අනීශා මානගේ
මහවැලි අධිකාරියේ අගුණුකොළපැලැස්ස කාර්යාලයේ කොට්ඨාස කළමනාකාරවරයාට අල්ලස් ලබා දීමට උත්සාහ කළ චීන ජාතික පුද්ගලයකු අගුණුකොළපැලැස්ස පොලිසිය විසින් අද (30) අත්අඩංගුවට ගනු ලැබීය.
ලියුම් කවරයක දැමූ මුදල් අල්ලස් වශයෙන් ලබා දීමට උත්සාහ කිරීමේදී මහවැලි අධිකාරියේ නිලධාරිය විසින් මෙම චීන ජාතික පුද්ගලයාගෙන් අල්ලස් මුදල ලබා නොගෙන ඔහුව අගුණුකොළපැලැස්ස පොලිස් ස්ථානයට බාර දී තිබේ.
මෙම චීන ජාතිකයා අගුණුකොලපැළැස්ස ප්රදේශයේ ඉදිකිරීම් වැඩබිමක සේවය කරමින් සිටින අයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියමනක් තියෙනවා රෝමයට ගියහම රෝම කාරයෙක් වගේ ඉන්න ඕන කියල. චීන ජාතිකයා ඒ උපදේශය පිළිපැදල තියෙනවා. එච්චරයි.
ලංකාවේ පමණක් නොව ලෝකයේ ඕනෑම රටක චීනා ඕනෑම දෙයක් කරගන්නේ ඔය විදියට තමයි...
චීනා හිතාගෙන ඉන්නවා ඇත්තේ තවම පරණ කට්ටිය තමයි ආණ්ඩු කරන්නේ කියලා වෙන්න ඇති. අලුත් ආණ්ඩුවක් යටතේ අල්ලස් කොමිසම පත් කරලා දැන් ගිනි රාමෙට වැඩ කියලා පරණ යාළුවෝ චීනට කියලා දෙන්න නැතිව ඇති මගේ හිතේ...