(රංජන් කස්තුරි සහ ශිරාන් රණසිංහ)
ගුරු හා විදුහල්පතිවරුන් හෙට (26) ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු සංකේත වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ.දේශපාලන පලිගැනීම්වලට ලක්වුවන් බව කියමින් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් 1014 දෙනෙකුට නීතිවිරෝධී ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළ තනතුරු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කරමින් සිටින බව කියමින් ඊට විරෝධය දැක්වීම සඳහා ගුරු හා විදුහල්පති වෘත්තීය සංගම් ගණනාවක් ඒකාබද්ධව හෙට (26) සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබිණි.
අධ්‍යාපන ඇමැතිවරයා දේශපාලන පලිගැනීම් මුවාවෙන් දේශපාලන හිතවතුන් පිරිසකට අධ්‍යාපන පරිපාලන සේවයේ සහ විදුහල්පති සේවයේ ඉහළ තනතුරු ලබාදීමට යන බවට එම වෘත්තීය සමිති දිගින් දිගටම චෝදනා කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරුවරුන් හිටියා තමන්ගේ ශක්තිය පෙන්නන්න ගුරු සංගම් නායකයො ඒක පාවලා දුන්නා