(ටී.කේ.ජී.කපිල )
උඩුවේ ධම්මාලෝක හිමියන් ‘මස්කට් නුවර හරහා ලන්ඩන් බලා පිටත්ව යෑම සඳහා අද (26) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත වැඩම කර , ඕමාන් ගුවන් සේවයේ ගුවන් යානයේ අසුන් ගෙන සිටියදී ,එම යානයෙන් බස්සවා නැවත පිටත් කර යැවු බව කටුනායක ගුවන් තොටුපොළ ආගමන-විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පවසයි.
උඩුවේ ධම්මාලෝක හිමියන් අද (26) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත වැඩම කර , විදෙස්ගත වීම සඳහා සියලු පරීක්ෂණ නිමවා උදෑසන 9.40 ට මස්කට් බලා පිටත්ව යන ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි. 376 දරණ ගුවන් යානයට වැඩමවා අසුන් ගෙන සිටියේය .
නමුත් උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව ගුවන් ගමන් තහනමක් පවතින බැවින් ආගමන - විගමන පාලක නිහාල් රණසිංහ මහතාගේ නියෝගයක් මත එලෙස ගුවන් යානායෙන් බැස්සවීමට සිදු වු බව ආගමන විගමන නිලධාරීන් සඳහන් කළේය.
උඩුවේ හිමියන්ට එරෙහිව පවතින ගුවන් ගමන් තහනම මෙම අගොස්තු මස 26 සිට ඔක්තෝබර් මස 12 දක්වා කාළය තුළ තාවකාලිකව ඉවත් කර තිබුණද , එයට පෙර මෙසේ ගුවන් ගතවීමට පැමිණීම මෙම සිද්ධියට හේතු වී ඇතැයි එම නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම කලබලයක්නේ තියෙන්නේ උඩුගුවනේ සැරිසරන්නට.....
එහෙම තහනමක් තියනවනම් ගුවන් තොටුපල ඇතුල්වන ස්ථානයෙන්ම හරවල යවන්න ගුවන් තොටුපළ නිලධාරීන් දැනුවත් වෙන්න ඕන. නැත්නම් ආගමන විගමන ගුවන්ගමන් බලපත්‍ර ස්කෑන් පරික්ෂාවේදී පරිගණක දත්ත වල සටහන් වෙන්න ඕන. ස්වාමීන් වහන්සේ නමක් යානයෙන් ඉවතට වැඩම කරවන එක බෞද්ධ රටක් විදියට අපිට ලැජ්ජාවක් සහ අපේ තාක්ෂණේ තියෙන්නේ ගල් යුගේ කියල දැන් ඕන හොරෙක් දන්නවා. මෙහෙම කී දෙනෙක් නම් අපරාද කරලා ලංකාවෙන් පැනල යනවා ඇද්ද?
මේ හාමුදුරුවෝ නිතරම ලන්ඩන් බහින්නේ ඇයි? දන්නා කෙනෙක් කියන්නකෝ එහෙන් නිවනට ලඟද කියලා අපිටත් යන්න.
ඔතන හිටපු එක්කෙනෙක්වත් දැනගෙන හිටියේ නැතිද මේ තහනම ගැන. ගුවන්යානය ඇතුලට යනකම් හිටියේ මේකට ක්‍රියාමාර්ගයක් ගන්න. එහෙම තහනමක් තිබුනානම් උන්වහන්සේගේ පාස්පෝට් අංකයට ගුවන්තොටුපලේ ජාලයේ රෙඩ් නෝටිස් දාලා තියෙන්ට ඕනේ. එහෙම කරලා තිබුනානම් මෙහෙම අපහසුවට පත්වෙන්නේ නැහැ. ඔතන ඉන්න අයගේ වැඩ නිසා තමා පාතාලයෝ, කුඩුකාරයෝ, කොටි සාමාජිකයෝ ලේසියෙන්ම රටින් පනින්නේ. මෙහෙම ජාලයට ඇතුල් නොකරන්නේ හිතාමතාම කියලා මම හිතන්නේ. මේක ගැන පරීක්ෂණයක් කරලා හොයන්න ඕනේ මොකද මෙහෙම වුනේ කියලා.
මෙතැනදී ජුලි 26 අගෝස්තු 26 කියල හිතල තමයි යන්න ඇත්තේ
මං හිතුවෙ ගුවන්ගත වුනාට පස්සෙ යානයෙන් ඉවතට වැඩම කෙරෙව්ව කියල.
