බැංකොක්හිදීය (රොයිටර්)
දින 18කට ආසන්න කාලයක් උතුරු තායිලන්තයේ තාම් ලුවාං ගල් ගුහා සංකීර්ණයේ සිර වී සිට මුදාගත් දරුවන්ගෙන් 11 දෙනා අද (25) තාවකාලික පැවිදි දිවියට එළැඹුණාහ.
ඔවුන් මුදා ගැනීමේ මෙහෙයුමේදී ජීවිතක්ෂයට පත්වූ සමන් කුනාන් සිහිපත් කරමින් සහ තායිලන්ත සම්ප්‍රදාය අනුගමනය කරමින් ඔවුන් එලෙස තාවකාලික පැවිද්ද ලබාගත්හ.
ගල් ගුහාවේ සිර වූ දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු දැවැන්ත මෙහෙයුමකින් පසු මුදා ගැනීමට හැකියාව ලැබුණු අතර විදෙස් කිමිදුම්කරුවන් ඇතුළු කිමිදුම්කරුවන් 90 දෙනකුගේ සහභාගීත්වයෙන් එම මෙහෙයුම ආරම්භ වුණා. කිමිදුම්කරුවන්ට අමතරව තායිලන්ත සහ ජාත්‍යන්තර මුදා ගැනීමේ කණ්ඩායම් කිහිපයක්ම ඊට එක්විය.
දරුවන් 12 දෙනා ‘වයිල්ඩ් බෝර්ස්’ නැමැති පාපන්දු කණ්ඩායමක සාමාජිකයන් වන අතර ඔවුන්ගේ කණ්ඩායමේ 12 වැනි සාමාජිකයා වන 14 හැවිරිදි අදුල් සාම් ඕන් ක්‍රිස්තියානි භක්තිකයෙක් වූ අතර ඔහු මීට සහභාගී නොවීය.
උතුරු තායිලන්තයේ චින්ග් රායි පළාතේ වත් ප්‍රා තාත් දෝ තන්ග් විහාරස්ථානයේ දී මද වර්ෂාව මධ්‍යයේ දරුවන් 11 දෙනා පැවිදියට ඇතුළත් වූහ.
දරුවන් 11 දෙනා වෙනත් විහාරස්ථානයකට යෑමට නියමිත අතර එහිදි ඔවුන් දින නවයක් බුද්ධ ධර්මයේ ඉගැන්වීම් සහ ශික්ෂා පිළිපදිමින් කටයුතු කරනු ඇත. බුදුදහම යනු තායිලන්තයේ ප්‍රධාන ආගමයි.
ඔවුන් මෙලෙස ශික්ෂා පිළිපදිමින් කටයුතු කිරීම මගින් තායිලන්තයේ තාවකාලික පැවිද්ද සම්ප්‍රදාය අනුගමනය කෙරෙන අතරම දරුවන්ගේ ආරක්ෂාව පතා ඔවුන්ගේ මාපියන් කරන ලද පොරොන්දු ඉටු කිරීම ද සිදුවන බව පැවසේ.
එපමණක් නොව දරුවන් පැවිදි දිවියට එළැඹියේ ඔවුන් බේරාගැනීමට ගොස් මියගිය සමන් කුනාන් සිහිපත් කරමින් වීම ද විශේෂත්වයකි. සමන් කුනාන් යනු තායිලන්තයේ හිටපු ‘මරීන් කිමිදුම්කරුවෙකි’. ඔක්සිජන් හිඟවීම නිසා ඔහු ජීවිතක්ෂයට පත්විය.
055




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවන්ගේ ප්‍රාර්ථනාවන් ශාක්ෂාත් වේවා! මියගිය විරුවන්ට නිවන් සැප ලැබේවා! මුදාගැනීමට දායක වූ සැමදෙනාටම පින් සිදුවේවා!
පට්ට පල් බොරුවැඩ, මෙය මේ ආගමේ ධර්මතාවලට පටහැනියි.