ඉස්ලාමාබාද්හිදීය (රොයිටර්)
මහ මැතිවරණයෙන් තමන් ජය ලබා ඇතැයි පාකිස්තානයේ විපක්ෂය නායක ඉම්රාන් ඛාන් අද (26) පස්වරුවේ ප්‍රකාශ කළේය.
වසර 22කට පසු සිහින මැවූ රට බිහි කිරීමට තමන්ට මෙවර ජනවරමක් ලැබී ඇතැයි ඉම්රාන් ඛාන් පැවැසීය. ඉම්රාන් ඛාන් කළ කතාව රූපවාහිනි නාලිකා කිහිපයක් ඔස්සේ ද විකාශය කෙරුණි.
අන් කවරාදකවත් නොතිබූ ආකාරයකින් පාකිස්තානය පාලනය කරන බවත් පාකිස්තානය දුප්පත් කමෙන් මුදා ගනිමින් එරට ඉදිරියට ගෙන යන බවත් ඉම්රාන් ඛාන් කීවේය.
පාකිස්තානය තුළ පිළිකාවක් මෙන් පැතිර තිබෙන දූෂණය නවතා දැමීම සඳහා පියවර ගන්නා බවත් එය රටේ ඉහළම තැන්වලින් ආරම්භ කරන බවත් රටේ නීතිය සැමට එක බවත් හෙතෙම කීය.
ඉදිරියේදී ප්‍රතිසංස්කරණ රැසක් සිදු කරන බව ඉම්රාන් ඛාන් ඉන්දියාව සමඟ තිබෙන අර්බුද විසඳා ගැනීමට කටයුතු කරන බව ද කීවේය.
“අප දෙසට එක් පියවරක් තබන්න. අපි ඔබ දෙසට පියවර දෙකක් තියනවා. අපේ අර්බුද විසඳාගන්න අපි සාකච්ඡා කළ යුතුයි” ඉම්රාන් ඛාන් ඉන්දියාවට පැවැසීය.
පාකිස්තාන මාධ්‍ය අනුව අද (26) පස්වරුව වනවිටත් ගණනය කරන තිබුණේ ඡන්දවලින් සියයට 50ක් වූ අතර ඉන් ආසන 120ක බලය හිමි කරගැනීමට ඉම්රාන් ඛාන්ගේ ‘ පාකිස්තාන් තරීක් ඊ ඉන්සාෆ් (පී.ටි.අයි) එසේත් නැතිනම් සාධාරණත්වය සඳහා වූ පාකිස්තාන ව්‍යාපාරය’ සමත්ව තිබිණි.
ආසන 446කින් සමන්විත පාකිස්තාන පාර්ලිමේන්තුවේ ආසන 342කින් සමන්විත පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 272ක් සඳහා මහ මැතිවරණය පැවැත්විණි.
පාකිස්තාන පාර්ලිමේන්තුවේ ආසන 104ක් සෙනට් සභිකයන් සඳහාත්, ආසන 60ක් කාන්තාවන් සඳහාත් ආසන 10ක් සුළු ජාතික කොටස් සඳහාත් වෙන් කරනු ලැබ තිබේ. මහ මැතිවරණය පැවැත්වෙන්නේ ඉතිරි ආසන 272 සඳහා පමණි.
ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඉන් ආසන 137ක බලය හිමි කරගත යුතු ව තිබේ. මේ අනුව පී.ටී.අයි පක්ෂයට බහුතර ආසන සංඛ්‍යාව දිනාගැනීමට නොහැකි වනු ඇති බවත් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට සිදුවනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
අද (26) සවස් වනවිට ප්‍රකාශයට පත් කර තිබු ප්‍රතිඵල අනුව දූෂණ චෝදනාවලට සිරගත වී සිටින හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ පී.එම්.එල්-එන් පක්ෂයට ජයග්‍රහණය කිරීමට හැකි වී තිබුණේ ආසන 61ක් පමණි.
වසර 1992 දී ලෝක කුසලානය දිනූ පාකිස්තාන කණ්ඩායමේ නායකයා ද වන ඉම්රාන් ඛාන් දේශපාලනයට පිවිසියේ 1996 වසරේදීය.
වසර 70ක පාකිස්තාන ඉතිහාසයේ කිසිදු ඡන්දයෙන් තේරී පත්වූ කිසිදු අගමැතිවරයකුට හෝ ආණ්ඩුවකට ධුර කාලය අවසන් කිරීමට නොහැකි විය. ඡන්දයෙන් තේරී පත්වූ සියලු අගමැතිවරුන් හමුදා කුමන්ත්රණවලින් හෝ අධිකරණ තීන්දු මගින් බලයෙන් පහ කෙරුණි.
ධුර කාලය අවසන් කළ එකම ආණ්ඩුව නවාස් ෂරීෆ්ගේ ආණ්ඩුව වන නමුත් නවාස් ෂරීෆ්ට ද තම ධුර කාලය අවසන් කිරීම නොහැකි විය. මෙවර බල හුවමාරුව සාමකාමී අයුරින් සිදුව වුවහොත් වසර 70ක පාකිස්තාන ඉතිහාසයේ එක් ආණ්ඩුවකින් තවත් ආණ්ඩුවකට සිවිල් බලය හුවමාරුවක් සිදුවන දෙවැනි අවස්ථාව මෙය වනු ඇත.
පාකිස්තානයේ සමස්ත ජනගහනය මිලියන 207ක් වන අතර ඉන් මිලියන 106ක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා තිබූහ. ජනගහනය අතින් පාකිස්තානය යනු ලොව හයවැනි විශාලතම රට වන අතර දකුණු ආසියානු කලාපයේ භුූ දේශපාලනයේදී ඉතා වැදගත් භූමිකාවක් රඟ දක්වයි.
