( රංජන් කස්තුරි)
දේශපාලන පළිගැනීම්වලට ලක් වු අධ්‍යාපන ක්ෂේත්‍රයේ 1014 දෙනකුට අධ්‍යාපන පරිපාලන සේවයේ සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ ඉහළ තනතුරු ලබා දීම ජනාධිපතිවරයාගේ නියෝගයෙන් අත්හිටුවා තිබේ.
දේශපාලන පළිගැනීමවලට ලක්වු 1014 දෙනකුට ඉහළ තනතුරු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු යොදා තිබු අතර ඒ සම්බන්ධයෙන් ගුරු හා විදුහල්පති සංගම් දිගින් දිගටම විරෝධය දැක්වීය.
අධ්‍යාපන අමාත්‍යංශ කමිටුවක් මගින් තෝරාගත් දේශපාලන පළිගැනීම්වලට ලක් වුවන් බව කියන ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ගේ පෞද්ගලික ලිපි ගොනු පරීක්ෂා කිරීමටත් ඔවුන් සැබැවින්ම දේශපාලන පළිගැනීම්වලට ලක්වුවන්දැයි සොයා බැලීමටත් ජනාධිපතිවරා උපදෙස් ලබා දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
19 වන ව්‍යවස්ථා සංශෝධනයත් සමග අපේ ජනාධිපතිතුමා දත් ගලවපු, කඩපු කොටියෙකුගේ තත්වයට පත් වෙලා තියෙනවා. එතුමාගේ මොන අත්හිටුවිල්ල වුණත් අගමැතිතුමා ඇතුළු ඇමතිවරු ටික විසින් බොහොම ඉක්මණට තමන්ට ඕනෑ විදියට ආපසු කරකවාගෙන කරගෙන යනවා. ඊට පස්සේ ජනාධිපතිතුමාත් සද්ද නැතුව පාඩුවේ ඉන්නවා. ඔන්න අපි දැන් බලන් ඉඳිමු වෙන්නේ මොකද කියලා...
එක ආණ්ඩුවක් බලයට ආවාම තමන්ගේ අයට උසස්වීම් හා පහසුකම් සහිත ප්‍රදේශවලට මාරුවීම් විපක්ෂයේ අයට උසස්වීම් අත් හිටුවීම හා දුෂ්කර පළාත්වලට මාරුවීම්. මේ නරුම ක්‍රමයවත් නවත්වන්න මේ ආණ්ඩු එකකටවත් බැරි වුණා. ඒ වුණාට වේදිකාව උඩට ගියාම රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න ඵලදායිතාවය වැඩි කරන්න පම්පෝරි ගහනවා. අඩුම ගානේ රාජ්‍ය සේවකයාට නිදහස් මානසිකත්වයකින් තමන්ගේ රාජකාරිය කරන්න හැකි වටපිටාවක් නිර්මාණය කරනතුරු හා දේශපාලන ඇඟිළි ගැසීම් පවතිනතුරු මේ රට මෙහෙමම තියේවි...
සොයාබලා නුසුදුස්සෝ ඉන්නවා නම් ඉවත්කළ යුතුයි. කලකට පෙර අපේ නැන්දා කෙනෙකුට ගුරු පත්වීමක් ලැබුණා බදුල්ලට දුෂ්කර සේවයට. එසේ ගිහින් වසරක් පමණ යනවිට නැන්දා එම පාසලේ සිටිය පුහුණු ගුරුවරයෙකු සමග යහළු වී කසාද බැන්දා. ඒ මාමාට උපාධියක් නැහැ කියා අපේ සමහර නෑදෑයෝ වැඩි කැමැත්තක් දක්වුයෙත් නැහැ. නැන්දගේ දුෂ්කර සේවාකාලය අවසන්වුවට පසු දෙන්නම ආපසු ගමට අවා ස්ථාන මාරු ලබාගෙන... ඔන්න 1994 ආණ්ඩු පෙරළියෙන් පසු දේශපාලන පලිගැනීමට ලක්වූවන්ට උසස්වීම් දෙනකොට මාමටත් පරිපාලන සේවයේ 2 ලැබුණා. මාමා කරලා තියෙන්නේ තම කැමැත්තෙන් ලබාගත් මාරුව දේශපාලන පලිගැනීමක් වශයෙන් පෙන්වීමයි. සමහරු කිව්වා මාමා හොඳ මොලකාරයෙක්. බින්න බහින්න තම කැමැත්තෙන් ලබාගත් මාරුව දේශපාලන වාසි ලබාගැනීමට යොදාගත්තා. තනතුර ලැබුණාට පස්සේ මා දුටු එකම වෙනස ටයි පටියක් පැළඳගෙන වැඩට යන එක පමණයි. එ් නිසා මා හිතනවා ගුරුවරු ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිටින 300000 පමණ පිරිසෙන් 1014 කට තනතුරු දුන්නට ඔය සුළු පිරිසකට අධ්‍යාපනයේ දියුණුවට හෝ පිරිහීමට කිසිවක් කරන්න පුළුවන් කියා...
ඕනෑම දෙයක් බ්ලොක් වුණා හරි, බකල් වුණා නම් අපේ ජනාධිපතිතුමා එතන ඇති...
ඡන්දෙන් පැරදුණු හෙන්චයියන්ට ඇමැතිකම් දීපු එකත් මේ පත්වීම් දීපු හැටිත් අතර මට නම් වෙනසක් පේන්නේ නැහැ...
කේ.ඩී.යූ. එකටත් උ.පෙ නැති 54ක් ගිහින් කියලා කියනවා. සයිටම් එකෙන්... එහෙම නම් ඕක මොකක්ද?
උපාධියක් තිබුණට වැඩක් නැහැ.. තමන්ගේ රාජකාරිය හරියට ඉෂ්ට කරගන්න බැරිනම්. අද පාසල්වලට උදාවෙලා තියන තත්ත්වය දැක්කාම.. මෙයාලගේ උපාධියයි, පණ්ඩිතකමයි මොකටද කියලා හිතෙනවා..?
මහජනතාව දිගින් දිගටම රැවටීම අද ප්‍රබල දේශපාලන කලාවක් වෙලා...
මගේ දරුවෝ දෙන්නා හෙට ඉස්කෝලේ යවනවද නැද්ද. ගුරුවරු ඒවිද, දරුවෝ ඒවිද, අන්තිමට කරපු දෙයකුත් නැහැ. පාඩුව දරුවන්ට
චන්දන, මටත් තියෙන ප්‍රශ්නයක්. සෑහෙන්න වතුර බොන්න ඕනේ ප්‍රශ්නයක්. මේ උද්ගෝෂණ හීනමානය තුරන් වෙන්න.
මේ දේශපාලන පලිගැනීම් තියෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ විතරද? අනෙකුත් අමාත්‍යාංශවල මෙහෙම විගඩම් නැහැනේ. ඕන දෙයක් ගණන් නොගෙන කොරන්නේ අධ්‍යාපනයේමයි.
දැන් මෙහෙම කලාට තව ටික දවසකින් අනුමත කරයි තෙල් මිල වැඩි කලා වගේ. මොකද කට්ටිය මතක් කරලා දෙයි මෙයාව පත්කළේ කවුද කියල.