( රංජන් කස්තුරි)
දේශපාලන පළිගැනීම්වලට ලක් වු අධ්‍යාපන ක්ෂේත්‍රයේ 1014 දෙනකුට අධ්‍යාපන පරිපාලන සේවයේ සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ ඉහළ තනතුරු ලබා දීම ජනාධිපතිවරයාගේ නියෝගයෙන් අත්හිටුවා තිබේ.
දේශපාලන පළිගැනීමවලට ලක්වු 1014 දෙනකුට ඉහළ තනතුරු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු යොදා තිබු අතර ඒ සම්බන්ධයෙන් ගුරු හා විදුහල්පති සංගම් දිගින් දිගටම විරෝධය දැක්වීය.
අධ්‍යාපන අමාත්‍යංශ කමිටුවක් මගින් තෝරාගත් දේශපාලන පළිගැනීම්වලට ලක් වුවන් බව කියන ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ගේ පෞද්ගලික ලිපි ගොනු පරීක්ෂා කිරීමටත් ඔවුන් සැබැවින්ම දේශපාලන පළිගැනීම්වලට ලක්වුවන්දැයි සොයා බැලීමටත් ජනාධිපතිවරා උපදෙස් ලබා දී තිබේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.