(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර දමන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පාදාගොඩ පස්වෙනි පාලම ප්‍රදේශයේ මිනියක් වළ දැමිම සඳහා වළක් කපමින් සිටියදි පැරණි ලෝහමය තැටි දෙකක් සහ පාත්‍රයක් වැනි දෙයක් හමුවී තිබේ.
මෙම වළ කපන අවස්ථාවේ මෙම භාණ්ඩ හමුවිමත් සමගම ගම් වැසියන් විසින් පුරාවිද්‍යා දෙපාර්මේන්තුවට දැනුම් දිමෙන් පසුව එම භාණ්ඩ අම්පාර පුරා විද්‍යා දෙපාර්මේන්තුව වෙත ගෙනවිත් තිබේ.
මෙම භාණ්ඩ පිළිබඳව නිශ්චිතව යමක් කිමට නොහැකි අතර මේවා පරීක්ෂණ සදහා පුරාවිද්‍යා දෙපාර්මේන්තුවේ කොළඹ ප්‍රධාන කාර්යාලයට යන බව නැගෙනහිර පුරා විද්‍යා අධ්‍යක්ෂක අරුණ කුමාර නිල්මල්ගොඩ මහතා පැවසීය
මෙම භාණ්ඩ හමුවු විගස එම ප්‍රදේශයේ ජනතාව පුරාවිද්‍යා දෙපාර්මේන්තුවට මෙය දැන්වීම පිළිබඳව ස්තුතිවන්ත වෙන බවද අරුණ කුමාර නිල්මල්ගොඩ මහතා පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාවණා රජතුමාගේ භාණ්ඩ විය හැකියි. වහාම මේවා අර රාවණා බලයේ අයිතිකාරයින්ට බාරදීම සුදුසුයි!