( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
නියොජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කළ බවට සඳහන් චෝදනා පත්‍රයේ කෙටුම්පත නීතිපතිවරයා විසින් අද (30) ශ්‍රේෂ්ඨාධිකරණයට බාර දෙන ලදී.
නීතිපති වෙනුවෙන් අතිරේක සොලිස්ටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා විසින් එම චෝදනා පත්‍ර කෙටුම්පත අධිකරණයට බාර දෙන ලදී.
ඒ අනුව නියොජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා එරෙහිව ගොනුකර තිබෙන මෙම චෝදනා පත්‍ර කෙටුම්පත ඉදිරියට පවත්වා ගෙන යනවාද නැත්ද පිළිබඳව ලබන 8 වැනිදා සළකා බැලීමටද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
නියොජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කළ බවට සඳහන් කරමින් ගොනු කළ පැමිණිලි අගවිනිසුරු ප්රියසාත් ඩෙප් , විජිත් මළල්ගොඩ සහ එල් .ටී .බී.දෙහිදෙණිය යන විනිසුරු මඩුල්ල හමුවේ අද (30) කැඳවනු ලැබීය.
පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ ශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් අදාළ පැමිණිලි ඉදිරිපත් කර තිබිණි.
මෙම ප්‍රකාශය තුළින් මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාවගේ පවතින විශ්වාසය හීනවන බවත් ඒ හරහා රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් පැමිණිලිකරුවන් පවසයි.
මේ හේතුවෙන් රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා අධිකරණය හමුවට කැඳවා මේ පිළිබඳව විභාගයක් පවත්වා සුදුසු දඬුවම් පමුණුවන මෙන් ද පැමිණිලිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
ඡායාරූප - ළහිරු හර්ෂණ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලුවන් විසින් නටවනු ලබන රුකඩ බළල් අත් දෙකක් විසින් ඔබේ කට වැසීම සඳහා මේ නඩු පවරා තිබෙන බව පැහැදිලියි. සත්‍යය, යුක්තිය අගයන ජනතාව ඔබ සමගයි! ඔබට ජය වේවා!!!
මෙයා ඇත්තනේ කියල තියෙන්නේ . පුළුවන් නම් බලන්න අර සරත් .එන්. සිල්වා මහත්තයා 2015 ඡන්දෙට පෙර සහ දැන් කියන දේවල්. සහෝදර සමාගමේ නඩු අහන්න බය නිසා නඩු කාරයෝ පැනල යන්නේ නැද්ද? එක තමයි තිත්ත ඇත්ත.
නීතියේ සහ අධිකරණයේ අඩුපාඩු ගැන කතා කරන්න අයිතියක් නැද්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටවත්? අපේ අධිකරණ පද්ධතිය තවම ක්‍රියාත්මක වෙන්නේ යටත් විජිත යුගයේ විදිහට. සාමාන්‍ය ඉඩම් නඩුවක තීන්දුව දෙන්නත් අවුරුදු විස්සක් තිහක් ගත වෙනවා. අපරාධකාරයන්ට නිසි දඬුවම් ලැබෙන්නේ කලාතුරකින්. සල්ලි තියෙන දලකාරයෝ ලොකු ලොකු නීතිඥයෝ අල්ලලා පොලිසියට පගා දීල සාක්කි වෙනස් කරලා බේරෙනවා. හිරේ ගියත් බොරු ලෙඩ අරන් රෝහල්ගත වෙනවා. නිලධාරීන්ට සල්ලි දීල ඇතුලේ ඉඳන් සැප විඳිනවා. දුප්පත් මිනිහා පොල් ගෙඩියක් හොරකම් කරලා අහු වුනොත් බරපතල වැඩ ඇතිව හිරේ ගිහින් දුක් විඳිනවා. මේවා ගැන එළිපිට කතා කළොත් උසාවියට අපහස කළා කියල හිරේ දානවා.
ලංකාවේ නීතියක් කියලා එකක් තියෙනවාද? දන්න කෙනෙක් ඉන්නවා නම් කියලා දෙන්නකෝ...
අද රටේ ඇත්ත, යතාර්ථය කතා කරන්න බැරි තත්වයක් උදාවෙලා තියන්නේ. ලබන තුන්වෙනිදා රජයේ වෛද්‍ය සංගමය තමන්ට අදාළ නැති ඉල්ලෙම් මුල්කරගන වැඩ වර්ජනයට යනවා. මේකෙන් පීඩාවට පත්වන්නේ අහිංසක දුප්පත් රෝගීන්. රන්ජන් කතා කරන්නේ අසාධාරණයට, දුෂණයට, වංචාවට ඇරහිව. අනුන්ව බලයට ගෙන්න අද රන්ජන්ට විරුද්ධව උසාවි ගිහින් ඉන්න මේ උදවිය, වෛද්‍ය සංගමයේ අසාධාරණ වැඩ වර්ජනයටඑරෙහිව උසාවි නොයන්නේ ඇයි?
හිටපු අග විනිසුරුකරු වර්තමාන ජනාධිපති හමුවට පැමිණ, සර්ට ඕනේ විදියට තීන්දු දෙන්නම් කිව්වා නම්, අපේ අධිකරණ පද්ධතිය ගැන තවත් කුමන කතාද?