(රන්ජන් කස්තුරි)
මුල්‍ය ආයතනයක් ලෙස පවත්වාගෙන ගිය ‘‘ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ්‘‘ ආයතනයේ බලපත්‍රය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අද (25) අවලංගු කරන ලදී.
බලපත්‍රලාභී මුදල් සමාගමක් ලෙස පවත්වාගෙන ගිය ද ස්ටෑන්ඩඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය 2008 වසරේ සිට මුල්‍ය අර්බුදයකට ලක්වූ අතර ඉකුත් වසර දහයක කාලය පුරාම තැන්පත්කරුවන්ට සිය තැන්පත් මුදල් නැවත ගෙවීමට නොහැකි වී ඇතැයිද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
‘‘ද ස්ටෑන්ඩඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ්‘‘ ආයතනයේ බලපත්‍රයට අමතරව කල්බදු මුල්‍ය කටයුතු කර ගෙනයෑමට ලබාදී තිබූ ලියාපදිංචි සහතිකයද අවලංගු කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි ව්‍යාපාරික ආයතන කඩා වැටනකම් බලා ඉදලා බලපත්‍රය අහෝසි කරනවාට වැඩිය යමක් මහා බැංකුවට කරන්න බැරිද? අඩුම ගානේ තැන්පත් භාර ගැනීමේ සිමාවක් ඇති කලා නම් එයින් තැන්පත්කරුවන්ට වන බලපෑම අවම කල හැකිව වන අතර මුල්‍ය සමාගම් වලට තිබෙන පීඩනය එමගින් අඩු කීරීමට හැකිවනු ඇත.
මේ ආයතන සියල්ලම පරිගණක ගත කරලා නෙට්වර්ක් එකක්ලෙස තිබුනානම් ඉතාම පහසුවෙන් මහා බැංකුවට පුළුවනි යම්කිසි කඩාවැටීමක් අනාගතයේදී සිදුවෙයි කියලා සුදානම් වන්නට එහෙමත් නැතිනම් කඩාවැටෙමින් පවතින ආයතනයේ පරිපාලනය තමන් යටතට පත්කරගන්නට. නමුත් අපේ රටේ සියලුම මුල්‍යායතන පුද්ගලිකත් ඇතුළුව පරිගණක ජාලයකට සම්බන්ධ කරලාද කියා හිතන්නට අමාරුයි...
මහා බැංකුව හොර ගුහාවක්. ඒක නිසා තමයි මේ තැන්පත්කරුවන් අමාරුවේ වැටෙන්නේ
මහ බැංකුව වැටෙන්න යන ආයතන ගොඩගන්න ක්‍රියා කලයුතුයි. වසර 10ක් තිස්සේ මේ ආයතනය මුල්‍ය අර්බුදයක තිබුනා නම්, මහ බැංකුව ඒක දැනගෙන හිටියානම්, මෙච්චර කල් පොල් ගෑවද? දැන් මේ තැන්පත් කරුවන්ට ආපසු මුදල් ගෙවීම මහ බැංකුව සතු වගකීමක්, මොකද මිනිස්සු තැන්පත් කලේ මහ බැංකුව අනුමත කල මුල්‍ය ආයතනයක නිසා.
රටේ බොහොමයක් මුල්‍ය ආයතන මේ වන විට පවතින්නේ දැඩි මුල්‍ය අර්බුදයක. රජයේ ආර්ථික වැඩපිළිවෙලේ ප්‍රතිපල තමා.
2008 වසරේ සිට මුල්‍ය අර්බුදයකට ලක් වෙලා තිබුන නම් මෙපමණ කලක් බලා ගෙන් උන්නේ මොකද බලපත්‍රය අහෝසි කරන්න. මෙම අවුරුදු දහය තුල මහා බැංකුව එක්කෝ මෙම ආයතනය හරි මගකට යොමු කරනවා නැත්නම් මුලදීම බල පත්‍රය අහෝසි කරනවා. මෙම ආයතනයේ වෙබ් පිටුව තවමත් හොඳට තිබෙනවා.
ලංකාවේ මේ මූල්‍ය ආයතන වලට බලපත්‍ර දෙන ක්‍රියා පටිපාටිය කෙසේද කියා නම් දන්නේ නැහැ. වෙනත් රටවල නම් එම මූල්‍ය ආයතනයේ ක්‍රියාකාරකම් බලා එයට සරිලන බැංකු සුරැකුම් ඇපයට තැබිය යුතුයි. එසේ කරන්නේ අගතියට පත් අයට යම් සාධාරණයක් මහා බැංකුව මැදිහත් වී ඉටු කිරීමට. ලංකාවේ අගතියට පත් අයට මහා බැංකුව මගින් ගෙවීමක් වෙනවද කියා නම් දන්නේ නැහැ. එසේ වෙනවනම් එයට මහජන මුදල් නොව ඒ ඇපයට තබා ඇති ඇපකර මුදල් කර ගෙවීමක් සිදුවිය යුතුයි. පසු ගිය වසර 10ක් කාලයට මෙවැනි දේ බොහෝ රට තුල සිදු විය. එයින් අපේ ජනතාවත් පාඩමක් ඉගෙන ගත යුතුයි. දැනුවත් විය යුතුයි. අවසානයේ රජයට බලපෑම් කරනවට වඩා රජයේත් මුදල් නැහැ මේවට ගෙවන්න. අවසානයේ ඒක දේශපාලනය කර ගන්න බලාන ඉන්නවා තවත් කොටසක් මාධ්‍ය ආයතන වල ලොකු වගකීමකුත් තියනවා මේවා වලක්වන්නත් ......
කොහොමින් හරි මේ මුදල් රජයෙන් ගෙවන්න එපා.. මොකද ජනතාවගේ බදු මුදල් වලින් එසේ කිරීම අසාධාරණයි. මේ තැන්පත්කරුවන් අදාල මූල්‍ය ආයතනවල මුදල් තැන්පත් කරන්නේ ඒ අවදානම අරන් වැඩි පොලියක් ලැබෙන නිසා මේ අයගේ මුදල් අදාල සමාගමෙන් නීත්‍යානුකූලව ලබා ගැනීමට පමණක් සහය ලබා දෙන්න. නැතිනම් පුද්ගලික මූල්‍ය සමාගම් කඩා වැටෙන කොට ඒවායේ බරත් ජනතාවට දරන්නයි වෙන්නේ...