(රන්ජන් කස්තුරි)
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය නවීකරණය කිරීම සඳහා ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් කෝටි 10 ක ණය මුදලක් ලබා දීමට තීරණය කර ඇත.
ශ්‍රී ලංකාවේ පොදු අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය නමින් වන ව්‍යාපෘතියක් සඳහා එම ණය ආධාර ලබාදීමට අදාළ ගිවිසුමට ලෝක බැංකුව නියෝජනය කරමින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ලෝක බැංකු අධ්‍යක්ෂිකා අයිඩා ස්වරායි රිඩ්ඩිහොග් මහත්මිය සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා අද (25) කොළඹ දී අත්සන් තැබුහ.
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ හදාරණ සිසුන් සඳහා විෂයධාරා පුළුල් කිරීම, කලා, කළමනාකරණ, විද්‍යා, තාක්ෂණ සහ වෘත්තීය විෂය ක්ෂේත්‍ර සංවර්ධනය කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ණය වාරික ගෙවාගන්න බැහැ කියකියා තියන වත්කම් ඔක්කොම විකුණනවා. දැන් මේකේ ණය වාරිකය ගෙවන්නේ ගෙවන්නේ අගමැතිතුමද? ..කිසිම ආර්ථික දැක්මක් නැති, ඉලක්කයක් නැති කළමනාකරණයක් දන්නේ නැති ආණ්ඩුවක් මේක.. දැන්වත් අපේ මිනිස්සු තේරුම්ගත්තොත් හොඳයි. මේවා විකුණන්නේ කොමිස් බලාගෙන නෙමේද කියලා.
අපි පත්කරගත් ආණ්ඩුව අපිටම එපා වෙන විදියට වැඩ කර අවසානයි. මේ අය වෙනුවන් අපිට බදු ගෙවන්නත් වුණා නොවැ.. මේ අයගේ මිතුරියන්ගේ බිලුත් අපිට ගෙවන්න වෙලාලු... කොකෙකුට ඡන්දය දීලා අපිට වුණු දෙයක් කියා මෙහෙ ජනතාව කියනවා..
නවීකරණය යනු තව තව අනලා දාන එක නොවේ. අද වෙනකොට ටියුෂන් නැතහොත්, අමතර පන්ති නැතිනම් ළමයා අනාතයි. කිසිම දියුණු රටක ටියුෂන් කියලා මෙහෙ වගේ පන්ති නැහැ. සිටින සියලුම දරුවන්ට තමාගේ මූලික අධ්‍යාපන මට්ටමින්ම ඉහළම තැනට යන්න පුළුවන්. මෙහෙ පහළ බාලාංශයේ සිට අමතර පන්ති... දේශපාලකයන්ගෙන් ඈත්වෙලා ළමා මනස, තාරුණ්‍යය හා සංස්කෘතිය ගැන හරි අවබෝධයක් ඇති අයවලුන් විසින් අධ්‍යාපනය නැවත සකස් කලොත් රටට අනාගතයක් තියෙයි.
සුළු ගානක්නේ. මගේ ගෙටත් කෝටි තුනක් ගියා...
මේ සල්ලි වලින් කල යුත්තේ පෞද්ගලික අධ්‍යාපන පද්ධතිය නවීකරණය කිරීමක්. මේ කියන්නේ ටියුෂන් පන්ති නොවෙයි. එතකොට අඩු වශයෙන් ණය මුදලෙන් කොටසක් හරි ගෙවා ගන්න පුළුවන්.