055


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට එය ඉතා හොඳින් කල හැක. සුභ පැතුම්
ඔබට එය සිදුකළ හැකිය හොඳින් ...... සුභ පැතුම් ඉම්රාන්....
කාළයක් පකිස්ථානය දකුණු ආසියාවේ බලවත් රාජයක් ව තිබුණා.පසුගිය කාලේ විශේෂයෙන්ම නවාෂ් ෂෙරිෆ් ගේ පාලන කාළය තුල පකිස්ථානය ඉස්ලාම් තස්ත්‍රවාදී සංවිධාන වලට අභය භූමියක් ලෙස කටයුතු කල අතර එගින් ඔවුන්ද තස්ත්‍රවාදයේ ගොදුරක් බවට පත්විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව පකිස්ථාන තම මිතුරු රටක් ලෙස සැලකීමත්, ලංකාව තස්ත්රවාදයට එරෙහිව කල සටනේ පකිස්ථානයෙන් ලැබුනු සාහයත් නිසාත් අප දෙරට අතර සම්බන්ධතා වර්ධනය විය. පසුගියදා පැවතී පකිස්ථාන මහා මැතිවරණයෙන් ඉම්රාන් බාන්ගේ නායකත්වයෙන් යුත් පකිස්ථාන් ඉන්සාෆ් පක්ෂය ලද විශිෂ්ඨ ජයක්ග්හණයත් සමග තස්ත්‍රවාදය පරදා වංචාව හා දූෂණය පිටු දැක සාධාරණ හා සාමකාමි රටක් ලෙස පකිස්ථානය දකුණු ආසියාව තුළ ශක්තිමත් රටක් ලෙස ඉදිරියට රැගෙන ඒමේ ශක්තිය හා ධෛර්ය පකිස්ථානයේ නව රජයට ලැබේවා යයි පතමූ.
පාකිස්තාන මිනිසුන්ටත් මොලේ පෑදුනා. අපේ අයට කවද ඔලුව පෑදේයිද.
අසීමිත උනන්දුව සහ ඉවසීම මොහුගේ ජයග්‍රහණයේ රහසයි. ඔහුගේ අනන්‍යතාවයෙන්ම අවුරුදු 20 කට පෙර ආරම්භකල ප්‍රකාශයෙන් තරග කොට අන්ත පරාජ වලින් නොසැලී ඉදිරියටම ගමන්කල ඔහුගේ නාමය පකිස්තාන ඉතිහාසයේ නොමැකෙන සලකුනක් වෙනුඇත.
පකිස්ථානය යනු පරස්පරතා රැසකින් ගහන රටකි. අවාසනාවන්ත ලෙස භුමිය පිහිටා ඇති නිසා ඉස්ලාමිය අන්තවාදයේ ගොදුරක් බවට ඇතැම් පළාත් පහසුවෙන් පත්ව තිබේ. න්‍යෂ්ටික බලයට හිමිකම් කීවද දුප්පත්කම සහ නුගත්කම ඉහවහා ගොස් ඇති රටකි. ප්රජාතන්ත්රවාදය ඕනෑම මොහොතක කැඩී විසිරී යතහැකි රටකි. සැලකිය යුතු මිලිටරි බලයක් තිබුණද විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දුන් රටක්. එබදු රටක් යථාතත්වයට පත්කිරීම ටෙස්ට් තරග ක්‍රීඩා කිරීම තරම් පහසු නොවේ.
ලංකාවෙත් දැන් ඉන්නවා නියම සෙට් එකක්
අනේ ඉතින් අපිට ඉන්නේ බලයට එන්න කලින් ලෝකෙම සාක්කුවේ තියෙන ගානට කතා කරලා අන්තිමට රටේ තියෙන ජාතික වස්තු ටික කළමනාකරණය කරගන්න බැරිකම නොකියා ආයෝජනය කරනවා කිය කිය ලෝකෙටම විකුණලා දාල තව කයිවාරුත් ගහන දේසපාපකයෝ ටිකක්. ඊට පස්සේ අපිට අපේ අනාගත පරපුරට වෙන්නේ එළදෙනගේ ඔලුව බදාගෙන කන්න දීල අනිත් රටට කිරි ටිකයි ගොම පොහොර ටිකයි අරන් යන්න දීල හූල්ල හූල්ල ඉන්න.
ලංකාවේද අපි නාගානන්ද මහතා වැනි කෙනෙක් පත්කරලා බලමු.
අනේ! අපේ රටෙත් ක්‍රිකට් ක්‍රීඩා කල එවැනි මහත්මයෙක් දේශපාලන කරලියට පැමිණ මේ ප්රපාතයටම වැටිලා තියන රට ගොඩ ගන්නවා නම්??
බද්රානි අපේ රණතුංග සර් නරකද? ඛාන් මහත්මියට පස්සේ කප් එක ගත්තේ ඒ උත්තමයා නොවැ... අශෝකෙ ඉන්න අයට වතුවලට බෝලේ යන්නේ නැති වෙන්න නියම ඉලක්කයට බෝලය යොමු කරන්නේ කොහොමද කියලා.. එහෙම ස්වේච්ඡා වැඩමුළු එහෙමත් පැවැත්වුවා සිය පියා සමඟ එකතුව. නාහෙට නාහන කොල්ලන්ට ටොක්කක් දෙකක් ඇන්න බව ඇත්ත.
සුබ පැතුම් !!! ඔහු ඉගෙනුම ලැබුවේ බටහිරින් වුවද, අපේ අය වගේ කළු සුද්දෙක් වුනේ නැත.