(අංජුල මහික වීරරත්න )
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොල ඉන්දියාව සමඟ හවුල් සමාගමක් ලෙස පවත්වාගෙන යාමට ආරම්භ කිරීමත් සමඟ සුරියවැව ක්‍රිකට් ක්‍රිඩාංගණය ද ජාත්‍යන්තර ක්‍රිඩා පිටියක් බවට ලෙස ප්‍රවර්ධනය කිරීමට ඉන්දීය රජය අදහස් කරගෙන සිටින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
විශාල මුදලක් වැය කර ඉදිකරනු ලැබු සුරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේ දිවා මෙන්ම රාත්‍රී ක්‍රිකට් තරග පැවැත්වීමට පහසුකම් තිබීම සුවිශේෂිත්වයකි.
කොතරම් මුදල් වැය කළද සුරියවැව ක්‍රිකට් ක්‍රිඩාංගණයේ අඛණ්ඩව ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් තරග පැවැත්වීමට හැකි තත්වය උදාකර ගැනීමටත් මේ වන විට නොහැකිව පැවතිණි.
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉන්දිය හවුල සමාගමක් යටතේ පාලනය ඇරඹුනහොත් සුරියවැව ක්‍රිකට් ක්රිඩාංගණයද ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් තරග පැවැත්වීම අනවශ්‍ය පසුබිම් සකස් කෙරෙනු ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ශ්‍රී ලංකා ආණ්ඩුවට දැනුම් දීමක් කර පවතියි.
සුරියවැව ක්‍රිකට් ක්රිඩාංගණයද ජාත්‍යන්තර තරග පැවැත්වීමට පියවර ගැනීමත් සමගම කතරගම, හම්බන්තොට හා වැල්ලවාය කේන්ද්‍රකර ගනිමින් තරු මට්ටමේ හෝටල් රුසක් ඉදි කෙරෙනු ඇතැයිද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට සුරියවැව ඉන්දියාවේ කොටසක්ද. ලංකා රජයේ අවධානය මේකට නැත්ද..?
අපේ මිනිස්සුන්ට මේකෙන් ආදායමක් ගන්න බැරි උනාට ඉන්දියානුවන් අපුරුවට සල්ලි සොයාවි.
ඕවා ඒ කාලෙත් කිව්වා
මේ ආණ්ඩුවේ රට සංවර්ධනය කිරිමේ ප්‍රමුඛතම හා එකම උපාය මාර්ගය වෙලා තියෙන්නේ විකිණීම හා බදු දීමයී. ඒ නොහැකියාව වසා ගන්න කරන සැරසිල්ල තමයි සංචාරක කලාප ආයෝජන පුරවර වගේ කිසිම අර්ථයක් නැති වචන සමුහයක් ඒ නිවේදනය සමග දවටලා එවන්නේ.
දැන් ලංකාවේ ක්‍රිකට් පිට්ටනි ටිකත් ඉන්දියාවට දෙනවද? මේවා වැඩක් නැති ව්යපෘතිනම් ඉන්දියාව වගේ රටක් මේවා සල්ලි වලට ගනී ද? තව කලෙකදී අපිට මැච් එකක් ගහන්න ඉන්දියාවෙන් අවසර ගන්න වෙයි. ඉන්දියාවට, චීනයට මේවා ලාභ උපයන්න පුලුවන්නම් ඇයි අපිට බැරි? මේකෙන් පෙන්නේ අපේ නොහැකියාව මිසක් මේ ව්‍යාපෘති වල වරදක් නෙමෙයි.
මේක හොඳ අදහසක්!!! වැරදිලාවත් මත්තල හුළං තොටුපළට යනඑන අහස් යාත්රාගණන වැඩි වුණොත් අල්ලපු වත්තේ තියන සූරිය වැව ක්‍රිකට් පිට්ටනිය ගන්න පුළුවන්නේ. මාර මොලේ තමයි.