තත්ත්වය එහෙමනම් හාමුදුරුවනේ අපි නීතියට ගරු කරමු එත් පාස්පෝර්ට් දෙකක ළඟ තබාගෙන අසුවුනු ගැහැණියට විරුද්දව නීතිය ක්‍රීයාත්මක නොවුනේ ඇයි කියා බණ දේශනා කරන විටදී පරසිද්දියේ අසන්න. ලංකාවේ ගෘහස්ථව අලියෙක් හැදුන වැඩුන පළමු අවස්ථාව මෙය නොවෙයි. පන්සලක අලියෙක් ඇතෙක් ජීවත්වීම අපේ බෞද්ධ සංස්කෘතියත් සමගම එ් නිසා එහි අරුමයක් බෞද්ධ අපිට පෙනේනේ නැත. නමුත් වෙනත් හේතුන් නිසා බුදාගමට පැමිණිවුන්ට මෙය සත්ව හින්සාවකි. එත් උන්ගේ ගෙවල්වල කූඩුවල දාගෙන දඩෝරි බල්ලන් ඇත.
උසාවි නියෝගය බලන්නේ නැතුව අවසර නැති දවසක රටෙන් පිට යන්න ගිහින් කරගත්තු මේ සන්තෑසියට බැනුන් අහන්න වෙන්නේ යහපාලනයට තමා. මේවා ආණ්ඩුව අපකීර්තියට පත් කරන්න හිතා මතාම කරන දේවල්ද දන්නෙත් නැහැ. උන්වහන්සේ දෙසා වදාරන ධර්ම දේශනා මෙන්ම අර උසාවි වලදී එහෙම දෙන " වොයිස් කට් " අහල තියෙන අපට හොඳහැටි තේරෙනවානේ ධම්මාලෝක ස්වාමින්වහන්සේගේ දේශපාලන නැඹුරුව කොයි පැත්තටද තියෙන්නේ කියල. නමුත් කටුනායක ගුවන් තොටුපොළ ගේට්ටුවේ ඉන්නා ආගමන-විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ධම්මාලෝක ස්වාමින් වහන්සේට රට යාමට අවසර නැති බවක් පිළිබඳව දැනුවත් කර නැද්ද කියන කියන එකත් ගේට්ටුවේ හිටි කෙනෙක් තහනම ගැන දන සිටියත් උවමනාවෙන්ම උන්වහන්සේට පිටත්ව යාමට අවසර දුන්නාද කියන එකත් තමා ප්‍රශ්න කල යුත්තේ. මොකද රාජ්‍ය නිලධාරින් සියලුදෙනාම යහපාලනයට අප්පුඩි ගහන අය නොවන නිසා.එහෙම බැලුවහම රට යන්න අවසර නැති ඕනෑම කෙනෙකුට ලේසියෙන්ම ලිස්සල යන්න ඇහැකිනේ.
පිටිගල මිලානෝ එතකොට අර විජයකලා කියන එක්කෙනා බරපතල ප්‍රකාශයක් කරලා ලන්ඩන් ගියේ. ඒවාට කෝ නීති. නීති තියෙන්නේ අලි පැටවා ලග තියාගත්තා එකටද? මේකනම් පුදුම මිනිස්සු ඉන්න පුදුම රටක්..
මනෝජ්, ගුණරත්න ඔබ දෙදෙනා හරි.
දැක්කද අපේ ගුවන් තොටුපල කොච්චර දුර්වල තත්වයකද තියෙන්නෙ. තහනමක් තියේනම් බලපත්‍ර පරීක්ෂාවෙදි අහුවෙන්න ඕන. මෙහෙම තමයි ඔක්කොම පාතාලයොත් රට පනිනවා ඇත්තෙ.
කිව්වත් වගේ ගුවන් යානයට ගොඩවෙනකන් කවුරුවත් දැනගෙන හිටියේ නැද්ද මෙවැනි අධිකරණ නියෝගයක් පනවලා තියෙන බව.මෙවැනි දේවල් මින් ඉදිරියට නොමවෙන්න දැන්වත් වගකිවයුත්තන්නේ ඇස් කන් ඇරෙනවානම් ලොකු දෙයක්.
නීතිය කාටත් එකයි. චෝදනා තියෙනවනේ.
මවගෙන් වෙන් කරලා කිරිදරු අලිපැටියෙක් හොරෙන් ඇති කරපු එක්කෙනා සුද්දන්ට බණ කියන්නද යන්නේ...? පන්සල්වලට එන සුද්දෝ 5ක් හොයාගත්තොත් ලොකුදෙයක්...