමපාල (75) යන ඇයගේ සහෝදරයා ය.
සිය සහෝදරයාගේ දරුවන්ගේ ගෙදර ඔවුන් පදිංචිව සිටි තිබේ. මියගොස් ඇති වැඩිමහල් සහෝදරිය හදිසි අනතුරක් හේතුවෙන් බොහෝ කාලයක් තිස්සේ එක් එක්තැන්වී සිටි අතර ඇයට සියලු සත්කාර සිදුකර ඇත්තේ සියදිවි නසාගෙන ඇති ඇයගේම සහෝදරයා බවට ද තොරතුරු අනාවරණය වී ඇත .
සියදිවි නසාගත් බාල සහෝදරයා විසින් තම වැඩිමහල් සහෝදරිය නිදාගෙන සිටි ඇඳ මත දීම ඇගේ ගෙල කපා මරණයට පත්කර ඔහු ද නිවස පිටුපස ගසක එල්ලී සියදිවි නසා ගැනීමට කටයුතු කර ඇතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම දුක්බර පුවතක්... මින් ඉදිරියට මෙවන් පුවත් ඇසීමට නොලැබේවා කියා මා ප්රාර්ථනා කරනවා. ඔවුන් දෙදෙනාටම නිවන් සුව පතමි.
නැති බැරිකමින් අන්ත අසරණ බවට පත්ව සිදුකර ගත් හානියක් සේ පෙනේ. මිනිසුන්ගේ අධික සුඛ විහරණය සඳහා යොදන බදු මුදල්, මෙවැනි මිනිසුන් රැක බලා ගැනීම සඳහා වැඩිහිටි නිවාස සැකසීම පිණිස යොදන්නේ නම් එය මහා පිනකි.
දුකයි මෙවැනි පුවත් ඇසීමත්.
පාලකයනි !!!!! අඩුම තරමින් යම්කිසි මුදලක් ගෙවන්න මෙවන් අසරණ මිනිසුන්ට . නුඹලාටද යම් දිනක මෙය සිදුවනවා .
වයසට ගිහින් එක්තැන් වුනාම මරාගෙන මැරෙන තත්වයක් ද අද උදා වෙලා තියෙන්නෙ...වැඩිහිටි සුබසාධනය මාරයි..! මෙහෙම ගියොත් කොහොමත් ඉස්සරහට වැඩිහිටි ජනගහනය වැඩිවෙන නිසා මහළු වුනාම සියදිවිහානි කරගන්න වෙන කාලයක් තමයි එන්නෙ...සැපයි නෙ..!
ඉතාමත්ම කණගාටුදායක පුවතක්, සමාජය පිරිහිල තරම් හිතාගන්නවත් බැහැ .දරුවො තමන්ගෙ දෙමවුපියන්ට නොසලකා හැරීම,පන්සල සමාජයෙන් ඈත්වීම,ප්රාදේශීය දේශපාලනය සමාජයට සේවය කිරීම හැර හොරකම විතරක් කිරීම මෙවැනි ශෝචනීය තත්වයන්ට මුලයි........
පාලකයන්ට සැප විදින්න, බදු ගෙවන ජනතාව අසරණ වූ විට රැක බලා ගැනීමට පරිපුරක ඇස්තමේන්තු අනුමත වන්නේ නැත.