මියන්මාරයේ ඇතිවූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් මේ වන විට 16000ක පමණ පිරිසක් අවතැන් වි ඇතැයි වාර්තා වේ.
නොකඩවා ඇද හැළුණු මෝසම් වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්ත්වය ඇතිවූ බව කාළගුණ අංශ පවසයි. ඉවත් කළ පිරිස් තාවකාලික රැඳවුම් ස්ථාන වල නවතා ඇත.
තායිලන්ත දේශසීමාවේ පිහිටි නැගෙනහිර කයින් පළාතට ගංවතුර දැඩිව බලපා ඇති බව පැවසේ.
වාර්ෂිකව මෙවැනි ගංවතුර තත්ත්වයන් ඇති වුවද මෙවර වෙනදාට වඩා විශාල ප්‍රදේශයක් යටවී ඇතැයි මාධ්‍ය වාර්තා කර ඇත.
ගිණිකොන දිග ආසියානු රටවල් වන පිලිපීනය හා ජපානයටද මෙම මෝසම් වැසි වලින් දැඩි බලපෑම් එල්ල විය.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd