(අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයට පෙර පළාත් සභා ජන්දය නැවැත්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ලිමේනතුව නියෝජනය කරන පක්ෂ නායකයින් අතර අද (26) පැවැති සාකච්ජාවකදී තීරණය විය.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම රැස්වීම පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ පළාත් සභා 09 කින් පළාත් සභා 07ක මැතිවරණය එකවර පැවැත්වීමට පවතින හැකියාව පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැති සකච්ඡාවේදී තීරණය විය.
උතුරු මැද, සබරගමුව හා නැගෙනහිර පළාත් සභා 03 හි නිළ කාලය අවසන්ව ඇති අතර මධ්‍යම, වයඹ හා උතුරු පළාත් සභාවන්හි නිල කාලය සැප්තැම්බර් මාසයේදී අවසන් වේ.
දකුණු පළාත් සභාවේද නිල කාලය ලබන වසර මුල දී අවසන් වීම හේතුවෙන් පළාත් සභා 07 ක මැතිවරණය පැවැත්වීමට රජයේ අවධානය යොමුව පවතින බවද වාර්තාවේ.
මීට පැවැත්වු ඡන්ද අනුව බස්නාහිර හා ඌව යන පළාත් සභා දෙකේ පමණක් නිල කාලය අවසන් වීමට ලබන වසරේ තවත් මාස කීපයක් ඉතිරිව පවතියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්ද නෙවෙයි පැහැදිලි ආර්ථික සැලැස්මක් ඇතිව වැඩක් කරලා පෙන්වන්න. මෙහෙම ගියොත් ඡන්දෙ දාන්න මිනිහෙක් ගෙන්නවා ගන්නත් දීමනාවක් දෙන්න වෙයි. ඒ තරමටම රටවැසියාට දේශපාලුවොත් ඡන්දත් එපාවෙලා.
ඕක ඉතින් අමුතුවෙන් තීරණය කරන්න දෙයක් නෑ නේ.
දැන් රනිල්ට ඕනේ විදියටද මැතිවරණ තියෙන්නේ. මේ රටේ නීතියක් නැද්ද
ජනපතිවරනයට - මහා මැතිවරණයට කලින්ද පස්සෙද කියන එක නොවෙයි ප්රශ්නය, නියමිත වෙලාවට තියන්න. ඉතිරිය ජනතාව බලාගනී.
ඔහෙලා ඡන්ද තිබ්බත් එකයි, අපිට නැතත් එකයි. ඔහෙලා රට කළත් එකයි, අපිට නැතත් එකයි. අපේ ලේ කෝප කරවන ඔය මූණත් තහඩු ටික පත්තරේ නොදා ඕනෑම දෙයක් කීවාට කමක් නැත.